T20 ලෝක කුසලානයේ ඉතිහාසය

ICC Men's T20 World Cup 2026

6

10 වැනි වරටත් පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය හෙට (7) සිට ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සම සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි. මෙවර තරගාවලිය කණ්ඩායම් 5ක කාණ්ඩ 4ක් යටතේ තරග 55කින් සමන්විතයි.  

2007 වසරේ දී පළමු වරට ආරම්භ වූ මෙම තරගමාලාවේ පළමු තරගාවලියේ මෙන් ම ආසන්නත ම වසරේ ජයග්‍රාහකයන් ද වෙන්නේ ඉන්දියාවයි.  

මෙතෙක් පැවැති ලෝක කුසලාන තරගමාලාවේ ගමන් මඟ 

  ජයග්‍රාහකය  අනුශූරතාව   වසර  සත්කාරකත්වය  තරගයේ විරයා  තරගාවලියේ වීරයා 
1  ඉන්දියාව  පාකිස්තානය  2007  දකුණු අප්‍රිකාව  Irfan Pathan  Shahid Afridi 
2  පාකිස්තානය  ශ්‍රී ලංකාව  2009  එංගලන්තය  Shahid Afridi  තිලකරත්න ඩිල්ශාන් 
3  එංගලන්තය  ඕස්ට්‍රේලියාව  2010  බ. ඉ. කොදෙව්  Craig Kieswetter   Kevin Pietersen 
4  බ. ඉ. කොදෙව්  ශ්‍රී ලංකාව  2012  ශ්‍රී ලංකාව  Marlon Samuels  Shane Watson 
5  ශ්‍රී ලංකාව  ඉන්දියාව  2014  බංග්ලාදේශය  කුමාර් සංගක්කාර  Virat Kohli 
6  බ. ඉ. කොදෙව්  එංගලන්තය  2016  ඉන්දියාව  Marlon Samuels  Virat Kohli 
7  ඕස්ට්‍රේලියාව  නවසීලන්තය  2021  ඕමාන්/UAE  Mitchell Marsh  David Warner 
8  එංගලන්තය  පාකිස්තානය  2022  ඕස්ට්‍රේලියාව  Sam Curran  Sam Curran 
9  ඉන්දියාව  දකුණු අප්‍රිකාව  2024  ඇමරිකාව/බ.ඉ.කොදෙව්  Virat Kohli  Jasprit Bumrah 

ලෝක කුසලාන ඉතිහාසයේ සුවිශේෂී කඩඉම් 

260/6 (20.0) : ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් රැස් කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ශ්‍රී ලංකාව සතු වෙනවා. ඒ 2007 වසරේ දී Johannesburg හි දී ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණයයි.   

39/10 (12.0) : ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු සංඛ්‍යාව ලෙසින් සැලකෙන්නේ උගන්ඩාව 2024 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් ඉදිරියේ Providence හි දී රැස් කරන ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.  

මෙම ලැයිස්තුවේ එම ලකුණු සංඛ්‍යාව ම නෙදර්ලන්තය විසින් පන්දුවාර 10.3ක දී ශ්‍රී ලංකාව ඉදිරියේ Chattogram හි දී 2014 වසරේ දී දැවී ගොස් තිබෙනවා.  

459 : ලෝක කුසලාන ඉතිහාසයේ කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වෙන්නේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව 2016 වසරේ දී Wankhede ක්‍රීඩාංගණයේ දී ලබා ගන්නා ලද මෙම ලකුණු සංඛ්‍යාවයි.  

එහි දී දකුණු අප්‍රිකානු ක්‍රීඩකයො කඩුලු 4ක් දැවී ලකුණු 229ක් ලබා ගන්නා ලද අතර එංගලන්ත ක්‍රීඩකයෝ කඩුලු 8ක් දැවී ලකුණු 230ක් ලබා ගන්නා ලදි. 

79 : කණ්ඩායම් ද්විත්වයක් එක් ව වාර්තා කරන ලද අඩු ම ලකුණු සංඛ්‍යාව වූ මෙය වාර්තා වෙන්නේ 2014 වසරේ Chattogram හි දී යි. එහි දී පළමුවෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්තය සියලුම දෙනා දැවී ලකුණු 39ක් ලබා ගන්නා ලද අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව කඩුල්ලක් දැවී ලකුණු 40ක් රැස් කරනවා.  

172 : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණු පරතරයකින් යුක්ත ව ජයග්‍රහණයක් කළ කණ්ඩායම බවට පත් වෙන්නේ ශ්‍රී ලංකාවයි. ඔවුන් මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය දිනා ගන්නේ 2007 වසරේ දී Johannesburg හි දී කෙන්යාවට එරෙහි ව ලත් ජයග්‍රහණයයි.  

1292 : ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරු ලැයිස්තුවේ පළමු අසුන වෙන් ව ඇත්තේ ඉන්දියාවේ Virat Kohli වෙතයි. 

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරුවන් 5 දෙනා 
  Player  Team  Mat  Inns  NO  Runs  HS  Ave  100  50 
1  Virat Kohli  ඉන්දියාව  35  33  11  1292  89*  58.72  0  15 
2  Rohit Sharma  ඉන්දියාව  47  44  9  1220  92  34.85  0  12 
3  මහේල ජයවර්ධන  ශ්‍රී ලංකාව  31  31  5  1016  100  39.07  1  6 
4  Jos Buttler  එංගලන්තය  35  34  10  1013  101*  42.20  1  5 
5  David Warner  ඕස්ට්‍රේලියාව  41  41  3  984  89*  25.89  0  8 

 

123 : ලෝක කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙක් විසින් ඉනිමක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවේ හිමිකාරීත්වය නවසීලන්තයේ Brendon McCullum සතු වෙනවා. ඔහු මෙම දක්ෂතාව දක්වන්නේ 2012 වසරේ දී බංග්ලාදේශයට එරෙහි ව පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.  

 63x6s : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ බටහිර ඉන්දීය කොදෙව් හී Chris Gayle.  

115 x4s : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම හතරේ පහර එල්ල කළ ක්‍රීඩකයා බවට පත් වෙන්නේ ඉන්දියාවේ Rohit Sharma. 

50 : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නා වෙන්නේ බංග්ලාදේශයේ Shakib Al Hasan.  

ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභී පන්දු යවන්නන් 5 දෙනා 
  Player  Team  Mat  Inns  Over  Md  Runs  Wkts  Best  4w 
1  Shakib Al Hasan  බංග්ලාදේශය  43  41  146.3  0  1006  50  4/09  3 
2  Shahid Afridi  පාකිස්තානය  34  34  135.0  1  907  39  4/11  2 
3  ලසිත් මාලිංග  ශ්‍රී ලංකාව  31  31  102.4  0  763  38  5/31  1 
4  වනිඳු හසරංග  ශ්‍රී ලංකාව  19  19  72.2  1  434  37  3/08  0 
5  Rashid Khan  ඇෆ්ගනිස්තානය  23  23  87.2  0  551  37  4/09  3 

 

6/08 : ලෝක කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙක් පෑ ඉහළ ම දක්ෂතාව වෙන්නේ 2012 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ව සූරියවැව ක්‍රීඩාංගණයේ දී අජන්ත මෙන්ඩිස් පෑ මෙම දක්ෂතාවයි.  

170* : ලෝක කුසලාන ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් වෙනුවෙන් වාර්තා වූ ඉහළ ම සබඳතාව වෙන්නේ 2022 වසරේ දී එංගලන්තයේ Jos Buttler සහ Alex Hales එක් ව ඉන්දියාවට එරෙහි ව Adelaide හි දී පෑ මෙම දක්ෂතාවයි.  

47 : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග ගණනයකට ක්‍රීඩා කළ ක්‍රීඩකයා වෙන්නේ ඉන්දියාවේ Rohit Sharma. 

33 : ලෝක කුසලාන ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයක් මෙහෙයවූ නායකයා බවට පත් වෙන්නේ ඉන්දියාවේ MS Dhoni. 

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සියලු සජීවී දසුන් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<