මෙරට සංචාරයේ නිරත ජපාන ක්‍රිකට් කණ්ඩායම සහ බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South Outer කණ්ඩායම අතර (06) දා මග්ගොන Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් කඩුලු 9ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ජපාන කණ්ඩායම සමත් වුණා.
මෙම සංචාරයේ දී මේ දක්වා ඔවුන් තරග 4කට මුහුණ දී ඇති අතර ඉන් ජයග්‍රහණය කළ 2 වැනි තරගයයි මේ. ඔවුන් ඊට පෙර බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South කණ්ඩායමට එරෙහි ව කඩුලු 4ක ජයග්‍රහණයක් ලබා ගත්තා.
කාසියේ වාසිය දිනා ගත් බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South Outer කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම දෙනා දැවී ලකුණු 129ක් ලබා ගත් අතර කඩුල්ලක් පමණක් දැවී එම ඉලක්කය සපුරා ගත්තා.
මෙම තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ Reo Sakurano, Esam Rahman, Lachlan Yamamoto-Lake, Charles Hinze, Makoto Taniyama, Abdul Samad, Shoma Sugaya – Slater සහ Reo Sakurano වෙනුවට Kendel Kadowki Fleming, Ibrahim Takahashi, Kazuma Kato – Stafford, Sabaorish Ravichandran, Kohei Kubota, Piyush Kumbhare සහ Wataru Miyauchi එක් කර තිබුණ අතර අතිරේක පන්දු යවන්නෙක් ලෙසින් Abdul Samad නම් කර තිබුණා.
බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South Outer කණ්ඩායමේ අතිරේක පන්දු යවන්නන් ලෙසින් නම් කර තිබුණේ හංසක නිර්මාල් සහ දුශාන් එරංග යන අයයි.
බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South Outer කණ්ඩායම
රශාන් නවාංජන (නායක), ගීත්ම ප්‍රනාන්දු (කඩුලු රකින්නා), මලිඳු ඩිල්ශාන්, සන්දිත් රණවීර, ශෙහාන් දිමන්ත, චමෝද් මිහිරාන්, චලන දිනෙත්, නේක්ෂ ඉද්දමල්ගොඩ, බිහඟ සිල්වා, උමන්ත ආකාශ් සහ තෙනුශ යාප.
ජපාන ක්‍රිකට් කණ්ඩාය
Kendel Kadowki Fleming, (නායක), Benjamin Ito-Davis, Declan Suzuki, Ibrahim Takahashi, Alex Shiral-Patmore (කඩුලු රකින්නා), Kazuma Kato – Stafford, Sabaorish Ravichandran, Kohei Kubota, Piyush Kumbhare, Abhishek Anand සහ Wataru Miyauchi.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South Outer කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ නේක්ෂ ඉද්දමල්ගොඩ. ඔහු පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.
ඊට අමතර ව සංදිත් රණවීර පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද, බිහඟ සිල්වා පන්දු 13කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 12ක් ද ලබා ගත්තා.
කඩුලු බිඳ දැමීමේ දී Declan Suzuki සහ Abdul Samad කඩුලු ද්විත්වය බැගින් ලබා ගත්තා.
- බස්නාහිර North Outer ජය ලබයි
- නදුල් ජයලත් ජපානය මවිත කරයි
- ජපානය Colombo South පරාජය කරයි
- ජපාන ක්‍රිකට් ඉලක්ක වෙනුවෙන් ශ්රී ලංකාවේ සහයෝගය
- ශ්රී ලංකා ක්‍රිකට් කණ්ඩායම්වලට ප්රහාරාත්මක පිතිකරණය පිළිබඳ පුහුණුවක්
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ජපාන ක්‍රීඩකයෝ 12 වැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී ප්‍රතිවාදී ඉලක්කය කඩුල්ලක් පමණක් දැවී සපුරා ගත්තා. එහි දී ආරම්භක වමත් පිතිකරු නායක Kendel Kadowki Fleming පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 74ක් ලබා ගත්තා.
ඔහු අනෙක් ආරම්භක පිතිකරු Abhishek Anand සමඟ එක් වෙමින් 1 වැනි කඩුල්ලට පන්දු 62ක දී ලකුණු 114ක සබඳතාවක් එක් කරනවා. තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී Abhishek Anand පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.
දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය බිහඟ සිල්වා සතු වුණා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
බස්නාහිර පළාත් වයස අවුරුදු 19න් පහළ Colombo South Outer කණ්ඩායම – සියලුම දෙනා දැවී 129 (20.0) සංදිත් රණවීර 22, නේක්ෂ ඉද්දමල්ගොඩ 36, බිහඟ සිල්වා 12, Declan Suzuki 2/16, Abdul Samad 2/19
ජපානය – කඩුල්ලක් දැවී 130 (11.5) Kendel Kadowki Fleming 74, Abhishek Anand නොදැවී 42
ජපාන කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
සංචාරක ජපාන ක්‍රිකට් කණ්ඩායමේ 5 වැනි තරගය මේ අද (07) කොළඹ NCC ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















