2026 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ පුහුණු තරග ත්‍රිත්වයක් (2) ඉන්දියාවේ දී පැවැති අතර එහි දී ඇෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තයත්, ඇමරිකාව සහ ඉන්දීය A කණ්ඩායමත්, ඉතාලිය සහ කැඩාවත් තරග වැදුණා.
>>ශ්‍රී ලංකා T20 ලෝක කුසලාන සංචිතය නම් කරයි<<
ඇෆ්ගනිස්තානය සහ ස්කොට්ලන්තය අතර තරගය
Bengaluru හී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඇෆ්ගනිස්තාන නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායමට ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගත්තා. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ස්කොට්ලන්ත ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 123ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තාන කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Darwish Rasooli. ඔහු අතර මඟ දී පිටියෙන් ඉවත් වෙන විට පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 84ක් ලබා ගත්තා.
ඊට අමතර ව Ibrahim Zadran පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 36ක් ද සහ Mohammad Nabi පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 34ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Mark Watt සහ Jack Jarvis කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
ස්කොට්ලන්ත පිළිතුරු ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Matthew Cross. ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ සහ හයේ පහර බැගින් එල්ල කරමින් ලකුණු 21ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Azmatullah Omarzai කඩුලු 3ක් ද, Mohammad Nabi සහ Ziaur Rahman කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඇෆ්ගනිස්තානය – කඩුලු 6ක් දැවී 184 (20.0) Ibrahim Zadran 36, Darwish Rasooli පිටියෙන් ඉවත් වූවා 84, Mohammad Nabi 34, Jack Jarvis 2/57, Mark Watt 2/32
ස්කොට්ලන්තය – සියලුම දෙනා දැවී 123 (19.3) Michael Jones 20, Matthew Cross 21, Azmatullah Omarzai 3/14, Ziaur Rahman 2/20, Mohammad Nabi 2/09
ඇෆ්ගනිස්තානයට ලකුණු 61ක ජයක්.
- වැස්සේ පිහිට සමඟ එංගලන්තය නොතිබූ ජයක් සොයා යයි!
- පාකිස්තානය ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගය වර්ජන කිරීමට තීරණය කරයි!
ඇමරිකාව සහ ඉන්දීය A කණ්ඩායම අතර තරගය
Navi Mumbai හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇමරිකා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය A කණ්ඩායම කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 238ක් ලබා ගන්නේ Narayan Jagadeesan විසින් ලබා ගත් ශතකයක් ද සමඟිනුයි.
ඔහුගේ ඉනිමට පන්දු 55ක් වැය වූ අතර එය හතරේ පහර 11ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 104කින් සමන්විත වූවා. ඊට අමතර ව නායක Ayush Badoni පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 60ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Shubham Ranjane, Ali Khan සහ Jasdeep Singh කඩුල්ල බැගින් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඇමරිකානු කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 200ක් පමණයි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Andries Gous. ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා. ඊට අමතර ව Sanjay Krishnamurthi පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 41ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Ravi Bishnoi ලකුණු 37කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Naman Dhir සහ Khaleel Ahmed කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉන්දීය A කණ්ඩායම – කඩුලු 3ක් දැවී 238 (20.0) Priyansh Arya 28, Narayan Jagadeesan 104, Tilak Varma 38, Ayush Badoni 60
ඇමරිකාව – සියලුම දෙනා දැවී 200 (19.4) Andries Gous 44, Sanjay Krishnamurthi 41, Shubham Ranjane 28, Harmeet Singh 25, Mohammad Mohsin 21, Khaleel Ahmed 2/25, Ravi Bishnoi 3/37, Naman Dhir 2/06
ඉන්දීය A කණ්ඩායමට ලකුණු 38ක ජයක්.
ඉතාලිය සහ කැඩාව අතර තරගය
Chennai හි පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් කැනඩා නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉතාලි ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 156ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිමට පිවිසි කැනඩා කණ්ඩායමේ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 146ක් පමණයි.
පළමුවෙන් පන්දුවට පහර දුන් ඉතාලි ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ JJ Smuts. ඔහු පන්දු 37කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 49ක් ලබා ගත්තා.
ඊට අමතර ව ඉනිම අවසන් වෙද්දී Harry Manenti පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා ගන්නවා.
කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නන් සිව් දෙනෙක් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි කැනඩා ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක Dilpreet Bajwa. ඔහු පන්දු 34කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සමඟින් ලකුණු 37ක් ලබා ගත්තා.
ඊට අමතර ව Yuvraj Samra පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද සහ Nicholas Kirton පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 33ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී පන්දු යවන්නන් 5 දෙනෙක් අතරේ කඩුල්ල බැගින් බෙදී ගියා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ඉතාලිය – කඩුලු 4ක් දැවී 156 (20.0) Justin Mosca 22, Anthony Mosca 22, JJ Smuts 49, Harry Manenti නොදැවී 33
කැනඩාව – කඩුලු 6ක් දැවී 146 (20.0) Yuvraj Samra 33, Dilpreet Bajwa 37, Nicholas Kirton 33
ඉතාලියට ලකුණු 10ක ජයක්.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















