හොංකොං සය සාමාජික ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ Bowl කුසලාන අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනිමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (9) සමත් වුණා. ඒ ඉන්දීය කණ්ඩායම ලකුණු 48කින් පරාජය කරමිනුයි.
හොංකොං හි Mission Road ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාව සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කිසිදු කඩුල්ලක් නොදැවී ලකුණු 138ක් ලබා ගත්තා.
ඊට පිළිතුරු ලෙසින් ඉන්දීය ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වූයේ කඩුලු 3ක් දැවී ලකුණු 90ක් පමණයි.
මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පෙර තරග කිහිපයේ ආරම්භක පිතිකරු සහ කඩුලු රැකීමේ කාර්යයේ නිරත වූ තනුක දාබරේ වෙනුවට සචිත ජයතිලක කැඳවා තිබුණා.
ශ්‍රී ලංකා Sixes කණ්ඩායම
ලහිරු මදුශංක (නායක), ලහිරු සමරකෝන්, සචිත ජයතිලක (කඩුලු රකින්නා), ධනංජය ලක්ෂාන්, නිමේෂ් විමුක්ති, තරිඳු රත්නායක.
ඉන්දීය Sixes කණ්ඩායම
Stuart Binny (නායක), Robin Uthappa (කඩුලු රකින්නා), Bharat Chipli, Abhimanyu Mithun, Shahbaz Nadeem, Priyank Panchal.
පළමුවෙන් පන්දුවට පහර දීමට අවස්ථාව ලද ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉනිම ආරම්භ කරන්නේ ලහිරු සමරකෝන් සහ ඩිල්ශාන් මදුශංක. ඔවුන් පළමු පන්දුවාරයේ දී සිට ම ගිණිකෙළ ඉනිමක් ආරම්භ කරන්නේ පළමු පන්දුවාරයේ දී ම ලකුණු 17ක් ලබා ගනිමිනුයි. ඉන් ලකුණු 16ක් ම වාර්තා වූයේ නායක ලහිරු මදුශංකගේ පිත්තෙනුයි.
අනතුරු ව යැවුණ 2 වැනි පන්දු පන්දුවාරයේ දී ලකුණු 21ක් ලබා ගැනීමට ඔවුන් දෙදෙනාට හැකි වෙනවා. එම පන්දුවාරයේ දී ද ලහිරු සමරකෝන් හතරේ පහරක් සහ හයේ පහරක් ද ලහිරු ඩිල්ශාන් හයේ පහරක් ද තම ඉනිම්වලට ඇතුලත් කර ගන්නවා.
තෙවැනි පන්දුවාරයේ දී ලහිරු මදුශංක හයේ පහරක් සහ හයේ පහරක් සහ හතරේ පහරක් ද සහ ලහිරු සමරකෝන් එල්ල කළ හයේ පහරක් ද සමඟින් ලකුණු එකතු කර ගත් අතර එම පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිමට එක් වූ ලකුණු සංඛ්‍යාව 22ක්. ඒ සමඟින් පන්දුවාර 3ක් අවසානයේ දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව 60ක් බවට පත් වුණා.
ඉනිමේ සිව්වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ඉනිමට එක් වූ ලකුණු සංඛ්‍යාව 20ක්. එහි දී ලහිරු සමරකෝන් හයේ පහර 2ක් සහ හතරේ පහරක් සමගින් කණ්ඩායමට ලකුණු එක් කළා.
අනතුරු ව යැවුණ 5 වැනි පන්දුවාරයේ පිට පිට හයේ පහර ත්‍රිත්වයක් එල්ල කළ ලහිරු මදුශංක තරගයේ නීති රීති අනුව අර්ධ ශතකයක් ලබා ගැනිමත් සමඟින් පිටියෙන් ඉවත් වෙනවා. ඒ වන විට ඔහු පන්දු 15ක දී හතරේ පහර 5ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.
ඔහුගේ ඉවත් වීමෙන් අනතුරු ව පිටියට එක් වෙන්නේ සචිත ජයතිලක. ඔහු තමන් මුහුණ දුන් පළමු පන්දුවේ දී ම හයේ පහරක් එල්ල කරමින් තම ඉනිම ආරම්භ කළා. එම පන්දුවාරයේ අවසන් පන්දුවේ දී ලහිරු සමරකෝන් ද හයේ පහරක් එල්ල කරන ලද අතර එම පන්දුවාරය අවසන් වෙන්නේ හයේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ශ්‍රී ලංකා ඉනිමට බැර වෙමින්.
ශ්‍රී ලංකා ඉනිමේ 6 වැනි පන්දුවාරයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගන්නවා. එම පන්දුවාරයේ දී ලහිරු සමරකෝන් ද අර්ධ ශතකයක වාර්තා කිරීමත් සමඟින් පිටියෙන් ඉවත් වූවා. ඒ වෙද්දී ඔහු පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 52ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට සචිත ජයතිලක පන්දු 5ක දී හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 16ක් ද සහ ධනංජය ලක්ෂාන් පන්දු 2ක දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ලබා සිටියා.
- ධනංජය සහ ලහිරුලා UAE පරාජය කරයි
- ශ්‍රී ලංකාව බංග්ලාදේශය හමුවේත් පරාජය වෙයි
- ආසන්නත ම ශූරයෝ හොංකොං හමුවේ පරාජය වෙයි
- දුනිත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම ආසියානු කුසලානයට!
- සම සත්කාරකයන්ගේ 2025 ලෝක කුසලාන වන්නම්
- හොංකොං යන සය සාමාජික කණ්ඩායමේ නායකත්වය ලහිරු මදුශංකට
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ඉනිමට යැවුණ පළමු පන්දුවාරය ලකුණු 14කට සීමා කරමින් යැවීමට ධනංජය ලක්ෂාන් සමත් වෙනවා. එහෙත් 2 වැනි පන්දුවාරයේ දී දැවැන්ත ප්‍රහාරයකට ලක් වීමට තරිඳු රත්නායකට සිදු වුණා. ඔහුගේ පන්දුවාරයේ දී Bharat Chipli හයේ පහර 3ක් සහ හතරේ පහරක් සමඟින් ලකුණු 22ක් ලබා ගත් අතර පන්දුවාරයේ දී ලකුණු 24ක් ලබා දීමට ඔහුට සිදු වුණා.
අනතුරු ව ලහිරු මදුශංක විසින් යැවුණ තෙවැනි පන්දුවාරයේ පළමු වැනි පන්දුවේ දී ඉන්දීය ඉනිමේ පළමු කඩුල්ල දැවී යනවා ඒ වෙද්දී ඔවුන් ලකුණු 38ක් ලබා සිටියා. එහෙත් එම පන්දුවාරයේ දී නැවතත් ක්‍රියාත්මක වූ Bharat Chipli හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් තම ඉනිමට ලකුණු එකතු කර ගත්තා.
ඉන්දීය ඉනිමේ සිව් වැනි පන්දුවාරයේ දී කඩුලු ද්විත්වයක් ලබා ගනිමින් ඔවුන් ව පාලනය කිරීමට ලහිරු සමරකෝන් සමත් වෙනවා. ඔහුගේ පළමු දඩයම වෙන්නේ ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Bharat Chipli. ඔහු පන්දු දැවී යන විට පන්දු 13ක දී හතරේ පහර 4ක් සහ හතරේ පහර 4ක් සමඟන් ලකුණු 41ක් ලබා සිටියා.
ඉන්දීය ඉනිමේ අනෙක් වැඩි ම ලකුණුලාභියා වූයේ Stuart Binny පන්දු 9ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 25ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී ලහිරු සමරකෝන් පන්දුවාර 2ක් යවමින් ලකුණු 20කට කඩුලු 2ක් ද සහ ලහිරු මදුශංක කඩුල්ලක් ද දවා ගත් අතර අවසන් පන්දුවාරය යැවූ නිමේෂ් විමුක්ති තම පන්දුවාරය ලකුණු 12කට සීමා කරමින් යවනු ලැබුවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
ශ්‍රී ලංකාSixes කණ්ඩායම – කිසිවෙක් නොදැවී 138 (6.0) ලහිරු සමරකෝන් පිටියෙන් ඉවත් වූවා 52, ලහිරු මදුශංක පිටියෙන් ඉවත් වූවා 52, සචිත ජයතිලක නොදැවී 16, ධනංජය ලක්ෂාන් නොදැවී 10
ඉන්දීයSixes කණ්ඩායම – කඩුලු 3ක් දැවී 90 (6.0) Bharat Chipli 41, Stuart Binny නොදැවී 25, ලහිරු සමරකෝන් 2/20
ශ්‍රී ලංකා Sixes කණ්ඩායමට ලකුණු 48ක ජයක්.
- තරගයේ වීරයා – ලහිරු සමරකෝන් (ශ්‍රී ලංකාව)
තරගාවලියේ Bowl කුසලාන අවසන් මහා තරගයට ශ්‍රී ලංකාව සමඟින් එක් වෙන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමයි.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<






















