2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගයේ දී නොසිතූ විරූ පෙරළියක් කරන්නට පේරු කණ්ඩායම අද (4) සමත් වුනා. ඒ වත්මන් ශූර චිලී කණ්ඩායම ගෝල 3–0ක් ලෙස පරාජය කරමින්.
ආර්ජන්ටිනා බ්‍රසීල සුපිරි ගැටුමෙන් ආර්ජන්ටිනාවට අසාධ්‍යයි
2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ …..
මේ පේරු කණ්ඩායම 1975 වසරට පසුව කෝපා ඇමරිකා අවසන් මහා තරගයකට පිවිසුණු පළමු අවස්ථාවයි.
Porto Alegre හිදී පැවැත්වුණු තරගයේ දී අඛණ්ඩව තුන් වතාවක් කෝපා ඇමරිකා තරගාවලිය ජය ගැනීමේ චිලී සිහින බිඳ වැටුණේ ආර්ජන්ටිනාවේ එම වාර්තාව තව දුරටත් සුරකිමින්.

චිලී කණ්ඩායමට සිය ගෞරවය බේරා ගැනීමට එකම අවස්ථාවක් ලැබුණු නමුත් Eduardo Vargas ලැබුණු දඬුවම් පහර කෙළින්ම පේරු ගෝල රකින ක්‍රීඩක Pedro Gallese වෙතම යොමු කළේ අවාසනාවන්ත ලෙසයි.
තරගයේ ආරම්භයේ දී ම Christian Cueva හා Charles Aranguiz ගෝල රැස් කිරීමට උත්සහ කළ නමුත් ඔවුන්ගේ ප්‍රහාරයන් ගෝල රාමුවෙන් ඉවතට ඇදී යාම අවාසනාවක්.
කෙසේ වෙතත් 20 වැනි මිනිත්තුවේ දී පේරු කණ්ඩායම එතරම් සංවිධානාත්මක බවක් නොපෙන්වූ චිලී ආරක්ෂක වළල්ල විනිවිද යන්නට සමත් වුනා.

ඊට මිනිත්තු 18කට පසුව චිලී ගෝල රකින්නා, Gabriel Arias අතපසුවීමක් සිදු කළේ ඔහුට ඉදිරියට පැමිණෙමින් සිටි Carrillo නතර කිරීමට නොහැකි වීමත් සමඟයි. ගෝල රකින්නා ඉදිරියට ගොස් සිටි නිසා ගෝල රකින්න නොමැති වූ දැල වෙත Yotun දක්ෂ ලෙස පන්දුව යොමු කළේ අලංකාර ලෙසයි.
පළමු අර්ධය: පේරු 02 – 00 චිලී
පේරු කණ්ඩායමේ වෙනුවෙන් ඉතා ඉහළ දස්කම් දක්වමින් සිටි Flores ආබාධයක් නිසා පිටියෙන් ඉවත් වීම ඔවුන්ට අභාග්‍යයක් වුනා. කෙසේ වෙතත් පේරු කණ්ඩායම කබලෙන් ලිපට වැටෙන්නට ගිය අවස්ථාවක් නූලෙන් මඟ හැරුණේ Vargasගේ ප්‍රහාරයක් ගෝල රාමුවේ වම්පස වැදී ඉවත යාම නිසයි.
සුවාරෙස්ගේ අත්වැරැද්දෙන් උරුගුවේ සිහිනය බොඳ වේ
2019 කෝපා ඇමරිකා පාපන්දු තරගාවලියේ ……
පේරු කණ්ඩායම සිය තුන්වැනි ගෝලය සඳහා 60 වැනි මිනිත්තුවේ දී ප්‍රබල ආක්‍රමණයක් දියත් කළ නමුත් Yotunගේ ඉලක්කය සටනක් වුනේ ගෝල රාමුවට සෑහෙන ඉහළින්.

තරග අවසන් වීමට තත්පර ගණනක් තිබිය දී Luis Abramගේ අනිසි බාධා කිරීමක් නිසා චිලී කණ්ඩායමට දඬුවම් පහර හිමි විය. Vargas එම දඬුවම් පහර ලබා ගත්තේ චිලී ගෞරවය ආරක්ෂා කිරීමේ අරමුණින්. කෙසේ වෙතත් ගුවනේ පාවී ගිය Gallese චිලී කණ්ඩායමට ලැබුණු එකම අවස්ථාවත් ව්‍යර්ථ කර දැමුවේ වත්මන් ශූරයින්ට ලැජ්ජා සහගත පරාජයක් අත්කරදෙමින්.
අවසන් ලකුණු තත්වය: චිලී 00 – 03 පේරු
ගෝල ලබාගත් ක්‍රීඩකයෝ
- පේරු – Edison Flores (21), Yoshimar Yotun (38) , Paolo Guerrero (91)
>> පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<





















