ප්‍රේක්ෂකයින් නැත්තම් ක්‍රිකට් ක්‍රීඩාවේ මැජික් එක නැති වෙයි

84
Virat Kohli

ඉන්දීය ක්‍රිකට් නායක විරාත් කෝලි පවසා සිටින්නේ හිස් ක්‍රීඩාංගණවල තරග පවත්වන්නට සිදුවුනහොත් ක්‍රිකට් ක්‍රීඩාවේ “මායාකාර මොහොතවල්” නැතිව යනු ඇති බවයි. 

“ඒක වෙන්න පුළුවන්, මට අවංකවම කියන්නට බැහැ ඒකෙන් ඇති වන ප්‍රතිවිපාක මොනවද කියලා, අපි පුරුදු වෙලා ඉන්නේ ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරපු ප්‍රේක්ෂකයින් ගොඩක් මැද ක්‍රීඩා කරන්නට” කෝලි පවසා සිටියා.

“ක්‍රීඩාව නම් බොහොම උනන්දුවෙන් ක්‍රීඩා කරාවි, නමුත් ප්‍රේක්ෂකයින් ක්‍රීඩකයින් සමඟ සම්බන්ධ වීම, ප්‍රේක්ෂකයින් නිසා ක්‍රීඩාංගණයේ ඇති වන පීඩනය මේ කියන දේවල් ක්‍රීඩාංගණයේ නිර්මාණය කිරීම අපහසු වේවි.”

රට සාමාන්‍ය වීමට සැරසෙද්දී ක්‍රිකට් කණ්ඩායමත් රාජකාරියට

පැතිර යන නව කොරෝනා වයිරසය නිසාවෙන් මාස දෙකකට ආසන්න කාලයක් තිස්සේ අඩපණ වී…

කොරෝනා වයිරස ව්‍යාප්තිය නිසාවෙන් ලොව පුරා බොහොමයක් ක්‍රීඩා ඉසව්වලට බලපෑම් එල්ල වූ අතර මුදල් ආකරයක් වන ඉන්දියන් ප්‍රිමියර් ලීග් තරගාවලියත් ඒ නිසා කල් දැමුණා.

“ක්‍රිකට් ක්‍රීඩාව, ක්‍රීඩා කරන්න නියමිත ආකාරයට අපි ක්‍රීඩා කරයි. නමුත් අර “මැජික්” මොහොතවල් නම් සුපුරුදු පරිදි දකින්නට නැති වේවි” ඉන්දීය නායකයා පවසා සිටියා.

යුරෝපීය පාපන්දු ලීග් තරගාවලි කිහිපයක් මේ වන විට ප්‍රේක්ෂකයින් නොමැතිව ආරම්භ කිරීමට සුදානම්ව සිටිනවා. කෙසේ වෙතත් ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය තවමත් ආරම්භ වන දිනය හෝ තරගාවලියේ කෙසේ ක්‍රීඩා කරයි ද යන්න නිවේදනය කර නැහැ. 

මේ අතර ඔක්තෝබර් මාසයේ ඕස්ට්‍රේලියාවේ දී පැවැත්වීමට නියමිත විස්සයි විස්ස ලෝක කුසලානය COVID-19 නිසා අර්බුදයකට ලක්ව තිබෙනවා. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය පවසා තිබුණේ  ඔවුන් ගත හැකි සියලුම ක්‍රියාමාර්ග පිළිබඳව සිතා බලන බවයි.

දිල්ලි කැපිටල්ස් කණ්ඩායමට ක්‍රීඩා කරන්නට නියමිතව සිටින ඕස්ට්‍රේලියානු කඩුලු රකින පිතිකරු ඇලෙක්ස් කේරි පවසා සිටින්නේ ප්‍රේක්ෂකයින් නොමැතිව ක්‍රීඩා කරන්නට සිදුවුනොත් ක්‍රීඩකයින්ගේ සිත්වල‍ට හිස් හැඟීමක් ඇති වනු ඇති බවයි.

සංගාට ICC හි ලොකු තනතුරකට යන්න SLCයෙන් තල්ලුවක්!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු සහ දක්ෂ කඩුලු රකින පිතිකරුවෙකු වන…

“අපි බලන්න පුරුදු වෙලා සිටි ක්‍රිකට් ක්‍රීඩාව ඉස්සරහට ටිකක් වෙනස් වෙයි. විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානයක් හා අයි පී එල් තරගාවලියක් අපිට ක්‍රීඩා කරන්නට තිබෙනවා. නමුත් ප්‍රේක්ෂකයින් නැතිව ක්‍රීඩා කරනවා කියන එක හිතා ගන්න අමාරුයි.” ඇලෙක්ස් කේරි පවසා තිබුණා.

“ක්‍රීඩකයින්ට හරිම හිස් හැඟීමක් දැනේවි නමුත් ප්‍රේක්ෂකයින්ට රූපවාහිනියේ බලන්න තරග නම් තිබේවි.”

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<