Home Sinhala එංගලන්තය තරගාවලිය සම මට්ටමට ගෙන එයි

එංගලන්තය තරගාවලිය සම මට්ටමට ගෙන එයි

England Tour Of Sri Lanka 2026

5
England Tour Of Sri Lanka 2026

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දෙවැනි තරගය අද (24) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය ද ශ්‍රී ලංකා නායක චරිත් අසලංක සතු වූ අතර, සුපුරුදු පරිදි මෙවරත් පළමුව පන්දුවට පහර දීමට චරිත් තීරණය කළා.

පෙර තරගයේ දී මෙන්ම, මෙවරත් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු යුගලයට සාර්ථක වීමට එංගලන්තය ඉඩ ලබා දුන්නේ නැහැ.

අද දිනයේ කමිල් මිශාරගේ පිත්තෙන් ඉනිමට එක් වුනේ ලකුණු 5ක් පමණයි. එමෙන්ම පැතුම් නිස්සංකගේ පිත්තෙන් ඉනිමට එක් වුනේ ලකුණු 26ක් පමණයි.

මේ අතරවාරයේ දී පළමු තරගයේ ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමේ නැංගුරම වූ කුසල් මෙන්ඩිස් ද අද දිනයේ ලකුණු 26කට දැවී ගියේ ඉනිමේ කර නායක චරිත් සහ අත්දැකීම් බහුල ධනංජය ද සිල්වා වෙත නතු කරමිනුයි.

ඔවුන් දෙදෙනා විසින් ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 66ක් එක් කිරීමට සමත් වූ අතර, ධනංජය ලකුණු 40ක් ලබා පිටියෙන් ඉවත් වීමත් සමඟ එම සබඳතාව නිමාවට පත් වුනා.

අද දිනයේ දී ජනිත් ලියනගේට ද බලාපොරොත්තු වූ තරම් සාර්ථක වීමට නොහැකි වූ අතර, පවන් රත්නායක ලකුණු 29ක් ලබමින් ඉනිම ලකුණු 200 සීමාව කරා ගෙන යාමට සහය ලබා දුන්නා.

මෙහි දී ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ චරිත් විසින් ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා. මීට අමතරව පෙර තරගයේ දී මෙන්ම, මෙවරත් ශ්‍රී ලංකා ඉනිම සාර්ථකව අවසන් කිරීම වෙනුවෙන් දුනිත් වෙල්ලාලගේ පිටියට පිවිසුණත් ඔහුට මෙවර පිටියේ අනෙක් පිතිකරුවන්ගෙන් අවශ්‍ය තරමේ සහයක් හිමි නොවීම නිසා අමතර පීඩනයකට ලක් වුනා. මේ හේතුවෙන් දුනිත්ගේ ඉනිම හතරේ පහර 2ක් ද සමඟ ලකුණු 20කින් නතර වුනා.

මේ අනුව ශ්‍රී ලංකාව පන්දුවාර 49 පන්දු 3ක් තුළ සියලු දෙනා දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 219ක් පමණයි.

මෙහි දී එංගලන්තය වෙනුවෙන් Joe Root, Adil Rashid සහ Jamie Overton කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

මින් අනතුරුව එංගලන්තය පිතිකරුවන් අදාළ ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණා. මෙහි දී එංගලන්තය පළමු කඩුල්ල ලෙස Rehan Ahmed ලකුණු 13ක් ලබමින් පිටියෙන් ඉවත් වුනත්, ඉන් පසුව එංගලන්තය වෙනුවෙන් කඩුල්ලේ එක් වූ Joe Root සහ Ben Duckett දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 68ක් එක් කිරීමට සමත් වුනා. මෙහි දී Duckettගේ පිත්තෙන් ලකුණු 39ක් ඉනිමට එක් වුනා.

මීට අමතරව ඉනිමේ සිව්වැනි කඩුල්ල වෙනුවෙන් Root සහ නායක Harry Brook අතරේ ලකුණු 81ක සබඳතාවක් ඇති වූ අතර, මෙහි දී Brookගේ පිත්තෙන් ලකුණු 42ක් වාර්තා වුනා.

පළමු තරගයේ දී මෙන්ම මෙම තරගයේ දීත් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගය වූ Root විසින් ලකුණු 75ක් ලබා ගනිමින් තරගයේ ජය එංගලන්තය වෙතට හැරවීමේ ප්‍රධානත්වය ලබා ගත්තා.

එමෙන්ම එංගලන්තය තරගය ජයග්‍රහණය කරා රැගෙන යමින් නොදැවුණු ඉනිමක් දියත් කිරීමට සමත් වූ Jos Buttler පන්දු 21කින් ලකුණු 33ක් ලබා ගැනීමට සමත් වුනා.

මේ අනුව එංගලන්තය විසින් පන්දුවාර 46 පන්දු 2ක් තුළ කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය හඹා යාමට සමත් වුනා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දුවෙන් සාර්ථක වූ ධනංජය ද සිල්වා සහ ජෙෆ්‍රි වැන්ඩසේ කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් වුනා.

තරගයේ වීරයා – Joe Root

මේ අනුව දෙරට අතර පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය මේ වන විට 1-1ක් ලෙස සම මට්ටමින් පවතිනවා.

Result
Sri Lanka
219/10 (49.3)
England
223/5 (46.2)
Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Will Jacks b Adil Rashid 26 37 2 1 70.27
Kamil Mishara  c Ben Duckett b Jamie Overton 5 12 1 0 41.67
Kusal Mendis run out (Will Jacks) 26 45 2 0 57.78
Dhananjaya de Silva c Joe Root b Liam Dawson, 40 59 4 0 67.80
Charith Asalanka c Ben Duckett b Adil Rashid 45 64 1 0 70.31
Janith Liyanage  c Adil Rashid b Jamie Overton 12 11 2 0 109.09
Pavan Rathnayake c Liam Dawson, b Will Jacks 29 34 3 0 85.29
Dunith Wellalage c Sam Curran b Joe Root 20 19 2 0 105.26
Pramod Madushan st Jos Buttler b Rehan Ahmed 8 10 0 0 80.00
Jeffery Vandersay not out 1 4 0 0 25.00
Asitha Fernando c & b Joe Root 0 1 0 0 0.00
Extras 7 (b 0 , lb 2 , nb 0, w 5, pen 0)
Total 219/10 (49.3 Overs, RR: 4.42)
Bowling O M R W Econ
Jamie Overton 5 1 21 1 4.20
Sam Curran 4 0 16 0 4.00
Liam Dawson, 10 1 41 1 4.10
Will Jacks 10 1 47 1 4.70
Adil Rashid 10 0 34 2 3.40
Jacob Bethell 3 0 20 0 6.67
Rehan Ahmed 5 0 21 1 4.20
Joe Root 2.3 0 12 2 5.22

Batsmen R B 4s 6s SR
Rehan Ahmed b Dhananjaya de Silva 13 18 1 0 72.22
Ben Duckett b Jeffery Vandersay 39 51 2 1 76.47
Joe Root lbw b Asitha Fernando 75 90 5 0 83.33
Jacob Bethell c Charith Asalanka b Dhananjaya de Silva 6 14 0 0 42.86
Harry Brook lbw b Jeffery Vandersay 42 75 2 0 56.00
Jos Buttler not out 33 21 3 1 157.14
Will Jacks not out 8 8 1 0 100.00
Extras 7 (b 0 , lb 1 , nb 0, w 6, pen 0)
Total 223/5 (46.2 Overs, RR: 4.81)
Bowling O M R W Econ
Asitha Fernando 7 0 31 1 4.43
Pramod Madushan 3.2 0 20 0 6.25
Dhananjaya de Silva 7 0 37 2 5.29
Dunith Wellalage 10 0 50 0 5.00
Charith Asalanka 8 0 27 0 3.38
Jeffery Vandersay 10 0 45 2 4.50
Pavan Rathnayake 1 0 12 0 12.00

දෙරට අතර තීරණාත්මක අවසන් එක්දින තරගය එළඹෙන 27 (අඟහරුවාදා) පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<