ශ්‍රී ලාංකේය බැඩ්මින්ටන් ඉතිහාසයේ අම්බලන්ගොඩ සලකුණ තැබූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම උපන් ගමේ දී ප්‍රතිවාදීන් සමඟින් උරෙනුර ගැටීමට අවස්ථාව සැලසෙන “හැළඹගේ ප්‍රේමසිරි අනුස්මරණ“ විවෘත ශ්‍රේණිගත Level 1 බැඩ්මින්ටන් තරගාවලිය හෙට (10) සිට 14 වැනිදා දක්වා අම්බලන්ගොඩ දී පැවැත්වේ.
ලොව අංක එකේ පහසුකම් සපිරි පුහුණු මධ්‍යස්ථානයක් ලංකාවට
ක්‍රීඩා අමාත්‍යාංශයේ 2017 ප්‍රගතිය හා 2018 වසරේ ඉදිරි වැඩසටහන් පිළිබඳ මාධ්‍ය හමුවක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී අද (04) පැවැත්විය.
බැඩ්මින්ටන් පොර පිටියේ එකිනෙකා පරයමින් ජයග්‍රහණය සොයා යන ප්‍රවීණ, යොවුන් සේ ම අංකුර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ද සංකලනයකින් යුතුව එක්වෙන මෙම තරගාවලිය සංවිධානය කරනු ලබන්නේ දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමය මගිනි.
දේශීය බැඩ්මින්ටන් පිටියේ වාර්ෂික තරග කැලැන්ඩරයේ සුවිශේෂී තැනක් හිමිකර ගනිමින් පළමු වරට පැවැත්වෙන මෙම තරගාවලිය මෙම වසරේ දී බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ තරග පිටියේ දී මුණ ගැසී “සුබ නව වසරකට ආසිරි පතාගන්නා” පළමු තරගාවලිය ද වේ.

වසර කිහිපයක් ඈතට දිවෙන දකුණු පළාත් බැඩ්මින්ටන් තරග සැලසුමට අලුතෙන් එක් වූ මෙම තරගාවලිය නැසී ගිය තම සහෘදයා වන හැළඹගේ ප්‍රේමසිරි මහතා අනුස්මරණය කිරීම වෙනුවෙන් නවමු ලෙස සංවිධානය වන්නකි. හැළඹගේ ප්‍රේමසිරි මහතා දකුණු පළාත් බැඩ්මින්ටන් සංගමයේ හිටපු ආසන්නතම සභාපතිවරයා වන අතර ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ හිටපු සභාපති ද වේ. දකුණු පළාත් බැඩ්මින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් සේ ම සෑම ක්‍රීඩාවක් වෙනුවෙන්ම ඒ මහතා දක්වනු ලැබූ දායකත්වය වෙනුවෙන් මෙම තරගාවලිය ඒ මහතා නමින් නම් කර තිබේ.
යෝග්‍යතාවය ගොඩදාගෙන මැතිව්ස් යළි නායකත්වයට?
සීමිත පන්දුවාර තරග සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා පත්කිරීම හෙට (9) සිදු කිරීමට නියමිත අතර 2019 වර්ෂයේ පැවැත්වෙන ලෝක කුසලාන…
තරගාවලිය වයස අවුරුදු 11න් පහළ, 13න් පහළ, 15න් පහළ, 17න් පහළ බාලක බාලිකා ඒකල ඉසව්වලින් ද සහ 19න් පහළ බාලක බාලිකා ඒකල සහ යුගල ඉසව්වලින් ද විවෘත ඒකල සහ යුගල, මිශ්‍ර යුගල ඉසව්වලින් සමන්විත ය.

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ ශ්‍රේණිගත ක්‍රීඩකයන් සෑම කෙනෙක්ම මෙම තරගාවලිය සඳහා අයදුම්පත් යොමු කර ඇති බැව් ද බුද්ධික ද සිල්වා මහතා පැවසුවේ ය. විශේෂයෙන්ම කරුණාරත්න සහෝදරයන් වන නිලූක සහ දිනූක ද, බුවනෙක ගුණතිලක, සචින් ඩයස්, තිළිණි හෙන්දහේවා, අචිනි රත්නසිරි, ලේඛා ෂෙහානි වැනි වර්තමාන පිටියේ තරගකාරී ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමඟ අනාගතයේ ඔවුන්ගේ තැන් ගැනීමට පෙළ ගැසී සිටින සියල්ලෝම ද ඒ අතර වෙන බවයි පැවසෙන්නේ.
CH පළිගැනීමේ මෙහෙයුම සාර්ථකයි!
ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ නව වන සති අන්තය ආරම්භ කරමින් හැව්ලොක් ක්‍රීඩා සමාජය හා CH & FC කණ්ඩායම අතර අද (6) පැවති …
කලාකාමී පුරවරක් ලෙසින් ප්‍රසිද්ධ අම්බලන්ගොඩ නගරය ක්‍රීඩාවට ද දක්වන්නේ සුවිශේෂී ළැදියාවකි. ඒ අතරට බැඩ්මින්ටන් ක්‍රීඩාවට ද හිමි වෙන්නේ සුවිශේෂී ස්ථානයකි. බැඩ්මින්ටන් පිටියේ වර්තමානයේ අංක 1 හිමි නිලූක කරුණාරත්න සේ ම, තිළිණි හේන්දහේවා ද අම්බලන්ගොඩට නෑකම් කියන්නෝ ය. එමෙන්ම ඔවුන් හා හරි හරියට බැඩ්මින්ටන් පොර පිටියේ පොර අල්ලන දිනූක කරුණාරත්න, මධුෂිකා දිල්රුක්ෂි, නදීෂා හසන්ති ද අම්බලන්ගොඩ ලේ උරුමයන් ය.

එවන් ඉතිහාසයක් පපුතුරුලේ හොවා ගනිමින් සංවිධානය මෙම තරගාවලියේ අවසන් දින ආරාධිත අමුත්තා ලෙසින් ලෝක ශූර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක, අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සහභාගී වීමට නියමිත අතර සුවිශේෂී ආරාධිතයන් ලෙසින් ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපතිවරුන් වන පරාක්‍රම බස්නායක, සුරාජ් දන්දෙණිය යන මහත්වරුන් ද සහභාගී වීමට නියමිත ය.
තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට





















