ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය, මධ්‍යම ආසියානු වොලිබෝල් සංගමයේ ද අනුග්‍රහය ඇතිව සංවිධානය කරන CAVA වයස අවුරුදු 19න් පහළ කාන්තා වොලිබෝල් ශූරතාවලියේ තම පළමු තරගයෙන් තරග වට 3-0ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී (04) ආරම්භ වූ මෙම තරගයේ ප්‍රතිවාදීන් වූයේ මාලදිවයින කණ්ඩායමයි.
තරගයේ පළමු පන්දුව යොමු කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සතු වූ අතර ඒ අනුව ඔවුන් මාලදිවයින ලබා ගත් පළමු විවේකය වන විට ලකුණු 10-3ක් ලෙසින් ඉදිරියෙන් සිටියා. අනතුරු ව එම රිද්මය දිගට ම පවත්වාගෙන යෑමට සමත් වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගයේ පළමු වටය ලෙහෙසියෙන් ම 25-9ක් ලෙසින් ජය ගන්නවා.
තරගයේ 2 වැනි වටයේ දී පළමු ලකුණේ සිට ම ඉදිරියෙන් සිටීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ නැවතත් සමත් වුණා. ඒ ලෙසින් ලකුණු පුවරුව ක්‍රියාත්මක වෙද්දී මාලදිවයින් ක්‍රීඩිකාවෝ මෙම වටයේ පළමු විවේක කාලය ලබා ගන්නවා. ඒ වෙද්දී ලකුණු පුවරුව දැක් වුණේ 10-5ක් ලෙසින් ශ්‍රී ලංකාවට වාසි සහගත ලෙසයි.
අනතුරු ව නැවත ලකුණු 18-7ක් ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටිය දී මාලදිවයින ක්‍රීඩිකාවෝ තම 2 වැනි විවේක කාලය ද ලබා ගන්නවා. ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තම අවසන් ලකුණු 13 ලබා ගනිද්දී ප්‍රතිවාදීන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 2ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම වටය අවසන් කරන්නේ ලකුණු 25-9ක ජයග්‍රහණයක් ලබා ගනිමි තරගයේ 2-0ක් ලෙසින් ද ඉදිරියෙන් සිටිමිනුයි.
- 19න් පහළ CAVA කාන්තා වොලිබෝල් තරග කොළඹ දී
- රන්තරු සහ රත්නපාල රන් කුසලාන දිනා ගනී
- ශ්‍රී ලංකාව මධ්‍යම ආසියාවේ තෙවැනියා වෙයි
- ශ්‍රී ලංකාව 3-0කින් මාලදිවයින පරාජය කරයි
- බේස්බෝල් ශූරතාව ආනන්ද විද්‍යාලයට
තරගයේ තීරණාත්මක 3 වැනි වටය ද ආරම්භ වෙන්නේ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ඉදිරියෙන් සිටිමිනුයි. නමුත් තරගය ලකුණු 7-7ක් ලෙසින් සම කිරීමට මාලදිවයින ක්‍රීඩිකාවෝ සමත් වෙනවා. එතැන් සිට තරගය තරමක් තියුණු තත්ත්වයකට පත්වූව ද නැවත වතාවක් තරගයේ ආදිපත්‍ය තමන් වෙත නතු කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වෙනවා.
ලකුණු තත්ත්වය 15-10ක් ලෙසින් ශ්‍රී ලංකාව ඉදිරියෙන් පසුවෙද්දී මාලදිවයින ක්‍රීඩිකාවෝ මෙම වටයේ තම පළමු විවේක කාලය ලබා ගන්නවා. එම විවේක කාලයෙන් පසුව ද තරගයේ පාලනය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සතු ව පවත්වාගෙන යෑමට ඔවුන් සමත් වුණා.
ඒ අනුව ලකුණු තත්ත්වය 20-12ක් බවට පත් වෙද්දී දෙරට ක්‍රීඩිකාවන්ට නැවත විවේක කාලයක් ලැබෙන අතර තරගය අවසන් වන විට 25-15ක් ලෙස ඉදිරියෙන් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගය තරග වට 3-0ක් ලෙසින් ජය ගන්නවා.
තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන 2 වැනි තරගය නේපාලය සමඟින් අද සවස 4.40ට පැවැත්වීමට නියමිතයි.
මෙම තරගාවලියේ උණුසුම ThePapare.com, ThePapare 2 (Dialog TV චැනල් 63) සහ Dialog ViU app මඟින් ඒ ලෙසින් ම දැක බලා ගැනීමට ThePapare.com ඔබ වෙත පහසුකම් සලසා තිබෙනවා.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<





















