40s ප්‍රවීනයන්ගේ ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

IMC Over 40s T20 World Cup 2025

1
IMC Over 40s T20 World Cup 2025

International Masters Cricket (IMC) සංවිධානය කළ වයස අවුරුදු 40ට වැඩි ප්‍රවීනයන්ගේ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් බවට පත් වීමට ඕස්ට්‍රේලියා 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම සමත් වුණා.

කටාර් හී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගාවලියේ අවසන් මහා තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ පාකිස්තාන 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායමයි.

මෙම තරගයේ කාසියේ වාසිය ලබා ගත් පාකිස්තාන 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම  පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිස කඩුලු 9ක් දැවී ලකුණු 150ක් ලබා ගන්නා ලද අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි ඕස්ට්‍රේලියා 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 152ක් ලබා ගනිමින් තරගයෙන් ජයග්‍රහණය කරනවා.

පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන 40s ප්‍රවීනයන්ගේ කණ්ඩායමේ වැඩිම ලකුණුලාභීන් වූයේ Nadeem Javed සහ Fawad Alam. ඔවුන් දෙදෙනා ලකුණු 24ක් බැගින් ලබා ගන්නවා.

ඊට අමතර ව නායක Abdul Razzaq ලකුණු 19ක් ද, Humayun Farhat පන්දු 7ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ද ලබා ගන්නා අතර Tariq Mahmood පන්දු 20කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 18ක් ලබා ගන්නවා.

කඩුලු දවා ගැනීමේ දී Mark Cleary ලකුණු 22කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා. ඊට අමතර ව Nasir Jalil, Brenton Edwards, Scott Brant සහ Peter Atkinson කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඕස්ට්‍රේලියා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමේ පළමු කඩුල්ල ලකුණු 26ක දී අහිමි වෙන අතර 2 වැනි කඩුල්ලට පන්දු 61ක දී ලකුණු 78ක සබඳතාවක් එක් කිරීමට Steve Nottle සහ Steven Paulsen සමත් වෙනවා.

එහි දී Steven Paulsen පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 42කට පළමුවෙන් දැවී යන අතර ඊට පසුව යැවුණ 2 වැනි පන්දුවේ දී Steve Nottle ද දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්ද 40කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සමඟින් ලකුණු 47ක් ලබා සිටියා.

තරගය ජයග්‍රහණයෙන් අවසන් වෙද්දී Nasir Jalil පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ද සහ  Brenton Edwards පන්දු 11කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද ලබා සිටියා. ඔවුන් දෙදෙනා එක් ව පන්දු 20ක දී ලකුණු 45ක නොබිඳුණ සබඳතාවක් එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී Fawad Alam ලකුණු 16කට කඩුලු 2ක් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • පාකිස්තාන40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම– කඩුලු 9ක් දැවී 150 (20.0) Abdul Razzaq 19,  Humayun Farhat 19, Nadeem Javed 24, Fawad Alam 24, Tariq Mahmood 18, Mark Cleary 5/22
  • ඕස්ට්‍රේලියා40s ප්‍රවීණයන්ගේ කණ්ඩායම– කඩුලු 3ක් දැවී 152 (19.0) Steve Nottle 47, Steven Paulsen 42, Nasir Jalil නොදැවී 25, Brenton Edwards නොදැවී 18, Fawad Alam 2/16

ඕස්ට්‍රේලියා 40s ප්‍රවීණයන්ගේ කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<