ක්‍රිකට් ක්‍රීඩකයෝ ගෙවතු වැඩවලට

102

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කිහිප දෙනෙක්ම සිය නිවාස තුලම රැඳී සිටිමින් ඵලදායීව කාලය ගත කරමින් #HomeGardenChallenge නමින් සිය ගෙවත්තේ පැල සිටුවමින් ජනතාව දිරිගැන්වීම සහ සිය මිතුරන්ට මෙය සිදු කිරීමට අභියෝග ලබා දී තිබෙනවා.

අවිශ්කගේ 22 වන උපන් දිනයට අමතක නොවන තෑග්ගක්

COVID-19 වෛරසය නිසාවෙන් දිවයින පුරා උද්ගතව තිබෙන තත්වය සහ සිය 22 වැනි උපන්…..

මේ වන විට ලොව පුරා පැතිර යන Covid-19 වසංගත තත්වය නිසාවෙන් සමාජ දුරස්ථ භාවය ඇති කිරීම වෙනුවෙන් ඒ ඒ අදාළ පාලනාධිකාරීන් විසින් යම් යම් ප්‍රදේශයන් අගුළු දැමීම සහ ඇඳිරි නීතියට යටත් කර තිබෙනවා. 

ඒ නිසාවෙන් බොහෝමයක් පිරිස් මෙහි ඇති අවදානම තේරුම් ගනිමින් නිවෙස් තුලටම වී ආරක්ෂිතව සිටින මේ මොහොතේ ඔවුන් වෙනදාට වඩා නිදහසේ සිය නිවෙස් තුලට වී කාලය ගත කරනවා. 

ඒ අතරතුර සිය ගෙවත්තේ තිබෙන ඉඩකඩේ යම් යම් එළවළු, පලතුරු සහ මල් පැල සිටුවමින් ගත කරන කාලයේ ඵලදායිතාවය තවත් වැඩි කරගන්න අපට පුළුවන්. 

පසුගිය දින/සති කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය ඔස්සේ සිය මිතුරන් සඳහා විවිධ ආකාරයේ අභියෝග ලැබුණු බව සමාජ මාධ්‍ය තුල සැරිසරන ඔබ දන්නවා. ඉතින් එහි අලුත්ම රැල්ල බවට පත්වී ඇත්තේ මේ #HomeGardenChallenge ක්‍රියාකාරකමයි.

මේ වන විට ශ්‍රී ලංකා ටෙස්ට් සහ එක්දින කණ්ඩායම් නායක දිමුත් කරුණාරත්න, කුමාර් සංගක්කාර, ධම්මික ප්‍රසාද් , දිනේෂ් චන්දිමාල්, තිසර පෙරේරා, ජීවන් මෙන්ඩිස් ඇතුළු බොහොමයක් ශ්‍රී ලාංකිකයින් මේ ක්‍රියාකාරකම තුල නිරත වී තිබෙනවා. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<