වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වූ 2 වැනි පුහුණු තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනිමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ අද (14) සමත් වෙනවා.
නැමීබියාවේ Windhoek හී Wanderers ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 266ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයන්ගේ ඉනිම වර්ෂාව හේතුවෙන් පන්දුවාර 23.5කට සීමා වෙනවා. ඒ වෙද්දී ඔවුන් කඩුලු 3ක් දැවී ලකුණු 110ක් ලබා සිටිය ද ඔවුන්ට ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 118ක් අවශ්‍ය වූවා. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා යෞවනයෝ මෙම තරගය ද ජයග්‍රහණය කරමින් ක්‍රීඩා කරන ලද පුහුණු තරග ද්විත්වය ජයග්‍රහණයෙන් අවසන් කරනවා.
අද දින ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ දිමන්ත මහවිතාන සහ දුල්නිත් සිගේරා විසිනුයි. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට පන්දු 23ක දී ලකුණු 26ක් එක් කරනවා. දිමන්ත මහවිතාන පන්දු 15කට මුහුණ දෙමින හතරේ පහර 4ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් පළමු කඩුල්ලේ සබඳතාව බිඳී යනවා.
දුල්නිත් සිගේරා ඉනිමේ සිව් වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 123කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 95ක් ලබා සිටියා. ඔහු කවිජ ගමගේ හා එක් වෙමින් එම කඩුල්ලට පන්දු 194ක දී ලකුණු 170ක් එක් කරනවා.
එහි දී කවිජ ගමගේ පන්දු 109කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 97ක් ලබා ගන්නවා.
ඔවුන්ට අමතර ව විරාන් චමුදිත පන්දු 9කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 20ක් ද සහ සෙනුජ වැකුණුගොඩ පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 18ක් ද ලබා ගත්තා.
ශ්‍රී ලංකා ඉනිමේ යැවුණ අවසන් පන්දු 8 දී ලකුණු 11කට කඩුලු 3ක් දවා ගැනීමට ප්‍රතිවාදීන් සමත් වෙනවා. එහි දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Khatir Stanikzai ලකුණු 36කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව Roohullah Arab, Abdul Aziz, Wahidullah Zadran සහ Nooristani Omarzai කඩුල්ල බැගින් දවා ගත්තා.
- ජේඩන්, රමිරු සහ අභීත් දිනය වර්ණවත් කරයි
- සංජන, සනුජ සහ මෙනුල දක්ෂතා දක්වයි
- සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 3ක ජයක්
- රෙහාන්, අසදිස, අදේශ් සහ සනුජ ශතක වාර්තා කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇෆ්ගනිස්තාන ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 11ක් වෙද්දී දැවී ගිය ද 2 වැනි කඩුල්ලට ලකුණු 81ක් එක් කිරීමට Khalid Ahmadzai සහ Faisal Shinozada සමත් වෙනවා.
එහි දී Faisal Shinozada පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 35කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිඳී ගියා. ඒ වෙද්දී ඔවුන් දෙදෙනා ඒ වෙනුවෙන් වැය කර තිබුණේ පන්දු 75ක් පමණයි.
වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන විට නායක Khalid Ahmadzai පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් නොදැවී ලකුණු 57ක් ලබා සිටියා.
තරගය නතර කරන විට දැවී ගිය කඩුලු ත්‍රිත්වය විග්නේශ් ආකාශ්, මලින්ත සිල්වා සහ රසිත් නිම්සර සතු කරගෙන සිටියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 266 (50.0)දුල්නිත් සිගේරා 95, කවිජ ගමගේ 97, විරාන් චමුදිත නොදැවී 20, Khatir Stanikzai3/36
- ඇෆ්ගනිස්තාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 3ක් දැවී 110 (23.5)Khalid Ahmadzai57, Faisal Shinozada නොදැවී 35, විග්නේශ් ආකාශ් 1/08
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 7ක ජයක්.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.




















