2025/26 Champions League පාපන්දු තරගාවලියේ හය වැනි සතියේ දෙවැනි දිනයට අදාළ තරග ඊයේ (17) දිනයේ දී ක්‍රියාත්මක වුනා.
ඊයේ දිනයේ ද සුපුරුදු පරිදි තරග ද්විත්වයක් ක්‍රියාත්මක වූ අතර, එම තරගවල දී Crystal Palace සහ Serendib කණ්ඩායම් ද, Matara City සහ Solid කණ්ඩායම් ද එකිනෙක තරග වැදුණා.
Crystal Palace SC සහ Serendib SC
මෙම තරගයේ පළමු අර්ධය තුළ ම තරගයේ පෙරමුණ ගැනීමට සමත් වූ Serendib කණ්ඩායම විසින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වූ අතර, ඒ අතරවාරයේ දී Crystal Palace ක්‍රීඩකයින් ද එක් ගෝලයක් වාර්තා කරමින් යම් තරගයක් ලබා දීමට උත්සාහ කළා.
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධය තුළ Serendib ක්‍රීඩකයින් තවත් එක් ගෝලයක් වාර්තා කරමින් මෙන්ම, තම ප්‍රතිවාදීන්ට වෙනත් ගෝල වාර්තා කිරීමට අවකාශය ලබා නොදෙමින් ද තරගයේ ජය තහවුරු කර ගැනීමට සමත් වුනා.
Serendib SC 4 – Crystal Palace 1
- SAFF U20 තරගාවලිය සඳහා ශ්‍රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
Solid SC සහ Matara City
මෙම තරගයේ ආරම්භක මිනිත්තුවේ පටන් ම Solid ක්‍රීඩකයින් තරගය තම ග්‍රහණයට නතු කර ගනිමින් විශිෂ්ට ක්‍රීඩා රටාවක නිරත වුනා.
තරගයේ පළමු අර්ධය තුළ ඔවුන් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වූ අතර, දෙවැනි අර්ධය තුළ තවත් ගෝල ද්විත්වයක් වාර්තා කරමින් තරගයෙන් ඉතා පහසු ජයක් ලබා ගැනීමට සමත් වුනා. මෙම කාලය තුළ Matara City ක්‍රීඩකයින් එකදු ගෝලයක් හෝ වාර්තා කිරීමට සමත් වුනේ නැහැ.
Solid SC 4 – Matara City 0
ඊයේ තරගවලින් ජයග්‍රහණ ලැබූ Solid SC සහ Serendib SC කණ්ඩායම් දෙකම මේ වන විට ලීගයේ ලකුණු සටහන්වල දෙවැනි ස්ථානයේ රැඳීමට සමත් වී තිබෙනවා.
මෙම සතිය සඳහා තරග පැවැත්වෙන තෙවැනි සහ අවසන් දිනය අදයි.
දේශීය පාපන්දු ලීගයේ සියලු තරග විස්තර ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<




















