බංග්ලාදේශ වේග පන්දුව චමින්ද වාස්ට?

321
Chaminda Vaas

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ආරම්භක වේග පන්දු යවන්නෙකු හා දක්ෂ ක්‍රීඩකයෙකු වන චමින්ද වාස් සහ තවත් තිදෙනෙකු අතරින් අයෙකුට බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන වේග පන්දු  පුහුණු තනතුර සදහා අවස්ථාවක් ලබා දීමට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ මෙහෙයුම් කමිටු සභාපති වන අක්රම් ඛාන් මහතා පවසා ඇත්තේ වත්මන් පුහුණුකරු වන හීත් ස්ටික් මහතාගේ කොන්ත්‍රාත් කාලය මැයි මස අවසන් වන නිසා මෙලෙස නව තේරීමක් කිරීමට අවැසි බවයි.

ස්ටික් හොඳ පුහුණුකරුවෙක් අපිට ඔහුව තියා ගැනීමට අවශ්‍යයි, නමුත් ඔහුට යන්න අවශ්‍ය නම් එම තීරණයට හරස් නොවි, සඳහා සුදුසු හොඳම විකල්පයක් අප තෝරා ගන්නවා යැයි අක්රම් ඛාන් මහතා පවසන ලදි.

චම්පක රාමනායක, අකිබ් ජාවෙඩ්, චමින්ද වාස් හා වන්කතේෂ් ප්‍රසාද් මෙම තනතුරට යෝජනා වී ඇති පුද්ගලයින් වේ.

චම්පක රාමනායක මහතා ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් වේග පන්දු පුහුණුකරුය, ශ්‍රී ලංකා කණ්ඩායමේ හා නවසීලන්ත කණ්ඩායමේ මෙන්ම අයර්ලන්ත යන කණ්ඩායම් වලද වේග පන්දු පුහුණුකරු ලෙස ක්‍රියා කල ඇති චමින්ද වාස්  ටෙස්ට් තරඟ වලදී කඩුලු 355ක් ද‍, එක්දින තරඟ වලදී කඩුලු 400ක් ලබා ගෙන ඇත.

මේ අතර චන්දික හතුරුසිංහ මහතාගේ ධූර කාලය දීර්ඝ කිරීමට ඔහු කැමැත්ත පළකර ඇති පුහුණුකරුවකු වන මාරියෝ විල්වරායන් මහතා ගේ ධූර කාලය දීර්ඝ කරගැනීමට ඔහු තීරණය කර ඇත.

තවත් පුවත් සිංහලෙන් – පිවිසෙන්න