එංගලන්ත ලයන්ස්, ශ්‍රී ලංකා අභියෝගය අභිමුව

1746

කීටන් ජෙනින්ග්ස් ප්‍රමුඛ එංගලන්ත ලයන්ස් (එංගලන්ත “A”) කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය තව නොබෝ දිනකින් සිදුවීමට නියමිතය. ශ්‍රී ලංකා “A” කණ්ඩායමට එරෙහිව සිව්දින තරග දෙකකට සහ එක්දින තරග පහකට සහභාගීවීමට ඔවුන් සූදානම්ව සිටියි.

විස්සයි 20 සංචිතයේ දැවැන්ත වෙනස්කම්; තරංග නායකත්වයට

ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරග තුනකින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතයේ නායකත්වයට උපුල් තරංග පත්කොට තිබේ.

මේ පිළිබඳව මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (08) කොළඹ දී පැවැත්වුණු නමුත් සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ සංචිතය සහ නායකත්වය පිළිබඳ මෙතෙක් වාර්තා වී නැත.

පුහුණුකරු අවිශ්ක ගුණවර්ධන පැවසූ පරිදි 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මේ වන විට පුහුණුවීම් වල නිරත වන අතර දකුණු අප්‍රිකාව සමඟ මේ වන විටත් පැවැත්වෙන තරගාවලියේ දී ජාතික කණ්ඩායමේ සිදු වන ඉක්මන් වෙනස්කම් හේතුවෙන් මෙතෙක් තේරීම් කමිටුවට “A” කණ්ඩායමේ අවසන් ක්‍රීඩකයන් 15දෙනා තෝරා ගැනීමට නොහැකි වී ඇති බවයි.

අන්තර් සමාජ සිව්දින ක්‍රිකට් තරගාවලිය මේ වන විට පැවැත්වෙන නිසා ක්‍රීඩකයන්ගෙන් වැඩි ප්‍රමාණයක් තරගකාරී ක්‍රිකට් ක්‍රීඩාවේ යෙදී ඉන්නවා. මේ වැදගත් තරගාවලියට පෙර ක්‍රීඩකයන් හොඳ දක්ෂතා අතර සිටීවී යැයි මා බලාපොරොත්තු වෙනවා.19 පහල ක්‍රීඩකයන් කිහිපදෙනෙකුත් කණ්ඩායමට ඇතුළත් වීමේ ඉඩක් තියෙනවා.” අවිශ්ක එසේ පැවසුවේය.

සිම්බාබ්වේ ජාතික කණ්ඩායමේ හිටපු කඩුලු රකින පිතිකරු ඇන්ඩි ෆ්ලවර්, එංගලන්ත ලයන්ස් කණ්ඩායමේ පුහුණුකාරීත්වය දරයි. ඔහු පැවසුවේ ඔහුගේ කණ්ඩායම ලාංකිකයන්ගේ අභියෝගයට සූදානම් බවයි.

අපි ඩුබායි වලදී සති දෙකක පුහුණු සැසියකට සහභාගී වුණා වගේම අපට ලැබෙන පුහුණු තරගය, දේශගුණික තත්වයන්ට හැඩගැසීම සඳහා ක්‍රීඩකයන්ට උපකාර වේවි. ශ්‍රී ලංකාව කියන්නේ සංචාරයක දී පහසු රටක් නොවෙයි. අපට ධනාත්මකව ක්‍රීඩා කරන්න ලැබේවි කියා මා බලාපොරොත්තු වෙනවා.”

ෆ්ලවර්, එසේ පැවසුවේය.

පුහුණු තරගය, පෙබරවාරි 12, 13 සහ 14 යන දිනවල දී මොරටුව ටිරෝන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. ප්‍රථම සිව්දින තරගය මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීත්, දෙවන සිව්දින තරගය දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වීමට නියමිතයි.

එක්දින තරග පහෙන් දෙකක් දඹුල්ලේ දීත්, තෙවන තරගය කුරුණෑගල දීත් සහ අවසන් තරග දෙක CCC ක්‍රීඩාංගණයේ දීත් පැවැත්වේ.

එංගලන්ත ලයන්ස් සිව්දින සංචිතය – කීටන් ජෙනින්ග්ස් (නායක), හසීබ් හමීඩ්, නික් ගබින්ස්, ටොම් ඇල්සොප්, ටොම් වෙස්ලි, ජෝ ක්ලාක්, ලියාම් ලිවින්ස්ටෝන්, බෙන් ෆෝක්ස්, සෑම් කරන්, ටොම් කරන්, ටෝබි රෝලන්ඩ් ජෝන්ස්, ටොම් හෙල්ම්, ක්‍රෙග් ඕවර්ටන්, ඔලී රේනර්, ජැක් ලීච්.

එංගලන්ත ලයන්ස් සීමිත ඕවර සංචිතය – කීටන් ජෙනින්ග්ස් (නායක), ඩැනියෙල් බෙල්-ඩ්රුමොන්ඩ්, ටොම් ඇල්සොප්, බෙන් ඩකට්, ජෝ ක්ලාක්, ලියාම් ලිවින්ස්ටෝන්, බෙන් ෆෝක්ස්, සෑම් කරන්, ටොම් කරන්, ක්‍රෙග් ඕවර්ටන්, ටොම් හෙල්ම්, ජේම්ස් ෆුලර්, ඔලී රේනර්, ජෝෂ් පොයිස්ඩන්.

තරග කාල සටහන
  • පෙබරවාරි 17-20 – පළමු සිව්දින තරගය පල්ලෙකැලේ දී.
  • පෙබරවාරි 24-27 – දෙවන සිව්දින තරගය දඹුල්ලේ දී.
  • පළමු එක්දින තරගය – මාර්තු 02 – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය.
  • දෙවන එක්දින තරගය – මාර්තු 04 – රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය.
  • තෙවන එක්දින තරගය – මාර්තු 06 – කුරුණෑගල ක්‍රිකට් ක්‍රීඩාංගණය.
  • සිව්වන එක්දින තරගය – මාර්තු 09 – CCC ක්‍රීඩාංගණය.
  • පස්වන එක්දින තරගය – මාර්තු 11 – CCC ක්‍රීඩාංගණය.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට