ශ්‍රී ලංකා ජාතිකයෙක් වන මොහොමඩ් නිසාම්ඩීන් නම් පුද්ගලයා ත්‍රස්ත චෝදනා උගුලකට හසුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක උස්මාන් කවාජාගේ වැඩිමහල් සොහොයුරු අර්සාලන් කවාජා ඕස්ට්‍රේලියානු පොලීසිය මගින් අද (4) අත්අඩංගුවට ගෙන තිබේ.
‘සුපුරුදු’ පරාජයට දැන්වත් තිත තියමු ද…?
‘සුපුරුදු’ පරාජයන්ගෙන් ශ්‍රී ලංකාව යළිත් වෙළාගෙන ඇත. එංගලන්තය සමඟ පැවති තරගාවලියේ …
පාකිස්තානයේ උපත ලබා ඇති කවාජා සොහොයුරන් දෙදෙනා අතරින් වැඩිමහල් සොහොයුරා වන අර්සාලන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිව් සවුත් වේල්ස් පොලීසිය මඟිනි. නිව් සවුත් වේල්ස් පොලීසිය පවසන පරිදි වයස අවුරුදු 39ක් වන අර්සාලන් කූට ලේඛන සකස් කිරීම හා යුක්තිය පසිඳලීම වැළැක්වීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලාංකික ජාතික මොහොමඩ් නිසාම්ඩීන් නිව් සවුත් වේල්ස් පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ත්‍රස්ත චෝදනා යටතේ ඔහුට විරුද්ධව චෝදනා කිහිපයක්ම ගොනු කරමිනි. නිසාම්ඩීන් නිව් සවුත් වේල්ස් විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින විට එහි සේවකයෙක් ලෙස කටයුතු කර ඇති අතර නිසාම්ඩීන් සතුව පැවති පොතක අන්තර්ගතව තිබූ සැක සහිත සටහන් කිහිපයක් හේතුවෙන් ඔහුව එසේ අත්අඩංගුවට පත්විය.
කෙසේ වෙතත් පසුව එම අත්අකුරු නිසාම්ඩීන්ගේ නොවන බවට තහවුරු කර ගැනීමට සමත් වූ ඕස්ට්‍රේලියානු බුද්ධි අංශ හා ආරක්ෂක නිලධාරීන් පසුව එම සටහන් නිසාම්ඩීන්ව හසුවන ආකාරයට කිසියම් අයෙක් විසින් අටවන ලද යම් ආකාරයක ත්‍රස්ත උගුලක් බවත් ඔහුව ඊට හසු කිරීම වෙනුවෙන් ඔහුගේ පොත් තුලට කිසියම් අයෙක් විසින් ඒවා ඇතුලත් කර ඇති බවත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කළ කණ්ඩායම් විසින් හෙළිකරගත්තේය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















