ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (17) සාන්ත ලුසියා හී ඩැරන් සමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර A කාණ්ඩයේ තරගයෙන් ලකුණු 83ක ජයග්‍රහණයක් ලබා ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ සමත් වූහ.
ශ්‍රී ලංකාව වෙනුවෙන් තනි අශ්වයෙක්ගේ ගමනක් ගිය නායිකා චමරි අතපත්තු මෙම තරගයේ දී ලකුණු 44ක් ලබා ගත්ත ද අනෙකුත් ක්‍රීඩිකාවන්ගෙන් ඊට සරිලන ප්‍රතිචාරයක් නොවීමෙන් තරගය නිමා වීමට තවත් පන්දු 14ක් ඉතිරිව තිබිය දී මේ පරාජය හිමි විය. අතපත්තු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් තම ඉනිමට එක්කර ගෙන සිටියා ය.
ශෂිකලා වීරයා වෙමින් බංගලි ක්‍රීඩිකාවන් අසරණ කරයි
ICC ලෝක කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ අද (15) සාන්ත…
කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩිකාවෝ කඩුලු 5ක් දැවී ලකුණු 187ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 104ක් පමණි.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි කොදෙව්වෝ ශ්‍රී ලංකා පන්දු යවන්නියන්ට කිසිවක් කර කියා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය කරමින් පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 94ක් ලබා ගත්හ. එහි දී ආරම්භක පිතිකාරිනි හයිල් මැතිව්ස් තම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ සිව්වැනි අර්ධ ශතකය වාර්තා කරමින් ලකුණු 62ක් ලබා ගත්තා ය. පන්දු 36කින් වාර්තා වූ එම ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් ඇතුලත් විය.
අනෙක් ආරම්භක පිතිකාරිනී ඩෙන්ඩ්‍රා ඩොටින් ලකුණු 49ක් ලබා ගත්තා ය. උදේශිකා ප්‍රබෝධිනීගේ පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව ඇය දැවී යන විට පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් එල්ල කර තිබුණි.
නායිකා ස්ටෙෆිනි ටේලර් පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා ය.
පන්දු යැවීමේ දී උදේශිකා ප්‍රබෝධිනී, ඕෂදී රණසිංහ සහ ශෂිකලා සිරිවර්ධන කඩුල්ල බැගින් දවා ගත් හ.
අකිලගේ මැජික් පන්දුව කඩුලු 6කට තට්ටු කරයි
එංගලන්ත පිතිකරුවන්ට කෙසේ පන්දු යැවිය යුතු දැයි ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ළතැවෙමින්…
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ ඉනිමේ පළමු කඩුල්ලට එක් වූ ලකුණු සබඳතාව 14කි. හසිනි පෙරේරා සහ නායිකා චමරි අතපත්තු ඉනිම ආරම්භ කළ අතර හසිනිට ලබා ගත හැකි වූයේ ලකුණු 10ක් පමණි.
අද තරගයට එක් වූ යොවුන් ක්‍රීඩිකා කවිශා දිල්හාරි ලකුණු 5ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට ගොදුරු වූවා ය. ඒ වෙද්දී ශ්‍රී ලංකා ඉනිම රැඳී තිබුණේ ලකුණු 33 ය. පෙර තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව වූ ශෂිකලා සිරිවර්ධනට අද තරගයේ දී රැස්කර ගත හැකි වූයේ ලකුණු 6ක් පමණි. එමෙන්ම ඒෂානි ලොකුසූරිය (08) ද නැවත වරක් අසාර්ථක පිතිකාරිනියක් වූවා ය.
චමරි සහ නිලක්ෂි ද සිල්වා එක්ව 5 වැනි කඩුල්ලට එක් කළ ලකුණු 32ක සබඳතාව ඉනිමේ හොඳම සබඳතාව බවට පත්විය. නිලක්ෂි පන්දු 12කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 11ක් ලබා ගත්තා ය.
කණ්ඩායමට එක් වූ අනෙක් පිතිකාරියන් වූ අමා කාංචනා (00), ඩිලාන් මනෝදරා (08), ඕෂදී රණසිංහ (01), සුගන්ධිකා කුමාරි (00) සහ උදේශිකා ප්‍රබෝධනී (07) අඩු ලකුණුවලට සීමා වීම ශ්‍රී ලංකා කණ්ඩායමේ පරාජය ඉක්මන් කළේය.
ලක්ෂිත හා සන්තුෂ් පාසල් ක්‍රිකට් පිටියේ දස්කම් දක්වයි
සිංගර් කුසලාන වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ…
පන්දු යැවීමේ දී හයිලි මැතිව්ස් ලකුණු 16කට කඩුලු 3ක් දවා ගත්තා ය. තරගයේ දී ඇය දැක්වූ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් දක්ෂතම ක්‍රීඩිකාව ලෙසින් ද ඇය නම් කෙරුණි.
ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගයත් සමඟින් පළමු වටය නිමා කරන්නේ තරග 4කට සහභාගී වෙමින් එක් තරගයක් ජයග්‍රහණය කරමින් තවත් තරග දෙකක් පරාජය වෙමින් සහ තරගයක විසඳුමක් නොමැතිව තෙවැනි තැනට පත් වෙමිනි. බටහිර ඉන්දීය කොදෙව්වෝ A කාණ්ඩයෙන් මේ වන විට තරග 3ක් පමණක් ක්‍රීඩා කරමින් පළමු ස්ථානයේ සිටින අතර දෙවැනි තැන තරග 3කට ක්‍රීඩා කර සිටින එංගලන්තය පැමිණ සිටී.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 5ක් දැවී 187 (20) හයිලි මැතිව්ස් 62, ඩෙන්ඩ්‍රා ඩොටින් 49, ස්ටෆිනි ටේලර් 41, නටාෂා මැක්ලන් 17,
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 104 (17.4) චමරි අතපත්තු 44, නිලක්ෂි ද සිල්වා 11, හයිලි මැතිව්ස් 3/16
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















