ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන නිල නොලත් පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දවස (06) නිමාවේ දී අයර්ලන්ත ක්‍රීඩකයෝ අමාරුවේ දැමීමට ලසිත් ඇඹුල්දෙනිය සමත් විය.
මිලින්ද සහ කමිඳු A ඉනිම ගොඩදායි
ශ්‍රී ලංකා සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම් අතර කොළඹ එස්. එස්. සී. ක්‍රීඩාංගණයේ දී අද (05) ආරම්භ වූ නිල නොලත් පළමු සිව්දින ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දවස නිමාවේ…
පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්ත ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 153ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද තම පළමු ඉනිමට ලකුණු 303ක් ලබා ගත් හ. ඉනිමක පරාජයෙන් ගැලවීම සඳහා ලකුණු 155ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි අයර්ලන්ත ක්‍රීඩකයෝ තරගයේ දෙවැනි දිනයට බේල්ස් ඉවත් කෙරෙන විට ලබා සිටියේ කඩුලු 9ක් දැවී ලකුණු 182කි. ඒ අනුව ඔවුන් මේ වන විට සත්කාරකයන්ට වඩා ඉදිරියෙන් පසුවෙන්නේ ලකුණු 27කිනි.
අයර්ලන්ත දෙවැනි ඉනිමේ දී ලසිත් ඇඹුල්දෙනිය ලකුණු 68කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඔහු පළමු ඉනිමේ දී ද පෑ දක්ෂතා සමගින් මේ වන විට තරගයේ දී ලකුණු 114කට කඩුලු 9ක් දවා ගෙන සිටී.
>>Photos : Ireland A Team Tour to Sri Lanka 2018/19 – 1st Four Day Game – Day 2<<
පෙර දිනයේ ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් මිලින්ද සිරිවර්ධන සහ කමිඳු මෙන්ඩිස් එක්ව 5 වැනි කඩුල්ලට ලකුණු 139ක සබඳතාවක් එක් කළ අතර අද ඔවුන් එම සබඳතාව ලකුණු 191ක් දක්වා දීර්ඝ කළහ. මිලින්ද සිරිවර්ධන පන්දු 126කට මුහුණ දෙමින් හතරේ පහර 13ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 104ක් ලබා දැවී යෑමත් සමඟ එම සබඳතාවට තිත තැබුණි.
කමිඳු මෙන්ඩිස් පන්දු 135කට මුහුණ දී හතරේ පහර 13ක් සමඟින් ලකුණු 91ක් ලබා ගත්තේ ය. ඔවුන් දෙදෙනාට අමතර ව අද දවසේ දී ශ්‍රී ලංකා පිතිකරුවන් අතුරින් සාර්ථක වූයේ කඩුලු රැකි ක්‍රීඩක මනෝජ් සරත්චන්ද්‍ර ය. ඔහු ලකුණු 20ක් ලබා ගත්තේ ය.
යොවුන් පිතිකරුවෝ අර්ධ ශතක රැස්කළත් දිනුම ඕස්ට්‍රේලියාවට
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් කණ්ඩායම සහ ඕස්ට්‍රේලියානු යොවුන් ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ දෙවන තරගය…
අද දවසේ දැවී ගිය කඩුලු 6ම ලබා ගැනීමට ජේම්ස් කැමරන් සමත් වීම කැපී පෙණුනි. ඔහු ශ්‍රී ලංකා ඉනිම අවසන් වෙන විට ලකුණු 77කට කඩුලු 7ක් ලබා සිටියේ ය. ඉතිරි කඩුලු 3 මාක් අදයිර් සතු විය.
ලකුණු 155ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිමට පිටියට පිවිසි අයර්ලන්ත ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වුයේ ජේම්ස් ෂැනොන් ය. ඔහු පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 32ක් ලබා ගත්තේ ය. ඔහුට අමතරව ලෝකන් ටකර් පන්දු 57කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තේ ය.
ලසිත් ඇඹුල්දෙනියට අමතරව මොහොමඩ් ෂිරාස් කඩුලු 2ක් දවා ගත්තේ ය.
>> තරගයේ ඡායාරූප ඇල්බමය සඳහා පිවිසෙන්න <<
අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 153 (45.2) ජේම්ස් මැකලම් 76, නීල් රොක් 28, මොහොමඩ් ශිරාස් 4/47, ලසිත් ඇඹුල්දෙණිය 4/46, නිශාන් පීරිස් 2/30
ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම කඩුලු 4ක් දැවී 308 (77.1) අවිශ්ක ප්‍රනාන්දු 20, මිලින්ද සිරිවර්ධන 104, කමිඳු මෙන්ඩිස් 91, මනෝජ් සරත්චන්ද්‍ර 20, ජේම්ස් කැමරන් 7/77, මාක් අදයිර් 3/43
අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 182 (52) ජේම්ස් ෂැනොන් 32, ලෝකන් ටකර් 26, මොහොමඩ් ෂිරාස් 2/47, ලසිත් ඇඹුල්දෙණිය 5/68
හෙට (06) තරගයේ දෙවැනි දිනයයි.
> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <






















