ආදරවන්තයන්ගේ දිනයේ දී මහනුවරට ආදරණීය ජයක්

349
ආදරවන්තයන්ගේ දිනයේ දී මහනුවරට ආදරණීය ජයක්

ඩයලොග් රග්බි සති අන්තය ආරම්භ කරමින් ප්‍රබල ගුවන් හමුදා කණ්ඩායම සහ ප්‍රසාද ලකුණු සටහනේ අවසානයේ රැදි සිටින CH&FC කණ්ඩායම තරඟ වැදුණු අතර එහිදි ලකුණු 26-15ක් ලෙස ජයක් ලැබිමට ගුවන් භටයන් සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලීය රග්බි ක්‍රීඩාංගණයේ තරඟය පැවති අතර ආරම්භයේ සිටම තරඟය උද්වේගකාරි එකක් විය. නමුත් සිය ප්‍රතිවාදින් තම අණසකට යටත් කරගත් ගුවන් භටයන් තම ප්‍රථම භාගය නිමා කළේ ලකුණු 15-05ක් ලෙසය.

CH&FC v Air Forceතම සුපුරුදු පරාජය අතැතිව දෙවන අර්ධයට පිවිසි  CH&FC පිල එම අර්ධයේදී තවත් ලකුණු 10ක් රැස් කළ අතර එය ඔවුනගේ ජයග්‍රහණය සදහා ප්‍රමාණවත් නොවිය.  දෙවන අර්ධයේදී ගුවන් භටයන්ට තවත් ලකුණු 11ක් ලබගෙන සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට සමත් විය. ජයග්‍රාහී ගුවන් හමුදා පිළේ ලකුණු 26ට උත්සහක දිනුම් 02ක් දඩුවම් පහර 02ක් ඇතුළත් වු අතර CH&FC පිළේ ලකුණු 15ට උත්සහක දිනුම් 02ක්  එක් ප්‍රවර්ථනයක් සහ එක් දඩුවම් පහරක් ඇතුළත් විය.

ගුවන් හමුදාව වෙනුවෙන්  නුවන් පෙරේරා විසින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර චරිත් සෙනෙවිරත්න එක උත්සහක දිනුමක් සහ දඩුවම් පහර 02ක් සාර්ථක කරගන්නට සමත් විය.

CH & FC වෙනුවෙන්  ඉර්ෆාන් සහ ජනිත් චන්දිමාල් විසින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර  ජනිත් චන්දිමාල් විසින් ප්‍රවර්ථනය සහ දඩුවම් පහර සාර්ථක කරගත්තේය.

මේ අතර තවත් තිරණාත්මක තරඟයක් ප්‍රබල හැව්ලොක්ස් පිළ හා පොලිස් කණ්ඩායම අතර බම්බලපිටිය පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතරය තරඟය ලකුණු 24-27ක් ලෙස තියුණු ජයක් ලැබිමට හැව්ලොක්ස් ක්‍රීඩකයින් සමත් විය.  දෙපිළෙහිම ප්‍රබලයන් රැසක් පිටියේ ස්ථානගත වි සිටි අතර හැව්ලොක්ස් ක්‍රීඩකයින්ගේ අතපසු විම් ප්‍රයෝජනට ගත් පොලිස් ක්‍රීඩකයින් තරඟය ආක්‍රමණය කළේය. ඒ අනුව ප්‍රථම භාගය නිමා වුයේ ලකුණු 07-00ක් ලෙස පොලිස් බලකාය පෙරමුණේ තබමින්‍ ය.

Havelock v Policeතරඟයක ජය පරාජය වෙනස් කිරිමට සහජ හැකියාවන් ඇති හැව්ලොක්ස් ක්‍රීඩකයින් තම කූට ප්‍රයෝග හා ස්ථානෝචිත ප්‍රඥාව උපයෝගී කොට ගෙන නැවත තරඟය ආක්‍රමණය කළේ පොලිස් ඇස් අන්දමන්ද කරමිනි. සිය දෙවැනි අර්ධයේදී හැව්ලොක්ස් ක්‍රීඩයින් ලකුණු 27ක් රැස්කළ අතර පොලිස් ක්‍රීඩකයින්ට එම අර්ධයේදී ලබාගත හැකි වුයේ ලකුණු 17ක් පමණි. ජයග්‍රාහී හැව්ලොක්ස් පිළේ ලකුණු 27ට උත්සහක දිනුම් 04ක් සහ දඩුවම් පහර 02ක් ඇතුළත් විය. පොලිස් පිළේ ලකුණු 24ට උත්සහක දිනුම් 02ක් ප්‍රවර්ථන 03ක් සහ එක් දඩුවම් පහරක් අන්තර්ගත විය.

හැව්ලොක්ස් පිල වෙනුවෙන් ලසිදු ඉෂාන්, ප්‍රසාද්  මධුශංක සහ දුෂ්මන්ත ප්‍රියදර්ශන විසින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර රිම්සි ජමාල්ඩීන් විසින් දඩුවම් පහර 02ක් සාර්ථක කරගත්තේය.

පොලිස් පිල වෙනුවෙන් රදිශ්  සෙනෙවිරත්න උත්සාහක දිනුම් 02ක් වාර්තා කළ අතර , ගයාන් උදාර ප්‍රවර්ථන 03ක් හා රිසා මුබාරක් එක් දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය.

ThePapare.com තරගයේ විරයා ලෙස පොලිස් පිළේ රදිශ්  සෙනෙවිරත්න තේරී පත්විය.

ඩයලොග් රග්බි සති අන්තයේ තවත් තරඟයක් නාවික හමුදාව සහ යුධ හමුදා පිල අතර දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී තරඟ වැදුණි. එහිදි ලකුණු 32-30ක් ලෙස තියුණු ජයක් ලැබිමට නැවියන් සමත් විය. අතිශය තරඟකාරි වු මෙම තරඟයේ දෙපිළෙහිම දස්කම් හා තාක්ෂණික ප්‍රයෝග උපයෝගි කරගනිමින් තරඟ වැදුණු අතර එක පිළක් අනෙක් පිළට නොදෙවෙනි විය. ඒ අනුව ප්‍රථම අර්ධය නිමාවුයේ ලකුණු 15-13ක් ලෙස ලකුණු 02ක පරතරයකින් නැවියන් පෙරමුණේ තබමින්‍ ය.

Army v Navyදෙවැනි අර්ධයට පිටියට පිවිසි දෙපිළම නැවත සිය දක්ෂතා මතුකරන්නට විය. එය මානවට කියා පාමින් එම අර්ධයේදී දෙපිළම ලකුණු 17 බැගින්‍ රැස් කරන්නට සමත් විය.  ඒ අනුව ලකුණු 02කින් ඉදිරියෙන් සිටි නැවියන්ට තරඟයේ ජයග්‍රහණය හිමි විය. ජයග්‍රාහී නාවික හමුදා පිළේ ලකුණු 32ට උත්සහක දිනුම් 05ක් ප්‍රවර්ථන 02ක් සහ එක් දඩුවම් පහරක් සාර්ථක කරගන්නට සමත් විය. යුධ හමුදා පිළේ ලකුණු 30ට උත්සහක දිනුම් 03ක් ප්‍රවර්ථන 03 සහ දඩුවම් පහර 03ක් ඇතුළත් විය.

නාවික හමුදාව වෙනුවෙන්  තිළිණ වීරසිංහ උත්සහක දිනුම් ත්‍රිත්වයක්, ප්‍රවර්ථන 02ක් සහ එක් දඩුවම් පහරක් සාර්ථක කරගන්නට සමත් විය . දුලංජන විජේසිංහ සහ කෝසල තිසේරා එක් උත්සහක දිනුම බැගින් වාර්තා කරන්නට සමත්විය.

යුද හමුදාව වෙනුවෙන්  ගයාන් සාලින්ද ප්‍රවර්ථන 03ක් සහ දඩුවම් පහර 03ක් සාර්ථක කරගත් අතර විනෝද් කුමාර, උපුල් අබේරත්න, හේරත් සුරම්‍ය එක් උත්සහක දිනුම බැගින්‍ රැස් කළේය.

ThePapare තරගයේ විරයා ලෙස නාවික හමුදා පිළේ තිළිණ වීරසිංහ තේරී පත්විය.

අපරාජිත මහනුවර කණ්ඩායම සහ CR&FC කණ්ඩායම ආදරවන්තයන්ගේ දිනයේ දි මහනුවර නිත්තවෙලදී තරඟ වැදුණු අතර ලකුණු 15-12ක් ලෙස එම තරඟය ද  සිය අපරාජිත බව රැකගනිමින් ජයග්‍රාහීව අවසන් කිරිමට ප්‍රබල මහනුවර ක්‍රීඩකයින් සමත් විය.

Kandy v CRතරඟයේ ආරම්භයේ සිටම සිය ප්‍රතිවාදින්ගේ බලපෑම්, CR&FC ඉදිරි පෙළ ක්‍රීඩකයින් විසින් සාර්ථකව මැඩලන්නට සමත් විය. මහනුවර ක්‍රීඩකයින්ගේ උපායන් දත් CR ක්‍රීඩකයින් ඔවුනට හොද අභියෝගයක් වෙමින් පළමු භාගය නිමාවූ කලේ  ලකුණු 10-07ක් ලෙස මහනුවරට තරඟයේ  පෙරමුණ ලබාදෙමින් ය.

අභියෝගන්ට අභියෝගයක් විමට උපන් හපන්කම් ඇති මහනුවර ක්‍රීඩයින්ට ප්‍රතිවාදින්ට පහර පිට පහර එල්ල කරමින් එම අර්ධයේදී ලකුණු 05ක් සිය ලකුණු පුවරුව මත සටහන් කළ අතර එම අර්ධයේදී CR ක්‍රීඩකයින් ද තවත් ලකුණු 05ක් සටහන් කළේ මහනුවරට ප්‍රබල අභියෝගයක් වෙමිනි. තරඟය නිමාවුයේ ලකුණු 15-12ක් ලෙස තියුණු ජයක් මහනුවර ක්‍රීඩකයින්ට අත්කර දෙමින්‍ ය. ජයග්‍රාහී මහනුවර පිළේ ලකුණු 15ට උත්සහක දිනුම් 02ක් එක් ප්‍රවර්ථනක් සහ එක් දඩුවම් පහරක් ඇතුළත් විය. CR&FC පිළේ ලකුණු 12ට උත්සහක දිනුම් 02ක් සහ එක් ප්‍රවර්ථනක් ඇතුළත් විය.

මහනුවර ක්‍රීඩා සමාජය වෙනුවෙන් නයිජල් රත්වත්ත සහ දමිත් දිසානායක  විසින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර  දඩුවම් පහර සහ ප්‍රවර්ථනය  නයිජල් රත්වත්තේ විසින් සාර්ථක කරගත්තේය.

CR & FC ක්‍රීඩා සමාජය වෙනුවෙන් අරුන් කුමාර් සහ ඩිලාන් සොයිසා විසින් උත්සාහක දිනුම් වාර්තා කළ අතර
කාංචන රාමනායක විසින් ප්‍රවර්ථනය සාර්ථක කරගන්නා ලදි.