Dialog, ICC සහ SLC එකට එක් වී T20 ලෝක කුසලාන අත්දැකීම වෙනස් ම තලයකට රැගෙන යයි!

ICC Men's T20 World Cup 2026

2

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙන්ම, ICCයේ ශ්‍රී ලාංකේය මාධ්‍ය සහකරු වන Dialog Axiata PLC විසින් මෙවර විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් දේශීය ක්‍රිකට් රසිකයින්ගෙන් ධනාත්මක අවධානයක් ලබා ගැනීමට විශේෂ කර්තව්‍යයන් රැසක් සිදු කිරීමට සමත් වුනා. 

මෙවර ලෝක කුසලානයේ සම සත්කාරකත්වය හොබවන ශ්‍රී ලංකාවඊයේ (08) සිය මංගල ලෝක කුසලාන තරගය වෙනුවෙන් අයර්ලන්තය සමඟ ක්‍රීඩා කිරීමට පෙර ඒ වෙනුවෙන් භෞතික සහ විද්‍යුත් ප්‍රචාරණ වැඩ පිළිවල රැසක් සාර්ථකව ක්‍රියාත්මක කළා. 

මෙහි දී ICC, SLC සහ Dialog එක් ව ක්‍රියාත්මක කරන ලද ලෝක කුසලානය සමඟ රට වටා සිදු කළ සංචාරය විශේෂ තැනක් හිමි කර ගත්තා. 

මෙහි දී ශ්‍රී ලාංකේය ක්‍රිකට් රසිකයින්ට මෙවර ලෝක කුසලානය සජීවී ව සහ වඩාත් ආසන්න ලෙස දැක බලා ගැනීමට හැකියාව ලැබුණු අතරමෙම ක්‍රියාන්විතය දේශීය සංස්කෘතික අංග සමඟ සමගාමී වූ වඩාත් උත්කර්ෂවත් එකක් වූ බව නොරහසක්. 

මෙම සංචාරය සමඟ 15,000කට අධික ප්‍රේක්ෂක ජනකායක් එක් රොක් වූ අතර, මෙම සංචාරය භෞතික මට්ටමෙන් එපිටට ගොස්, භෞතිකව එය සමඟ සම්බන්ධ විය නොහැකි රසිකයින් වෙනුවෙන් සමාජ මාධ්‍ය ඇතුළු විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ද සමීප කිරීමට හැකියාව ලැබුණා. 

එමෙන්ම මෙහි දී 10,000කට අධික ඡායාරූප ප්‍රමාණයක් මුද්‍රණය කර බෙදා හැරීම සිදු වූ අතරම, AI තාක්ෂණය උපයෝගී කර ගනිමින් සැකසූ සෙල්ෆි ඡායාරූප 4000කට අධික ප්‍රමාණයක් ද නිර්මාණය වුනා. එමෙන්ම මේවා සමාජ මාධ්‍ය ඔස්සේ ද බෙදා හැරීම නොකඩවා සිදු වුනා. එමෙන්ම මෙම සම්පූර්ණ ක්‍රියාවලිය තුළ මිලියන අටකට අධික සම්පූර්ණ විද්‍යුත් ප්‍රචාරණයක් (Digital Reach) සිදු වී තිබීමත් විශේෂත්වයක්. 

මීට අමතරව Dialog විසින් දිවයින පුරා ස්ථාන 13කට අධික ප්‍රමාණයක (ප්‍රසිද්ධ හොටල් සම්බන්ධ කර ගනිමින්) රසිකයින්ට (2000කට අධික) රැස් වී (Fan Parks) ක්‍රිකට් තරග නැරඹීමේ අවස්ථාව ද හිමි වනු ඇති. මෙමගින් මෙවර ලෝක කුසලාන අත්දැකීම වෙනස් ම අයුරකින් විඳ ගැනීමේ අවස්ථාව ක්‍රිකට් රසිකයින්ට හිමි වනු ඇති. 

එමෙන්ම මෙවර ලෝක කුසලාන තරගාවලිය සජීවී ව නැරඹීමේ අවස්ථාව ඔබ වෙත සමීප කිරීමට ThePapare නිරන්තරයෙන් ම සූදානමින් සිටින අතර, මෙහි දී ක්‍රිකට් රසිකයින්ට සිංහල විස්තර විචාරයක් ද සමඟින් සජීවී තරග අත්දැකීම විඳ ගැනීමේ අවස්ථාව හිමි වනු ඇති. 

ඒ අයුරින් මෙවර ලෝක කුසලානය ආරම්භ වීමට පෙර සහ තරග පැවැත්වෙන මෙම කාල සීමාව තුළ ද ඒ වෙනුවෙන් සුවිශේෂී කැප කිරීමක් සිදු කිරීමට Dialog සමත් වී තිබීම විශේෂත්වයක්. 

මෙවර ලෝක කුසලානය පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට මෙන්මසජීවී තරග අත්දැකීම ඔබ සමඟ බෙදා හදා ගැනීමට ද ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<