එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ විස්සයි විස්ස තරගාවලිය ඊයේ (30) දිනයෙන් ආරම්භ වුනා.
මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු මෙම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර, එම නිසා තරගය ආරම්භ කිරීම තරමක් ප්‍රමාද වුනා.
කෙසේ වෙතත් පසුව තරගය පන්දුවාර 17කට පමණක් සීමා කරමි ආරම්භ වූ අතර, තරගයේ කාසියේ වාසිය ජය ගත් එංගලන්තය විසින් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට බාර දුන්නා.
ශ්‍රී ලංකාව වෙනුවෙන් කමිල් මිශාර සහ පැතුම් නිස්සංක පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණු අතර, මෙහි දී මිශාරගේ පිත්තෙන් ලකුණු 16ක් ඉනිමට එක් වුනා. ඉනිමේ ලකුණු තත්වය 24ක් වන විට මිශාර පිටියෙන් ඉවත් වූ අතර, ඉන් පසුව කඩුල්ලට පිවිසි කුසල් මෙන්ඩිස්, පැතුම් සමඟ එක් වී ලකුණු 52ක වේගවත් සබඳතාවක් පැවැත්වීමට සමත් වුනා.
මෙහි දී පැතුම් ලකුණු 23ක් ලබා ගැනීමට සමත් වූ අතර, ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ කුසල් හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් සමඟ පන්දු 20කින් ලකුණු 37ක් ලබා ගැනීමට සමත් වුනා.
කෙසේ වෙතත් ඔවුන් දෙදෙනාගේ සබඳතාව හැරුණු කොට ශ්‍රී ලංකාවට විශේෂ කොට දැක්විය හැකි සබඳතාවක් ඇති නොවුණු තරම්.
මීට අමතරව ඉනිමේ පසු පෙළින් නායක දසුන් ලකුණු 20ක් සහ වනිඳු හසරංග ලකුණු 14ක් ලබා ගැනීමට සමත් වුනා.
ඉනිමේ 17 වැනි පන්දුවාරය වන විට සියලු ශ්‍රී ලංකා පිතිකරුවන් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට එංගලන්තය සමත් වූ අතර, මෙහි දී එංගලන්තය වෙනුවෙන් Sam Curran කඩුලු ත්‍රිත්වයක් දවා ගැනීමට ද සමත් වුනා.
ඔහුගේ කඩුලු ත්‍රිත්වය සඳහා නායක දසුන්, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණගේ කඩුලු අයිති වුනා. එමෙන්ම Adil Rashid ද කඩුලු තුනක් දවා ගැනීමට සමත් වුනා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
ඉන් අනතුරුව එංගලන්ත පිතිකරුවන් සිය පිළිතුරු ඉනිම ආරම්භ කිරීමට පිටියට අවතීර්ණ වූ අතර, ඔවුන් ඉනිමේ ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 36ක් එක් කිරීමට සමත් වුනා.
එමෙන්ම මෙහි දී එංගලන්තය වෙනුවෙන් ඉතා හොඳ ආරම්භක පිතිකරණයක් දියත් කිරීම ඇරඹූ Phil Salt ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස දැවී යන විට ලකුණු 48ක් ලබා ගැනීමට ද සමත් වී සිටියා. මීට අමතරව Tom Bantonගේ පිත්තෙන් ඉනිමට ලකුණු 29ක් එක් වූ අතර, මේ අනුව එංගලන්තය පන්දුවාර 15ක් නිම වන විට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වී සිටියා.
ඒ වන විට දැවී ගිය එංගලන්ත කඩුලු 4න් 2ක් එශාන් මාලිංග සතු වූ අතර, ඒ මොහොතේ නැවත තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා තරගය නතර කිරීමට තීරණය කළා.
ඒ මොහොත වන විට එංගලන්ත ලකුණු පුවරුව අනුව එංගලන්තයට DLS න්‍යාය යටතේ ලකුණු 11ක ජයක් හිමි වුනා.
තරගයේ වීරයා සම්මානය Adil Rashid හට හිමි වුනා.
ඒ අනුව දෙරට අතර පැවැත්වෙන විස්සයි විස්ස තරගාවලිය 1-0ක් ලෙස පෙරමුණ ගැනීමට එංගලන්තය සමත් වී ඇති අතර, ඔවුන්ගේ මීළඟ තරගය හෙට (01) පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලිය පිළිබඳ ව සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















