2025 LPL තරගාවලිය එළඹෙන නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල දී පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
එළඹෙන නොවැම්බර් 27 ආරම්භ වී දෙසැම්බර් 23 අවසන් වීමට නියමිත මෙවර තරගාවලිය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී, මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දී සහ රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ.
2026 විස්සයි විස්ස ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් මෙවර තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, මේ හේතුවෙන් ම තරගාවලිය වසර අවසානය දක්වා ගෙන යාම සිදු කර ඇති බවත් වටහා ගත හැකි. (ලෝක කුසලාන තරගාවලිය 2026 පෙබරවාරි මාසයේ දී පැවැත්වීමට නියමිතයි.)
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
එමෙන්ම මීට පෙර ක්‍රියාත්මක වූ LPL තරගාවලි වල දී කණ්ඩායම් පහක් කුසලානය වෙනුවෙන් තරග වැදුණු නමුත්, මෙවර එය කණ්ඩායම් හයක් දක්වා වැඩි වීමේ ඉඩ පවතින බවයි ESPN Crickinfo වෙබ් අඩවිය සඳහන් කරන්නේ.
මේ පිළිබඳ වැඩිදුර තොරතුරු ඉදිරියේ දී ඔබට සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<




















