සුපිරි සති අන්තයකට ඔබ සූදානම් ද?

308

මෙවර ඩයලොග් රග්බි ලීගයේ සුපිරි වටයේ තරග මෙම සති අන්තයේදී (23,24) ආරම්භ කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත. ඒ අනුව මෙවර ලීගයේ සාර්ථක 15 වැනි සතිය මෙසේ ආරම්භ වීමට නියමිතයි.

පොලිස් භටයන්ගේ ප්‍රහාරයෙන් නාවික හමුදාවට වේදනාබර පරාජයක්

ඩයලොග් අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන වටයේ අවසන් සති අන්තය නිමා කරමින් අද (17)…

පසුගිය සති අන්තයේ දී ලැබූ තියුණු ජයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමත්වී ඇති අතර මෙවර කුසලාන ශූරතාවය සඳහා වැඩි ඉඩ ප්‍රස්ථාවක් හිමිකර ගැනීමට හැව්ලොක් ක්‍රීඩා සමාජය සමඟ මහනුවර ක්‍රීඩා සමාජය සමත් වී ඇත.

මෙවර ඩයලොග් රග්බි ලීගයේ සාර්ථක සති 14කින් පසුව ප්‍රසාද ලකුණු සටහන පහත පරිදි වේ.

එම ප්‍රසාද ලකුණු සටහනට අනුව පෙරමුණ ගැනීමට සමත්වී ඇති කණ්ඩායම් 4 “කුසලාන ශූරතාවය” සඳහා තරග වදින අතර අනෙක් කණ්ඩායම් 4 “පලඟ ශූරතාවය” සඳහා තරග වදිනු ඇත.

“මෙම වසරේ ලීගයේ දී සුපිරි සති අන්ත දෙකකින් පසුව වැඩිම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවක් සමඟ පෙරමුණ ගැනීමට සමත් වන කණ්ඩායම ඩයලොග් රග්බි ලීගයේ ශූරයන් ලෙස අභිෂේක ලබනු ඇත.” යයි ඩයලොග් රග්බි ලීගයේ අධ්‍යක්ෂක රිස්ලි ඉලියාස් මහතා පැවසීය.

රග්බි පිටියට වෙනසක් ගේන මොකක්ද මේ සුපිරි වටය?

සුවහසක් වූ ශ්‍රී ලාංකේය රග්බි ක්‍රීඩාලෝලීන් මහත් උනන්දුවකින් සහ ඇල්මකින් සෑම වර්ෂයක් පාසාම…

මෙවර ලීගයේ පෙරමුණ ගෙන ඇති හැව්ලොක් ක්‍රීඩා සමාජයට සහ දෙවන ස්ථානයේ පසුවන මහනුවර ක්‍රීඩා සමාජයට කුසලාන ශූරතා සිහිනය සැබෑ කර ගැනීමට නම් ඉදිරියේ දී පැවැත්වීමට නියමිත සුපිරි වටයේ තරග ජයග්‍රහණය කිරීම ඉතා වැදගත් වනු ඇත.

මෙවර ලීගයේ පළමු සුපිරි සති අන්තයේ තරග කාලසටහන

  • පෙබරවාරි 23 – යුධ හමුදා ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජය  – ප.ව. 4.00 වැලිසර ක්‍රීඩාංගණයේ දී
  • පෙබරවාරි 23 – හැව්ලොක් ක්‍රීඩා සමාජය සහ CR&FC කණ්ඩායම – ප.ව. 4.00 හැව්ලොක් පාර්ක් ක්‍රීඩාංගණයේ දී  
  • පෙබරවාරි 24 – පොලිස් ක්‍රීඩා සමාජය සහ නාවික  හමුදා ක්‍රීඩා සමාජය – ප.ව. 4.00 පොලිස් පාර්ක් ක්‍රීඩාංගණයේ දී
  • පෙබරවාරි 24 – මහනුවර ක්‍රීඩා සමාජය සහ CH&FC කණ්ඩායම – ප.ව. 4.00 නිත්තවෙල ක්‍රීඩාංගණයේ දී

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<