ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙදින පුහුණු තරගයේ පළමු දිනය (01) අවසන් වූයේ අයර්ලන්ත ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 159කට දැවී යමිනි.
A කණ්ඩායමේ නායකත්වය ප්‍රියංජන්, තරංග සහ දුමිඳුට
එළඹෙන 6 වැනිදා ආරම්භ වන අයර්ලන්ත A – ශ්‍රී ලංකා A නිල නොවන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය තුන් ඉරියව් ක්‍රීඩක අශාන්…
කාසියේ වාසිය දිනූ අයර්ලන්ත ක්‍රීඩකයන්ගේ තීරණය වූයේ පළමුවෙන් පන්දුවට පහර දීම සුදුසු බැව් ය.
ඒ අනුව පිටියට පිවිසි සංචාරක ක්‍රීඩකයන්ගේ පළමු කඩුල්ල සඳහා ලකුණු 41ක සබඳතාවක් ගොඩ නැගීමට ස්ටීපන් ඩොහෙනි (10) සහ ජේම්ස් මැකලම් සමත් වූහ. ජේම්ස් මැකලම් පන්දු 38කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 24ක් ලබා දැවී ගියේ ය. ඉන් අනතුරුව ලකුණු 3ක් ඇතුළත තවත් කඩුලු 2ක් දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.
අනතුරුව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් 39ක සබඳතාවක් එක් කිරීමට නායක හැරි ටෙක්ටර් සහ ලෝකන් ටකර් සමත් වූහ. හැරි ටෙක්ටර් පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.
ඉනිමේ හොඳම ලකුණු සබඳතාව 6 වැනි කඩුල්ල සඳහා එක් කිරීමට ලෝකන් ටකර් සහ ආරොනි ගිලෙස්පි සමත් වූහ. ඔවුන් දෙදෙනා අතර සබඳතාව ලකුණු 55කි. එම සබඳතාව බිඳ දැමීමට වමතින් දඟපන්දු යවන ආකාශ් සේනාරත්න සමත් විය. ගිලෙස්පි ලබා ගත් ලකුණු සංඛ්‍යාව 23කි.
2014 ලෝක ශූරයින් 2020 ලෝක කුසලානයේ පළමු අටට නැහැ
හිටපු විස්සයි විස්ස ලෝක ශූර ක්‍රිකට් කණ්ඩායමක් වන ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය, 2020 දී ඕස්ට්‍රේලියාවේ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ…
ලෝකන් ටකර් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් පන්දු 119කට මුහුණ දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 47ක් ලබා ගත්තේ ය.
2019 නව වසර වාසනාවන්ත වසරක් කර ගැනීමට දකුණතින් පිට දඟපන්දු යැවූ මහීෂ් තීක්ෂණ සහ තරිඳු කෞෂාල් සමත් වූ හ. ඔවුන් දෙදෙනා කඩුලු 3 බැගින් දවා ගත්හ. ඊට අමතරව හෂේන් රාමනායක කඩුලු 2ක් දවා ගත්තේ ය.
තරගය හෙට (02) දෙවැනි දිනයටත් ක්‍රියාත්මක වීමට නියමිත ය.
>> තරගයේ ඡායාරූප ඇල්බම සඳහා පිවිසෙන්න <<
අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 159 (53.3) ජේම්ස් මැකලම් 24, හැරි ටෙක්ටර් 26, ලෝකන් ටකර් 47, ආරොන් ගිලෙස්පි 23, හෂේන් රාමනායක 2/11, තරිඳු කෞෂාල් 3/28, මහීෂ් තීක්ෂණ 3/09
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















