බෝල්ට් නිසා ගේල් කොරෝනා පරීක්ෂණයකට මුහුණ දෙයි

310
Chris Gayle

තමන් මුහුණදුන් පරීක්ෂණ දෙකකින්ම කොරෝනා වැළඳී නැතැයි තහවුරු වූ නිසා සුපිරි පිතිකරු ක්‍රිස් ගේල් කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායම සමඟ ඉක්මණින්ම එක්වනු ඇතැයි වාර්තා වේ. ලෝක ශූර උසේන් බෝල්ට්හට ඊයේ (24) දිනයේ දී COVID-19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ අතර ඔහුගේ නිවසේ පැවැත්වුනු සාදයකට ක්‍රිස් ගේල් ද සහභාගී වී තිබුනි. 

සුපිරි කෙටි දුර ධාවකයාට කොරෝනා! ආසාදනය වුනේ උපන්දින සාදයෙන්?

විස්සයි විස්ස ආකෘතියේ ලොව වැඩිම ලකුණු ලාභියා වන ක්‍රිස් ගේල්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පිටත්ව යෑමට පෙර COVID-19 පරීක්ෂණ වලට මුහුණ දෙන ඡායාරූප කිහිපයක් ඔහු Instagram ඔස්සේ පළකර තිබුනි. ඔහු නැවත වරක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දීද COVID-19 පරීක්ෂණයකට මුහුණ දීමට නියමිත අතර ඉන්පසුව ඔහු දින හයක කාලයක් ස්වයං නිරෝධායනයේ ගත කිරීමට නියමිතය.

ජැමෙයිකා සෞඛ්‍ය අමාත්‍යංශය අගෝස්තු මස 23 වනදා නිකුත් කළ නිවේදනයකට අනුව පසුගිය පැය 24 තුළ ජැමෙයිකාවේ නව COVID-19 ආසාධිතයින් 16ක් වාර්තා වී ඇති අතර ඒ අනුව එරට තහවුරු වූ ආසාධිතයින් ගණන 1529 දක්වා ඉහළ ගොස් ඇත. 

අවසන් වරට ක්‍රිස් ගේල් ක්‍රිකට් තරගයක් ක්‍රීඩා කර තිබුනේ පසුගිය ජනවාරි මාසයේ බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරගාවලියේ චැටෝග්‍රෑම් චැලෙන්ජර්ස් කණ්ඩායම වෙනුවෙන් ය. 

IPL විවේචනවලට ගවස්කාර්ගෙන් සැර උත්තරයක්

කිංග්ස් ඉලෙවන් පන්ජාබ් කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩකයින් පසුගිය සතියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පැමිණ තිබුනි. කිංග්ස් ඉලෙවන් කණ්ඩායමේ පිතිකරුවෙකු වන කරුන් නායර් හට පසුගිය ජූලි මාසයේ දී COVID-19 වෛරසය වැළඳී ඇතැයි තහවුරු වූ නමුත් සති දෙකක නිරෝධායන කාල සීමාවක් හා නැවත සිදුකළ COVID-19 පරීක්ෂණ වලින් පසුව ඔහු නැවතත් කණ්ඩායම හා එක්වුනි.

Cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<