තියුණු සටනකින් පසු මහනුවර ක්‍රීඩා සමාජය සමඟ නිත්තවෙල ක්‍රීඩාංගණයේ පැවති රග්බි තරගය, එක් ලකුණකින් ජය ගන්නට බහරේන් රග්බි පාපන්දු සමාජය සමත් විය.
ක්‍රීඩාලෝලීන් හට අනර්ඝ රග්බි අත්දැකීමක් තිළිණ කළ මේ තරගය බහරේන් කණ්ඩායමේ ඉදිරිපෙළ සහ මහනුවර කණ්ඩායමේ පසුපෙළ ක්‍රීඩකයන් අතර සටනක් ලෙස ද හැඳින්විය හැකිය.
මිනිත්තු 80ක් අවසානයේ ලකුණු පුවරුව 24-23ක් ලෙස සටහන් වූ අතර පළමු අර්ධය අවසන් වන විට බහරේන් රග්බි පාපන්දු සමාජය ලකුණු 4ක් ඉදිරියෙන් සිටියේ 17-13ක් ලෙසයි.
කරට කර තරගයේ ජය පැරදුම සමව බෙදී යයි
බටහිර ආසියානු කුසලාන රග්බි තරගාවලියේ තවත් තරගයක් මහනුවර නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී අද (15) පැවති අතර, තරගය ජය පරාජයෙන් තොරව නිමාව දුටුවේය.
මහනුවර කණ්ඩායම වෙනුවෙන් නැවත තරග බිමට පිවිසි නායක ගයාන් වීරරත්න චතුර සෙනෙවිරත්න වෙනුවට දෙවන සෙන්ටර් ස්ථානය වෙන් කර ගනිද්දී, ස්ක්‍රම් හාෆ් ස්ථානය සඳහා තරගය ආරම්භ කිරීමට යොදා ගැනුණේ යොවුන් ක්‍රීඩක හෙෂාන් ජැන්සන්වයි. බහරේන් කණ්ඩායම වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ ක්‍රීඩකයා ලෙස ප්‍රොප් ෆෝවඩ් ක්‍රීඩක ඩේවිස් ටුයි හඳුන්වා දිය හැක.
තිළිණ විජේසිංහ පිටියේ වම් පස මීටර් 30ක් පමණ දුරින් සිට එල්ල කළ දඬුවම් පහරක් මගින් තරගයේ ලකුණු පුවරුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුවත්, දර්ශනීය ක්‍රීඩා විලාශයක් පෙන්නුම් කළ බහරේන් කණ්ඩායමේ සාමූහික උත්සාහයක් රිචර්ඩ් මන්කැස්ටර් ලකුණු බවට පත් කිරීමත් සමඟ තරගයේ පෙරමුණ ගන්නට ඔවුන්ට හැකියාව ලැබුණි. එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය සාර්ථකව එල්ල කළේ ඉවාන් පිලිප්ස් විසිනුයි. (බහරේන් 07 – 03 මහනුවර)

මහනුවර කණ්ඩායම වහාම ප්‍රතිචාර දැක්වූයේ අනුරුද්ධ විල්වරගේ විශිෂ්ට උත්සාහක දිනුමක් හරහායි. ජමාල්ඩීන්ගෙන් ලද පන්දු යොමු කිරීම සුරැකිව ලබාගත් විල්වර ප්‍රතිවාදී ආරක්ෂකයන් 5 දෙනෙකු පමණ පසු කරමින් ගෝල සීමාව වෙත ළඟා වූ අතර තිළිණ විජේසිංහ දර්ශනීය ප්‍රවර්තනයක් එල්ල කරමින් ලකුණු පරතරය නැවත 4 දක්වා පහත දමා ගන්නට සමත් විය. (බහරේන් 14 – 10 මහනුවර)

කෙසේ වෙතත් පළමු අර්ධය අවසන් වීමට පෙර තරගයේ පාලනය තමන් සතු බව පෙන්නුම් කළ බහරේන් රග්බි පාපන්දු සමාජය තවත් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර මෙවර එහි හිමිකරු බවට පත් වුනේ මාක් බර්නල්. ඉවාන් පිලිප්ස් තම තුන්වන ප්‍රවර්තනයත් සාර්ථක කර ගනිද්දී පළමු අර්ධය නිමා වුනේ ලකුණු 24 – 13ක් ලෙසයි.
පළමු අර්ධය – මහනුවර ක්‍රී. ස. 13 – 24 රග්බි පාපන්දු සමාජය
දෙවන අර්ධය ආරම්භ වීමත් සමඟ ප්‍රබල ලෙස තරගයට අවතීර්ණ වූ මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් නැවත වරක් ක්‍රියාත්මක වූ අනුරුද්ධ විල්වර ප්‍රතිවාදී විංග් ත්‍රී ක්වාටර් ක්‍රීඩකයා වටා දිව යමින් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය සාර්ථක නොවීය. (බහරේන් 24 – 18 මහනුවර)

මහනුවර කණ්ඩායමේ ඇතැම් දුර්වලතා මනාව ප්‍රයෝජනයට ගත් බහරේන් ක්‍රීඩකයන් තරගය අවසානය දක්වාම මෙම එක් ලකුණක වාසිය රඳවා ගැනීමට සමත් විය. පන්දුව පිටිය තුලට විසි කිරීමට මහනුවර කණ්ඩායමට ලැබුණු අවස්ථා අතුරින් අවස්ථා 8ක් පමණ අසාර්ථක වීම කැපී පෙනුණු අතර දමිත් 
මේ අනුව බටහිර ආසියානු ශූරතා තරගාවලියේ ජයග්‍රහණය හිමි වුනේ බහරේන් කණ්ඩායම පරාජය කිරීමටත් මහනුවර කණ්ඩායම සමඟ තරගය ජය පරාජයෙන් තොරව අවසන් කරන්නටත් සමත්ව වූ අබු ඩාබි හාර්ලික්වීන්ස් කණ්ඩායමටයි.
අවසන් ප්‍රතිඵලය – මහනුවර ක්‍රී. ස. 23 – 24 බහරේන් රග්බි පාපන්දු සමාජය
ThePapare.com තරගයේ වීරයා – ඩේවිස් ටුයි (බහරේන් RFC)
ලකුණු ලබාගත් ක්‍රීඩකයන්
මහනුවර ක්‍රී. ස.
- අනුරුද්ධ විල්වර (උත්සාහක දිනුම් 2)
- ගයාන් වීරරත්න (උත්සාහක දිනුම් 1)
- තිළිණ විජේසිංහ (ප්‍රවර්තන 1, දඬුවම් පහර 1, ඩ්‍රොප් ගෝල 1)
බහරේන් රග්බි පාපන්දු සමාජය
- ඩේවිස් ටුයි (උත්සාහක දිනුම් 1)
- මාක් බර්නල් (උත්සාහක දිනුම් 1)
- රිචර්ඩ් මන්කැස්ටර් (උත්සාහක දිනුම් 1)
- ඉවාන් පිලිප්ස් (ප්‍රවර්තන 3, දඬුවම් පහර 1)
තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න –රග්බි ක්‍රීඩා පිටුවට






















