වෙළඳසේවා දැල්පන්දු කිරුළ හැටන් නැෂනල් බැංකුවට

291
Gayani outshines Tharjini as HNB trump Seylan

2017 වෙළඳසේවා දැල්පන්දු ශූරතාවලියේ ‘A’ කාණ්ඩයේ ටොරිංටන් ක්‍රීඩාංගණයේ දී පැවති අවසන් තරගයේ දී, සෙලාන් බැංකු කණ්ඩායම පරාජය කළ හැටන් නැෂනල් බැංකු (HNB) කණ්ඩායම එහි ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

වරාය ක්‍රීඩිකාවන් පරාජය කරමින් යුද සෙබළියන් අවසන් මහා සටනට

2017 මන්චී ජාතික වොලිබෝල් ශූරතාවලියේ සුපර් ලීග් කාණ්ඩයේ පැවති දෙවැනි අවසන් පූර්ව තරගයේ දී, ශ්‍රී ලංකා …

මෙහි දී පසුගිය වසරේ ශූරතාවය දිනාගත් සෙලාන් බැංකු කණ්ඩායම ඉතා උණුසුම් තරගයකින් අනතුරුව ලකුණු 51-46ක් වශයෙන් පරාජයට පත්කරමින් හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ශූරතාවය දිනා ගන්නා ලදි. පසුගිය වසරේ තරගාවලියේ දී ද මෙම කණ්ඩායම් දෙකම තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ අතර එහි දී ලකුණු 60-56ක් වශයෙන් තරගය ජයග්‍රහණය කරමින් ශූරතාවය දිනා ගනු ලැබුවේ සෙලාන් බැංකු කණ්ඩායමයි.

තරගාවලියේ විවෘත මිශ්‍ර කාණ්ඩයේ දී ද සෙලාන් බැංකු කණ්ඩායම ලකුණු 20-07ක් වශයෙන් පරාජයට පත්කළ හැටන් නැෂනල් බැංකු කණ්ඩායම ශූරතාවය දිනා ගනු ලැබීය. තවදුරටත් තරගාවලියේ ‘B’ කාණ්ඩයේ ශූරතාවය දිනා ගැනීමට සමත් වූයේ නේෂන්ස් ට්‍රස්ට් බැංකු (NTB) කණ්ඩායම ලකුණු 28-14ක් වශයෙන් පරාජයට පත්කළ කොමර්ෂල් බැංකු කණ්ඩායමයි. තරගාවලියේ ‘C’ හා ‘D’ කාණ්ඩවල ශූරතා දිනා ගැනීමට පිළිවෙළින් MAS ෂේඩ්ලයින් කණ්ඩායම සහ ඔමේගා ලයින් A කණ්ඩායම සමත් විය. ඔවුන් හමුවේ පිළිවෙළින් ලකුණු 23-12ක් ලෙස HSBC බැංකු කණ්ඩායමත්, ලකුණු 24-13ක් ලෙස WNS ග්ලෝබල් කණ්ඩායමත් පරාජයට පත්විය.

තරගාවලියේ ‘A’ කාණ්ඩයේ 3 වන ස්ථානය ‘Citizen Development Business PLC’ කණ්ඩායමත්, ‘B’ කාණ්ඩයේ 3 වන ස්ථානය සම්පත් බැංකු කණ්ඩායමත් දිනා ගැනීමට සමත් විය. විවෘත මිශ්‍ර හා ‘D’ කාණ්ඩයේ 3 වන ස්ථාන පිළිවෙළින් දිනාගනු ලැබුවේ නේෂන්ස් ට්‍රස්ට් බැංකු කණ්ඩායම සහ බ්‍රැන්ඩික්ස් කණ්ඩායම් විසිනි.

සම්මාන 

  • දැල්පන්දු රැජිණ – ගයනි දිසානායක (HNB)
  • හොඳම ප්‍රහාරිකාව – තර්ජිනී සිවලිංගම් (සෙලාන් බැංකුව)
  • හොඳම ආරක්‍ෂක ක්‍රීඩිකාව – මන්දිරා චාරුණී (සෙලාන් බැංකුව)
  • හොඳම මැදපෙළ ක්‍රීඩිකාව – ගයාන්ජලී අමරවංස (HNB)
  • හොඳම පිරිමි ක්‍රීඩකයා – ක්‍රිෂාන් විශ්වජිත් (HNB)
  • හොඳම නැඟී එන ක්‍රීඩිකාව – මන්දුලී පතිරගේ (කොමර්ෂල් බැංකුව)
  • හොඳම නැඟී එන ප්‍රහාරිකව – නිසංසලා දිල්හානි (ඔමේගා ලයින් ‘A’)
  • හොඳම නැඟී එන ආරක්‍ෂක ක්‍රීඩිකාව – රෝෂිනී නවෝද්‍යා (ඔමේගා ලයින් ‘A’)
  • හොඳම නැඟී එන මැදපෙළ ක්‍රීඩිකාව – චමෝදි අමරසිංහ (කොමර්ෂල් ලීසිං)
  • හොඳම නිල ඇඳුම – සෙලාන් බැංකුව
  • හොඳම කණ්ඩායම් හැඟීම – MAS සිනර්ජි

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<