2019 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර අද (14) සවුත්හැම්ප්ටන් දී පැවති තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.
ඉන්දු නවසීලන්ත තරගයටත් වර්ෂාවෙන් බාධා!
ඉන්දියාව හා නවසීලන්තය අතර අද (13) පැවැත්වීමට නියමිතව තිබූ තරගයත් වර්ෂාව හේතුවෙන් අතහැර දැමීමට සිදු වූ අතර දෙපිළ ම එක් ප්‍රසාද ලකුණ
කාසියේ වාසිය ජයග්‍රහණය කළ එංගලන්ත නායකයාගේ ඇරයුමෙන් පළමුව පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 44යි පන්දු 4ක දී සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 212ක් පමණි.
එංගලන්ත ආරම්භක පන්දු යවන්නන් වූ ක්‍රිස් වෝක්ස් හා ජොෆ්රා ආචර් කොදෙව් ඉනිම ආරම්භයේ සිටම මනා පාලනයකින් යුතුව පන්දු යැවූ අතර ඔවුන් හමුවේ යම් තරමකින් හෝ සාර්ථක වූයේ ක්‍රිස් ගේල් පමණි.
ඉනිමේ දෙවන පන්දුවාරයේ දී ම එවින් ලුවිස් ලකුණු 2කට දවා ගැනීමට ක්‍රිස් වෝක්ස් සමත් වූ නමුත් දෙවන කඩුල්ලට ලකුණු 50ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ක්‍රිස් ගේල් හා ශායි හෝප් සමත් වූයේ ක්‍රිස් ගේල්ගේ මූලිකත්වයෙනි.
නමුත් තරගයේ 13 වැනි පන්දුවාරයේ දී ලියම් ප්ලන්කට්ගේ පන්දුවක් හමුවේ ක්‍රිස් ගේල් ලකුණු 36කට දැවී ගිය අතර ඊළඟ පන්දුවාරයේ දී ශායි හෝප් මාක් වුඩ් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වූයේ කොදෙව් ඉනිමේ මුල් කඩුලු 3ම ලකුණු 55ක් තුළ දවා ගනිමිනි.
ඉන්පසු පිටියේ එක් වූ නිකොලස් පූරාන් හා ශිම්රන් හෙට්මයර්, කොදෙව්වන්ට සුපුරුදු වේගවත් පිතිහරඹය වෙනුවට ආරක්ෂාකාරී ලෙස ඉනිම ගොඩ නැගීමට වූයේ සිව්වැනි කඩුල්ල සඳහා ලකුණු 89ක සම්බන්ධතාවයක් පවත්වමිනි.
>> 2019 ක්‍රිකට් ලෝක කුසලානයේ Hub එකට මෙතැනින් පිවිසෙන්න <<
මෙම වමත් පිතිකරු සබඳතාවය බිඳ දැමීමට මෝගන් විසින් දකුණතින් පිට දඟපන්දු යවන ජෝ රූට් කැඳ වූ අතර එම තීරණය සාර්ථක කරමින් ජෝ රූට් ලකුණු 39ක් ලබා සිටි ශිම්රන් හෙට්මයර් දවා ගත් අතර ඉන්පසු තමා විසින් ක්‍රියාත්මක කළ ඊළඟ පන්දු වාරයේ දී කොදෙව් නායක ජේසන් හෝල්ඩර්ව ද ලකුණු 9ක් ලබා සිටිය දී ක්‍රීඩාගාරය හරවා යැවූවේ තරගයේ පාලනය යළි එංගලන්තය වෙත හරවා ගනිමිනි.
නිකොලස් පූරාන් ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙමින් පන්දු 78ක දී ලකුණු 63ක් ලබා ගත් අතර පසු පෙළ පිතිකරුවන් වූ ඇන්ඩ්‍රි රසල් හා ක්‍රේග් බ්‍රාත්වෙයිට් වේගවත් ආරම්භයක් ලබා ගත්ත ද සිය කණ්ඩායම හොඳ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට ඔවුහු අපොහොසත් වූහ.
පන්දු යැවීමේ දී මාක් වුඩ් හා ජොෆ්රා ආචර් කඩුලු 3 බැගින් ලබා ගත් අතර ජෝ රූට් කඩුලු 2ක් ලබා ගෙන සිය පන්දු යැවීමෙන් කණ්ඩායම වෙත දායකත්වය ලබා දෙන ලදි.
ලෝක කුසලානයේ අපට නොපෙනෙන පැති ගැන අසන්ත පහදයි
2019 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි දක්වන්නේ ඇයි දැයි ජාත්‍යන්තර ක්‍රිකට් විමසන බව ශ්‍රී
පිළිතුරු ඉනිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33යි එක් පන්දුවක දී කඩුලු 2ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ මෙම තරගාවලියේ තෙවන ජයග්‍රහණය හිමි කරගෙන ලකුණු සටහනේ දෙවන ස්ථානය දක්වා ඉදිරියට පැමිණෙමිනි.
පිතිකරණ අනුපිළිවෙළේ වෙනස්කමක් කරමින් අද ෙජෝ රූට් ජොනී බෙයාස්ටෝ සමඟින් ඉනිම ආරම්භ කළ අතර තමාට ලැබුණු උසස් වීමට සාධාරණයක් ඉටු කළ ජෝ රූට් සිය පහළොස්වැනි එක්දින ජාත්‍යන්තර ශතකය වාර්තා කරමින් එංගලන්ත ජයග්‍රහණය පහසු කිරීමට කටයුතු කළේය.
ඊට අමතරව ජොනී බෙයාස්ටෝව් ලකුණු 45ක් හා අද නොම්මර 3 ස්ථානයේ ක්‍රීඩා කළ ක්‍රිස් වෝක්ස් ලකුණු 45ක් ලබා ගනිමින් ජෝ රූට් වෙත හොඳ සහයෝගයක් ලබා දුන්නේය.
සිම්බාබ්වේ කණ්ඩායමේ ප්‍රබල වෙනස්කම් කිහිපයක්
සිම්බාබ්වේ කණ්ඩායමේ නෙදර්ලන්ත තරග සංචාරය වෙනුවෙන් නම් කර තිබෙන සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ආබාධයකට ලක්වී තිබෙන
පන්දුවාර 33ක දී එංගලන්ත කණ්ඩායම ජයග්‍රාහී ඉලක්කය පසු කරන විට නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ජෝ රූට් පන්දු 94ක දී ලකුණු 100ක් හා බෙන් ස්ටෝක්ස් ලකුණු 10ක් ලබා සිටියහ.
පන්දු යැවීමේ ජේසන් හෝල්ඩර් විසින් පන්දු යවන්නන් හත් දෙනෙක් භාවිත කළ නමුත් කිසිදු පන්දු යවන්නෙකු හට සාර්ථක වීමට එංගලන්ත පිතිකරුවන් ඉඩ ලබා දුන්නේ නැත. ෂැනොන් ගේබ්‍රියල් පමණක් දැවී ගිය කඩුලු දෙකම ලබා ගන්නා ලදි.
අවශ්‍යම මොහොතේ කඩුලු 2ක් ලබා ගනිමින් හා ශතකයක් වාර්තා කරමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළ ජෝ රූට් තරගයේ වීරයා සම්මානය දිනා ගන්නා ලදි.
මෙම තරගාවලියේ තවත් තරග දෙකක් හෙට (15) පැවැත්වෙන අතර එහි දී ශ්‍රී ලංකාව ඕස්ට්‍රේලියාව සමඟින් ලන්ඩන් හී දී තරග වදින අතර ඇෆ්ගනිස්තානය හා දකුණු අප්‍රිකාව අතර තරගය කාඩිෆ් හී දී දිවා රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වෙනු ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Chris Gayle | c Jonny Bairstow b Liam Plunkett | 36 | 41 | 5 | 1 | 87.80 |
| Evin Lewis | b Chris Woakes | 2 | 8 | 0 | 0 | 25.00 |
| Shai Hope | lbw b Mark Wood | 11 | 30 | 1 | 0 | 36.67 |
| Nicholas Pooran | c Jos Buttler b Jofra Archer | 63 | 78 | 3 | 1 | 80.77 |
| Shimron Hetmyer | c & b Joe Root | 39 | 48 | 4 | 0 | 81.25 |
| Jason Holder | c & b Joe Root | 9 | 10 | 0 | 1 | 90.00 |
| Andre Russell | c Chris Woakes b Mark Wood | 21 | 16 | 1 | 2 | 131.25 |
| Carlos Brathwaite | c Jos Buttler b Jofra Archer | 14 | 22 | 0 | 1 | 63.64 |
| Sheldon Cottrell, | lbw b Jofra Archer | 0 | 1 | 0 | 0 | 0.00 |
| Oshane Thomas | not out | 0 | 11 | 0 | 0 | 0.00 |
| Shannon Gabriel | b Mark Wood | 0 | 3 | 0 | 0 | 0.00 |
| Extras | 17 (b 0 , lb 5 , nb 0, w 12, pen 0) |
| Total | 212/10 (44.4 Overs, RR: 4.75) |
| Fall of Wickets | 1-4 (2.6) Evin Lewis, 2-54 (12.6) Chris Gayle, 3-55 (13.2) Shai Hope, 4-144 (29.5) Shimron Hetmyer, 5-156 (31.6) Jason Holder, 6-188 (36.2) Andre Russell, 7-202 (39.4) Nicholas Pooran, 8-202 (39.5) Sheldon Cottrell,, 9-211 (43.4) Carlos Brathwaite, 10-212 (44.4) Shannon Gabriel, |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Chris Woakes | 5 | 2 | 16 | 1 | 3.20 | |
| Jofra Archer | 9 | 1 | 30 | 3 | 3.33 | |
| Liam Plunkett | 5 | 0 | 30 | 1 | 6.00 | |
| Mark Wood | 6.4 | 0 | 18 | 3 | 2.81 | |
| Ben Stokes | 4 | 0 | 25 | 0 | 6.25 | |
| Adil Rashid | 10 | 0 | 61 | 0 | 6.10 | |
| Joe Root | 5 | 0 | 27 | 2 | 5.40 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Jonny Bairstow | c Carlos Brathwaite b Shannon Gabriel | 45 | 46 | 7 | 0 | 97.83 |
| Joe Root | not out | 100 | 94 | 11 | 0 | 106.38 |
| Chris Woakes | c Fabian Allen b Shannon Gabriel | 40 | 54 | 4 | 0 | 74.07 |
| Ben Stokes | not out | 10 | 6 | 2 | 0 | 166.67 |
| Extras | 18 (b 0 , lb 2 , nb 1, w 15, pen 0) |
| Total | 213/2 (33.1 Overs, RR: 6.42) |
| Fall of Wickets | 1-95 (14.4) Jonny Bairstow, 2-199 (31.5) Chris Woakes, |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Sheldon Cottrell, | 3 | 0 | 17 | 0 | 5.67 | |
| Oshane Thomas | 6 | 0 | 43 | 0 | 7.17 | |
| Shannon Gabriel | 7 | 0 | 49 | 2 | 7.00 | |
| Andre Russell | 2 | 0 | 14 | 0 | 7.00 | |
| Jason Holder | 5.1 | 0 | 31 | 0 | 6.08 | |
| Carlos Brathwaite | 5 | 0 | 35 | 0 | 7.00 | |
| Chris Gayle | 5 | 0 | 22 | 0 | 4.40 | |






















