CSL:2015 කන්ටෙන්ඩර්ස් කණ්ඩායම පරාජය කරමින් අවසන් වටය සදහා නාවික හමුදා පැසිපන්දු කණ්ඩායම සුදුසුකම් ලබයි

151

කාන්තා පැසිපන්දු කාණ්ඩ A’ හි පළමු අවසන් පූර්ව තරගය නාවික හමුදා පැසිපන්දු  කණ්ඩායම සහ කන්ටෙන්ඩර්ස් කණ්ඩායම සමගින් පැවැත්වුණි. කන්ටෙන්ඩර්ස් කණ්ඩායම මගින් අතපසු වූ අවස්ථාවන්ගෙන් නාවික හමුදා කණ්ඩායම හට අතිරේක අවස්ථාවන් ලබා දුන් අතර ආරක්ෂක නැවත පැණීම් නිරේධනය කරමින් පැසි පන්දු වළල්ළට ලගා වීමේ අවස්ථාව නාවික හමුදාව වෙත උදා විය. සම්පූර්ණ තරග කාළය අවසානයේ දී කන්ටෙන්ඩර්ස් කණ්ඩායම ට වඩා ලකුණු 34ක් ඉදිරියෙන් සිට අවසන් වටය සදහා තේරී පත් වීමට නාවික හමුදා කණ්ඩායම සුදුසුකම් ලැබීය.    

මෙම තරගයේ කුළුදුල් අර්ධ අවසන් පූර්ව භාගයේ දී කන්ටෙන්ඩර්ස් කණ්ඩායම ඉතා දැඩිව රැකවල් යෙදුව ද නාවික හමුදා කණ්ඩායම තරගයේ ඉදිරියට යෑම නැවැත්වීමට ඔවුන්ට හැකි වූයේ නැත. ඒ මන්ද යත් විරුද්ධ පාර්ශවික කණ්ඩායම ප්රතිකූල ප්රහාර එල්ල කිරීමේ පහර දීමේ ක්රමයෙන් (counter-attacking offense strategy) හොද පුහුණුවකින් සිටි බැවින් ය. නාවික හමුදා කණ්ඩායම සෝලන්ග ගුණවිජය සහ ප්රමිලා ප්රනාන්දු යන දක්ෂ පළපුරුදු ක්රීඩිකාවන් දෙදෙනෙකුගෙන් යුක්ත බැවින් වාතාවරණය අනුව හැඩගැසීමට ඔවුන්ගේ කණ්ඩායමට හැකියාව ලැබිණි. 

(නාවික හමුදා කණ්ඩායම – 14 vs කන්ටෙන්ඩර්ස් කණ්ඩායම – 10 ) 

දෙවන භාගය පටන් ගැන්මත් සමගින් කන්ටෙන්ඩර්ස් කණ්ඩායමේ කණ්ඩායම් නායිකා ශාලිකා ගෝමස් එක පහරින් පන්දුව දැල මත හෙලා ගත්තා. එමෙන්ම පන්දුව පා කරන්නන්ගෙන් දෙවතාවක් පන්දුව ඩැහැ ගත් ඕෂධී කරුණාරත්න ලකුණු පුවරුව මත ඔවුන්ගේ ලකුණු සටහන් වැඩි කිරීමට සමත් වූ අතර පන්දු ඩැහැ ගැනීමෙන් අනතුරුව උමන්ගා දි සොයිසා දීර්ඝ පහර දීමකින් පන්දුව දැල මත පතිත කිරීමට හැකියාව උදා කර ගත්තා. තරගය අතරතුර චාපයෙන් පිට සිට දීර්ඝ ප්රහාරයක් එල්ල කළ ප්රමිලා ප්රනාන්දු තරගය පටන් ගත්තා (game on) යනුයවන් කියා සිටියා. වේගය පරිහරණය කන්ටෙන්ඩර්ස් කණ්ඩායමෙහි යෝග්‍ය නොවු අතර තරගයේ වේගය වැඩි වීමත් සමගින් වේග ශක්තිය අඩු වූ අතර පන්දුව පා කරන්නන්ගෙන් සොරා ගනු ලැබූ සියලුම පන්දු ක්රමානුකූලව බොකුටා ගැනිමට සිදු විය. නාවික හමුදා කණ්ඩායම තරගයේ ප්රථම භාගය අවසන් වීමත් සමගින් සොරා ගනු ලැබූ පන්දු සියල්ල ලකුණු බවට හරවා ගැනීමට දක්ෂතාවය දක්වා සිටියා. 

ප්රථම භාගය – නාවික හමුදා කණෟඩායම – 30, කන්ටෙන්ඩර්ස් කණ්ඩායම – 19 

මූලික දත්ත තෝරා ගැනීමේ අවස්ථාවක් එළඹ තිබුනානම් ඒ වන විටත් කන්ටෙන්ඩර්ස් කණ්ඩායම හට තරගය පරාජය නොවී සිටීමට අවස්ථාව තිබිණි. මීළග අවසානයේ දී නාව්ක හමුදා කණ්ඩායම සියලුම කන්ටෙන්ඩර්ස් ක්රීඩිකාවන් අන්තර්ඡේදනය කරමින් ලකුණු ලබා ගත්තා. එනමුත් කිහිප වතාවක් ශාලිකා ගෝමස් පන්දුව තැන්පත් කිරීමට උත්සාහ දැරුවද ප්රතිවාදී පන්දු රකින්නන් එය බිද හෙලා දැමුවා. පාඨග්රන්ථයන් හි ඇති පන්දු හැසිරවීම සහ පන්දු රැකීම පිළිබද සිද්ධාන්ත පිළිබදව කන්ටෙන්ඩර්ස් කණ්ඩායම අඩු දැනීමකින් යුක්ත විය. අබේසිංහ සහ සෝලංග ගුණවිජය තෙවන අර්ධ අවසන් පූර්ව කොටසේ වටිනා මිනිත්තු කිහිපයක් අතුරින් ලකුණූ 15ක් ඉදිරියට ඒමට අවස්ථාව උදා කර ගත්තා. 

එනමුත් කන්ටෙන්ඩර්ස් කණ්ඩායම ඔවුන්ගේ ක්රීඩිකාවන් අතර තිබූ සමායෝජනය අඩු බව නැවත ඇති කර ගැනීමට අපොහොසත් වුණා. සවි බලය අඩු බව සහ තරගය අතරතුර දී ක්රීඩිකාවන් තුවාල වීම කන්ටෙන්ඩර්ස් කණ්ඩායම හට අති විශාල පාඩුවක් විය. අවසාන අවසන් පූර්ව භාගයේ දී ආන්දෝලනයක් එක් කරමින් ජය සමගින් පිය නගන්නට නාවික හමුදා කණ්ඩායම සමත් වුණා.