සංචාරක බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති 5 වැනි එක්දින තරගයෙන් ලකුණු 27ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (05) සමත් වුනා.
එම ජයග්‍රහණය ඔවුන් මෙම තරගාවලියේ ලබා ගත් 2 වැනි ජයග්‍රහණය වන අතර මේ දක්වා නිමා වූ තරග 5න් තරග 3ක ජයග්‍රහණ සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ සතු වෙනවා. ඒ අනුව තරග 6කින් සමන්විත මෙම තරගාවලිය මේ වන විට තරග 3-2ක් ලෙසින් බංග්ලාදේශ කණ්ඩායම ඉදිරියෙන් සිටිනවා.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් 7ක් සිදු කර තිබුණා. ඒ පෙර තරගයට එක් වූ දුල්නිත් සිගේරා, රෙහාන් පීරිස්, දිනුර දම්සිත්, දෙනුර දිමන්සිත්, සනුජ නිඳුවර, රසිත් නිම්සර, සහ හිමල් රවිහංස වෙනුවට විරාන් චමුදිත, සුහස් ප්‍රනාන්දු, කවිජ ගමගේ, ආදම් හිල්මි, ජෙලෝන් ගමගේ, විග්නේෂ්වරන් ආකාශ් සහ කුගතාස් මතුලන් එක් කර තිබුණා. මේ අතුරින් ආදම් හිල්මි, ජෙලෝන් ගමගේ සහ සුහස් ප්‍රනාන්දු පළමු වරට යොවුන් එක්දින වරම් දිනා ගැනීමට සමත් වෙනවා.
සංචාරක බංග්ලාදේශ කණ්ඩායම අද තරගයේ දී පෙර තරගයට ක්‍රීඩා කළ Al Fahad, Md Rafi Uzzaman Rafi සහ Sanjid Mozumder වෙනුවට Farhan Shahriar, Iqbal Hossain Emon සහ Saad Islam එක් කර තිබුණා. ඒ අතුරින් Saad Islam පළමු වරට යොවුන් එක්දින දිනා ගත්තා.
ශ්‍රී ලංකාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විමත් දින්සර (නායක), විරාන් චමුදිත, සුහස් ප්‍රනාන්දු, චාමික හීනටිගල, කිත්ම විදානපතිරණ, කවිජ ගමගේ, ආදම් හිල්මි (කඩුලු රකින්නා), ජෙලෝන් ගමගේ, තරුෂ නවෝද්‍ය, විග්නේෂ්වරන් ආකාශ් සහ කුගතාස් මතුලන්.
බංග්ලාදේශ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Azizul Hakim Tamim (නායක), Zawad Abrar, Kalam Siddiki Aleen, Rizan Hossan, Md Abdullah (කඩුලු රකින්නා), Debashis Sarkar Deba, Samiun Basir Ratul, Farid Hasan, Farhan Shahriar, Iqbal Hossain Emon සහ Saad Islam.
අද තරගයේ දී කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 196ක් ලබා ගැනීමට සමත් වුනා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ අද පළමු යොවුන් එක්දින තරගයකට එක් වූ ආදම් හිල්මි. ඔහු පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තා.
ඊට අමතර ව නායක විමත් දින්සර පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 42ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා ට අමතර ව ආරම්භක පිතිකරු සුහස් ප්‍රනාන්දු පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 28ක් ද සහ කිත්ම විදානපතිරණ පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Samiun Basir ලකුණු 35කට කඩුලු 3ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යවන්නා බවට පත් වුනා. ඊට අමතර ව Farhan Shahriar, Saad Islam සහ Rizan Hossan කඩුලු ද්විත්වය බැගින් ද Debasish Deba කඩුල්ලක් ද දවා ගත්තා.
- 51 වැනි Rev. Fr Peter Pillai අනුස්මරණ කුසලාන එක්දින ගැටුමේ ජය සාන්ත පීතර විද්‍යාලයට
- බංග්ලාදේශ යෞවනයෝ තරග 3-1කින් ඉදිරියට
- බංග්ලාදේශ යෞවනයෝ එකට එක කරයි
- විග්නේශ්වරන් බංග්ලාදේශ යෞවනයන් අනාථ කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ ඉනිම ලකුණු 169කට සීමා කිරීමට ශ්‍රී ලංකා යොවුන් පන්දු යවන්නෝ සමත් වෙනවා. ප්‍රතිවාදීන්ගේ පළමු කඩුලු 3 ලකුණු 17ක් වෙද්දී දවා ගත් ඔවුන් ඉනිමේ තවත් පන්දු 30ක් ඉතිරි ව තිබිය දී ම ජයග්‍රහණය කරා තම දක්ෂතා එක ලෙස පවත්වාගෙන ගියා.
එහි දී විරාන් චමුදිත සහ කුගතාස් මාතුලන් ලකුණු 26ක් බැගින් ලබා දෙමින් කඩුලු 3 බැගින් දවා ගත්තා. ඊට අමතර ව තරුෂ නවෝද්‍ය කඩුලු 2ක් ද සහ කවිජ ගමගේ කඩුල්ලක් ද දවා ගත්තා.
පරාජිත බංග්ලාදේශ ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරු වූයේ Samiun Basir. ඔහු පන්දු 26කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 37ක් ලබා ගන්නවා.
ඔහු Farid Hasan සමඟ 7 වැනි කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් ද ගොඩ නැගීමට සමත් වෙනවා. Farid Hasan පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගන්නවා.
ඊට අමතර ව Md Abdullah පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 32ක් ද සහ Rizan Hossan පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 25ක් ද ලබා ගන්නවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ශ්‍රී ලංකාවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 196 (42.3) සුහස් ප්‍රනාන්දු 28, කිත්ම විදානපතිරණ 28, විමත් දින්සර 42, ආදම් හිල්මි 51, Saad Islam 2/29, Rizan Hossan 2/30, Samiun Basir 3/35, Farhan Shahriar 2/05
- බංග්ලාදේශවයස අවුරුදු 19න් පහළ කණ්ඩායම– සියලුම දෙනා දැවී 169 (45.0) Rizan Hossan 25, Md Abdullah 32, Debasish Deba 24, Farid Hasan නොදැවී 30, Samiun Basir 37, තරුෂ නවෝද්‍ය 2/30, විරාන් චමුදිත 3/26, කුගතාස් මාතුලන් 3/26
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ලකුණු 27ක ජයක්.
දෙරට අතර පැවැත්වෙන 6 වැනි සහ අවසන් යොවුන් එක්දින තරගය මේ මස 08 වැනිදා කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.