2026 19 පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දුන් තෙවැනි තරගය අද (23) ඕස්ට්‍රේලියාව සමඟ ක්‍රියාත්මක වුනා.
මෙය ශ්‍රී ලංකාව මූලික වටයේ දී සහභාගී වන අවසන් තරගය වූ අතර, මේ වන විටත් ශ්‍රී ලංකාව සුපිරි හය වටය සඳහා සුදුසුකම් ලබා අවසානයි.
කෙසේ වෙතත් මෙම තරගය නම් ශ්‍රී ලංකාවට කිසිසේත් ම සුබදායී එකක් වුනේ නැහැ.
නැමීබියාවේ Windhoek ක්‍රීඩාංගණයේ දී ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ඕස්ට්‍රේලියානු නායකයා සතු වූ අතර, ඔහුගේ තීරණය අනුව ශ්‍රී ලංකාවට තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට සිදු වුනා.
කෙසේ වෙතත් එය ශ්‍රී ලංකාවට සුබදායී ආරම්භයක් නම් වුනේ නැහැ.
ඉනිමේ තෙවැනි පන්දුවාරයේ පටන් ම ශ්‍රී ලංකා කඩුලු බිඳ වැටීම ආරම්භ වූ අතර, එය කිසි විටකත් නතර නොවී ඉනිම අවසන් වන තෙක්ම නොකඩවා සිදු වුනා.
ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු දහයේ සීමාව ඉක්මවා යාමට සමත් වුනේ පිතිකරුවන් දෙදෙනෙකු පමණයි. ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ චාමික හීනටිගල ලකුණු 14ක් ලබාගන්නා විට, කවිජ ගමගේ ලකුණු 10ක් ලබා ගැනීමට සමත් වුනා.
ශ්‍රී ලංකා යෞවනයින්ට අද දිනයේ මුහුණ දීමට හැකි වුනේ පන්දුවාර 18 පන්දු 5කට පමණක් වන අතර, එහි දී ඔවුන් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 58ක් පමණයි.
මෙහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ Will Byrom ලකුණු 14කට කඩුලු 5ක් දවා ගැනීමට සමත් වුනා. එමෙන්ම Charles Lachmund සහ Kaesy Barton කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ශ්‍රී ලංකා කණ්ඩායමෙන් හිමි වූ ලකුණු 59ක ඉලක්කය ඉතා පහසුවෙන් හඹා යාමට ඕස්ට්‍රේලියාව විසින් සමත් වුනා. ඔවුන් ඒ වෙනුවෙන් වැය කළේ පන්දුවාර 12ක් පමණක් වන අතර, එම කාල සීමාව තුළ එක් කඩුල්ලක් පමණක් දැවී ඔවුන් අදාළ ඉලක්කය හඹා යාමට ඔවුන් සමත් වුනා.
මෙහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් Steven Hogan ලකුණු 28ක් ලබා ගැනීමට සමත් වුනා. ඕස්ට්‍රේලියානු ඉනිමේ දැවී ගිය එකම කඩුල්ල රසිත් නිම්සර විසින් දවා ගැනීමට සමත් වුනා.
මේ අනුව ඕස්ට්‍රේලියානු 19න් පහළ කණ්ඩායම මෙම තරගයෙන් කඩුලු 9ක පහසු ජයක් හිමි කර ගැනීමට සමත් වුනා.
මේත් සමඟම තරගාවලියේ මූලික වටයේ A කාණ්ඩයේ පෙරමුණ ගැනීමට අපරාජිත ඕස්ට්‍රේලියාවට හැකි වී තිබෙනවා. ශ්‍රී ලංකාව ලකුණු සටහනේ දෙවැනි ස්ථානයට පත් වී ඇති අතර, මීට පෙර ඔවුන් සතු වූ ඉහළ දළ ලකුණු වේගය මේ වන විට තරමක් පහත වැටී තිබෙනවා.
ශ්‍රී ලංකාව සුපිරි හය වටයේ දී ක්‍රීඩා කිරීමට නියමිත පළමු තරගය එළඹෙන 26 වැනි දා ඇෆ්ගනිස්තානය සමඟ පැවැත්වීමට නියමිතයි.
19න් පහළ ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















