2021 වසරේ දී නවසීලන්තයේ පැවැත්වීමට නියමිත කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලැබීමේ තරගාවලියක් ලෙසින් පැවති තරග 3කින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ අද (21) පැවති අවසන් එක්දින තරගයෙන් ද කඩුලු 8ත ජයක් ලද එංගලන්ත කාන්තා කණ්ඩායම ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග 3ම ජය ගැනීමට සමත් විය.
එංගලන්ත පිතිකාරිණියෝ ලංකාවට රිදෙන්න පහර දෙති
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙය වීමෙන් 2021 වසරේ දී නවසීලන්තයේ…….
ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ලද මෙම පරාජයත් සමඟ ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලැබීම යටතේ සහභාගි වූ තරග 14න් 14ක්ම පරාජයට පත්වීම විශේෂත්වයක් විය. එපමණක් නොව ශ්‍රී ලංකාවට ඉතිරිව තිබෙන්නේ එම ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානය වේ.
කටුනායක වෙළඳ කලාප ක්‍රීඩා පිටියේ පැවති මෙම තරගයේ දී ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50ක දී ලකුණු 174කට සීමා කිරීමට එංගලන්ත පන්දු යවන්නියන් සමත් වද්දී එම ඉලක්කය පන්දු 143ක් සහ කඩුලු 8ක් ඉතිරිව තිබිය දී සපුරා ගැනීමට සංචාරක පිතිකාරිණියෝ සමත් වූහ.
Photos: Sri Lanka Women vs England Women | 3rd ODI
එම ඉලක්කය හඹා ගිය එංගලන්ත පිතිකාරිණියෝ ජයග්‍රාහී ඉලක්කය 26 වැනි පන්දුවාරයේ පළමු පන්දුවාරයේ දී සම්පූර්ණ කරගනිද්දී ආරම්භක පිතිකාරිණී ඇමී ජෝන්ස් මෙවර තරගාවලියේ පිට පිටම ලද තෙවැනි අර්ධ ශතකය ද වාර්තා කරගෙන තිබුණි. පන්දු 58ක දී වාර්තා වුණු ඇමී ජෝන්ස්ගේ වේගවත් ලකුණු 76ට ඇය හයේ පහර 3ක් සහ හතරේ පහර 8ක් එල්ල කළා ය.
තෝමසුවනුත් සර්වේශියානුවනුත් ගැටෙන රුහුණු නිල් මහා සටන
මෙරට වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතර පැරණිතම තරග අතුරින්……
පළමු සහ දෙවැනි තරග දෙකේ දී ද අර්ධ ශතක වාර්තා කළ ඇමී අද තරගයේ දී ටමීම් බියුමන්ට් එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 127ක් එක් කළහ. පන්දු 109ක් පමණක් වැය වුණු එම සම්බන්ධතාවය වෙනුවෙන් බියුමන්ට්ගේ දායකත්වය පන්දු 66ක දී ලකුණු 63කි.
ඇමී ජෝන්ස්ට අමතරව එංගලන්ත කණ්ඩායෙම් දැවී ගිය එකම පිතිකාරිණිය වූයේ බියුමන්ට් වන අතර ඔවුන් දෙදෙනාගේම කඩුලු පිට දඟපන්දු යවන ශෂිකලා සිරිවර්ධන විසින් දවා ගත්තාය. ශෂිකලාට ද පන්දුවාරයකට ලකුණු 8කට ආසන්න අගයක් ප්‍රතිවාදී පිතිකාරිණියන් විසින් වාර්තා කිරීම ද කැපී පෙනුණි. ශ්‍රී ලංකා කණ්ඩායමේ දුවද්දී දැවී යෑම් 3ක් වාර්තා වීම, මෙතරම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා වීමට හේතු වූ තවත් කරුණක් විය. නිලක්ෂි ද සිල්වා (18), ඕෂධී රණසිංහ (29) සහ ඉනෝෂි ප්‍රනාන්දු (01) එසේ දුවද්දී දැවී ගිය පිතිකාරිණියෝ විය.
සත්කාරකයින් වුවද ශ්‍රී ලංකා ඉනිමේ කැපී පෙනෙන ඉනිමක් වූයේ නම් ඒ හර්ෂිතා මාධවී පමණි. ඇය මැද පෙළින් පැමිණ ලකුණු 42ක් රැස් කළ ද ඒ සඳහා පන්දු 72කට මුහුණ දුන්නාය. තම කණ්ඩායමේ සාමාජිකාවන් එක පිට එක දැවී යද්දී කඩුල්ලේ රැඳී සිටීම හැර වෙන කිසිවක් ගැන සිතීමට මාධවීට ඉඩ කඩක් නොවීය. ලකුණින් ලකුණ එක් කරමින් තම කණ්ඩායම වැටී තිබෙන අඩියෙන් ගොඩ ගැනීමට මාධවී උත්සාහ ගත් අතර හංසිමා කරුණාරත්න එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 53ක් එක් කළාය. එය නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 100 සීමාව ඉක්මවා යෑම ද විටෙක අවදානම් තත්ත්වයක විය. හන්සිමා කරුණාරත්න ලකුණු 28ක් සහ ඕෂධී රණසිංහ ලකුණු 25ක් වශයෙන් ලකුණු 20 කඩඉම ඉක්මවූ පිතිකාරිණියන් බවට පත්වූහ.
ඕශදී සහ නිලක්ෂි ගඟට ඉනි කපයි
අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ මෙහෙයවීමෙන් 2021 වසරේ දී…..
දෙරට අතර පැවැත්වෙන තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය ලබන 24 වැනිදා කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇත.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 50ක දී සියලු දෙනා දැවී ලකුණු 174 – හර්ෂිතා මාධ්‍යවී 42, අනුෂ්ක සංජීවනී 15, හංසිමා කරුණාරත්න 28, නිලක්ෂි ද සිල්වා 18, ඕෂධී රණසිංහ 29, ශ්‍රබ්සෝල් 30/2, ක්‍රොස් 25/2, හර්ට්ල් 39/2
එංගලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 26.1ක දී කඩුලු දෙකකට ලකුණු 177 – ඇමී ජෝන්ස් 76, ටැමී බියුමන්ට් 63, ලෝරින් වින්ෆීල්ඩ් (නොදැවී) 29, ශෂිකලා සිරිවර්ධන 56/2
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















