එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සූදානම් වෙයි

England Tour Of Sri Lanka 2026

30
England Tour Of Sri Lanka 2025

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ දී ශ්‍රී ලංකාවේ තරග සංචාරයක් සඳහා සහභාගී වීමට සූදානමින් පසුවනවා.

එක්දින තරග ත්‍රිත්වයකින් සහ විස්සයි විස්ස තරග ත්‍රිත්වයකින් සමන්විත මෙම තරගාවලියට සහභාගී වන එංගලන්ත කණ්ඩායම එළඹෙන ජනවාරි මස 19 වැනි දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත අතර, එතැන් සිට පෙබරවාරි මාසය තෙක් ඔවුන් ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි.

තරග කාලසටහන;

  • පළමු එක්දින තරගය: ජනවාරි 22කොළඹ දී
  • දෙවන එක්දින තරගය:ජනවාරි 24 කොළඹ දී
  • තෙවන එක්දින තරගය:ජනවාරි 27 කොළඹ දී
  • පළමු විස්සයි විස්ස තරගය:ජනවාරි 30 පල්ලෙකැලේ දී
  • දෙවන විස්සයි විස්ස තරගය:පෙබරවාරි 01 පල්ලෙකැලේ දී
  • තෙවන විස්සයි විස්ස තරගය:පෙබරවාරි 03 පල්ලෙකැලේ දී

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<