ඔස්ට්‍රේලියානුවෝ 2 වැනි ජයග්‍රහණයත් වාර්තා කරයි

ICC U 19 Cricket World Cup 2026

3
ICC U 19 Cricket World Cup 2026

16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ 6 වැනි දිනය (20) නිමා වෙන්නේ ශ්‍රී ලංකාව සමඟින් A කාණ්ඩයෙන් තරගාවලියට පිවිස සිටින ඔස්ට්‍රේලියානුවෝ ද තම 2 වැනි ජයග්‍රහණය වාර්තා කරමිනුයි. ඔවුන් වෙතින් පරාජයට පත් වෙන්නේ ජපාන කණ්ඩායමයි.

මෙම තරගයේ දී ඔස්ට්‍රේලියාවේ Will Malajczuk ශතකයක් ලබා ගත් අතර එය ඔවුන් මෙවර තරගාවලියේ දී වාර්තා කරන ලද 2 වැනි ශතකයයි. ඊට පෙර ඔවුන්ගේ කණ්ඩායමේ Steven Hogan අයර්ලන්තයට එරෙහි ව ශතකයක් වාර්තා කළා. එය මෙවර තරගාවලියේ වාර්තා වූ මංගල ශතකයයි.

මේ අතර එදින B කාණ්ඩයෙන් පැවැති නවසීලන්තය සහ බංග්ලාදේශය අතර තරගය වර්ෂාව හේතුවෙන් විසඳුමකින් තොරව අවසන් වූවා.

>>මංගල ශතකය ඔස්ට්‍රේලියාවෙන්<<

15 වැනි තරගය, Group B, නවසීලන්තය සහ බංග්ලාදේශය අතර

Bulawayo, Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට තිබූ මෙම තරගයට පෙර සිට ම වර්ෂාවෙන් බාධා එල්ල වී තිබුණා. ඒ හේතුවෙන් ම තරගය ආරම්භ වූයේ පන්දුවාර 47ක තරගයක් ලෙසයි.

ඒ අනුව කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට නවසීලන්ත කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන්ට ක්‍රීඩා කිරීමට ලැබෙන්නේ පන්දුවාර 10ක් පමණයි. නැවත වර්ෂාව පතිත වීම හේතුවෙන් තරගය එපමණකින් නතර වූවා.

ඒ වෙද්දී නවසීලන්ත ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 51ක් ලබා සිටියා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

නවසීලන්ත වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුල්ලක් දැවී 51 (10.0) Aryan Mann නොදැවී 20, Tom Jones නොදැවී 16, Iqbal Hossain Emon 1/12

තරගයේ විසඳුමක් නෑ.

 16 වැනි තරගය, Group A, ජපානය සහ ඔස්ට්‍රේලියාව අතර

Windhoek, Namibia ක්‍රීඩා පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ජපාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 8ක් දැවී ලකුණු 201ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ඔස්ට්‍රේලියා ක්‍රීඩකයෝ තවත් කඩුලු 125ක් ඉතිරි ව තිබිය දී කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 204ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කළා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ජපාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Hugo Tani-Kelly. ඔහු පන්දු 135කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 135ක් ලබා ගත්තා.

ඔහු 2 වැනි කඩුල්ල වෙනුවෙන් Nihar Parmar සමඟ එකතු වෙමින් ලකුණු 58ක සබඳතාවක් ද සහ Charlie Hara-Hinze සමඟ එක් වෙමින් 3 වැනි කඩුල්ලට ලකුණු 44ක සබඳතාවක් ද එක් කළා.

එහි දී Nihar Parmar පන්දු 67කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද සහ Charlie Hara-Hinze පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ද ලබා ගත්තා. ඊට අමතර ව Montgomery Hara-Hinze පන්දු 51කට මුහුණ දෙමින් ලකුණු 29ක් ද ලබා ගත් අතර අනෙක් කිසිදු ක්‍රීඩකයෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පිවිසීමට හැකි වූයේ නැහැ.

කඩුලු දවා ගැනීමේ දී Naden Cooray ලකුණු 31කට කඩුලු 3ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව Will Byrom කඩුලු ද්විත්වයක් ද, Aryan Sharma සහ Kasey Barton කඩුල්ල බැගින් ද දවා ගත්තා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු  Will Malajczuk. ඔහු පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 102ක් ලබා ගත්තා. ඊට අමතර ව Nitesh Samuel පන්දු 73කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 60ක් ලබා ගත්තා.

ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට එකතු කළ ලකුණු සබඳතාව පන්දු 93ක දී 135ක්.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ජපාන වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 8ක් දැවී 201 (50.0) Nihar Parmar 33, Hugo Tani-Kelly 79, Charlie Hara-Hinze 24, Montgomery Hara-Hinze 29, Will Byrom 2/32, Naden Cooray 3/31

 

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම කඩුලු 2ක් දැවී 204 (29.1) Will Malajczuk 102, Nitesh Samuel 60, Tom Hogan නොදැවී 19, Nihar Parmar 1/35

ඔස්ට්‍රේලියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 8ක ජයක්.

  • තරගයේ වීරයා – Will Malajczuk (ඔස්ට්‍රේලියාව)

2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<