ජීවිත පරිත්‍යාගයෙන් ඉල්ලන පාපන්දු අයිතිය

99
©thenewdaily.com.au

පාපන්දු තරග නැරඹීමට තහනම් වීම නිසා තරුණියකට ගිනි තබාගෙන මියැදෙන්නට සිදුවේ නම් එය ඛේදවාචකයකි. පසුගිය මාසයේ ඉරානයේ දී එවැන්නක් සිදු විය. ඉන්පසුව ඉරාන පාපන්දු බලධාරීන් විසින් ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයට (FIFA) සහතික වී ඇත්තේ තම රටේ කාන්තාවන්ට පිරිමි තරග නැරඹීමේ අවස්ථාව ලබා දෙන බවටයි.

ඉරාන කාන්තාවන්ට තහනම් “පුරුෂයන්ගේ පිටිය”

රසවිඳීම, ලොව ඕනෑම කෙනෙකුගේ අයිතියකි. එයට …..

එළඹෙන ඔක්තෝබර් මාසයේ දී ඉරානයේ ටෙහෙරාන් නුවර දී පැවැත්වෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගය නැරඹීමේ අවස්ථාව ඔවුන්ට ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වේ. එම තරගයට කටයුතු සූදානම් කිරීම සඳහා ඉරානය බලා ගොස් සිටින ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ නිලධාරීන් ඒ පිළිබඳව අවධානය යොමුකොට ඇත.

“කාන්තාවන් තරග නැරඹීමට පැමිණීම සිදු විය යුතුයි. අපි ඒ ගැන ගෞරවයෙන් නමුත් තවත් බලා සිටින්නට බැරි පරිද්දෙන් බලපෑම් කළ යුතුයි. FIFA හි සභාපති ජියානි ඉන්ෆන්ටිනෝ මහතා එසේ පැවසුවේය.

තවදුරටත් ඔහු කියා සිටියේ,

“අපට සහතිකයක් ලැබී තිබෙනවා ඉරානයේ දී පැවැත්වෙන මීළඟ පාපන්දු තරගයේ දී කාන්තාවන්ට ක්‍රීඩාංගණ තුළට ඇතුල් විය හැකි බව.” යනුවෙනි.

මගේ කතාව – රෝමේලු ලුකාකු

“මට මගේ අම්මා ශීතකරණය ළඟ හිටගෙන …..

ජාත්‍යන්තර පාපන්දු සම්මේලන ආරංචි මාර්ග පැවසුවේ ඉරාන දේශීය ලීග් තරග නැරඹීමේ අවස්ථාව ද කාන්තාවන්ට ලබා දීම සඳහා කටයුතු කරමින් සිටින බවයි.

©Metro.co.uk

සහාර් කෝයාදරී නම් දේශීය පාපන්දු ප්‍රේක්ෂිකාව විසින් තම කණ්ඩායමේ නිල ඇඳුම හැඳ උසාවි සංකීර්ණයක් ඉදිරිපිට දී සිය ශරීරයට ගිනි තබාගත්තේ පිරිමියෙකු ලෙස හැඳ පැළඳ පාපන්දු තරග නැරඹූ බවට වන චෝදනාව නිසා මාස 06කට සිරගත වීමට අකමැත්තෙනි.

විදේශික කාන්තාවන්ට තරග නැරඹීම සඳහා සීමිත ඉඩකඩක් ඇතත් 1979 වසරෙන් පසුව ඉරාන කාන්තාවන්ට පාපන්දු තරග නැරඹීම තහනම් වේ. ඉතාම සරල අයිතිවාසිකමක් වෙනුවෙන් මෙතරම් ගැටලුවලට ලක්වීමට සිදුවීම ඛේදවාචකයකි.

>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<