Home Sinhala බංග්ලාදේශය තරගාවලිය 1-1ක් සේ සම කරයි

බංග්ලාදේශය තරගාවලිය 1-1ක් සේ සම කරයි

Bangladesh Tour of Sri Lanka 2025

24
Bangladesh Tour of Sri Lanka 2025 - 2nd T20

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 3කින් යුත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලකුණු 83කින් ජයග්‍රහණය කළ සංචාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරගාවලිය 1-1ක් සේ සම තත්ත්වයට ගෙන ඒමට සමත් වූවා.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී අද (13) පැවැති මෙම තරගයේ දී පෙර තරගයේ සේ ම කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 7ක් දැවී ලකුණු 177ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ හඹා ගිය ඉනිමට ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 94ක් පමණයි.  

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව පෙර තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම ම කැඳවා තිබූ අතර බංග්ලාදේශය වෙනස්කම් 3ක් සහිතව තරගයට පිවිස තිබුණා. ඒ අනුව Taskin Ahmed, Mohammad Naim සහ Tanzim Hasan Sakib වෙනුවට Mustafizur rahman, Shoriful Islam සහ Jaker Ali Anik කැඳවා තිබුණා.  

ශ්‍රී ලංකාව 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර. 

බංග්ලාදේශය 

Litton Das (නායක සහ කඩුලු රකින්නා), Parvez Hossain Emon, Tanzid Hasan, Towhid Hridoy, Mehidy Hasan Miraz, Shamim Hossain, Mohammad Saifuddin, Rishad Hossain, Mustafizur rahman, Shoriful Islam සහ Jaker Ali Anik. 

බංග්ලාදේශ ඉනිමේ ආරම්භය එතරම් ම සාර්ථක නොවූවත් 3 වැනි කඩුල්ලේ දී පන්දු 55ක දී ලකුණු 69ක් එක් කිරීමට නායක Litton Das සහ Towhid Hridoy සමත් වුණා. එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ Towhid Hridoy ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 31ක් ලබා සිටියා.  

බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Litton Das පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 76ක් ලබා ගත්තා. ඔහු සහ Shamim Hossain 5 වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 39ක දී ලකුණු 77ක් තම කණ්ඩායමට එක් කළා.  

ඔවුන්ගේ මෙම සබඳතාවේ දී ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට දැඩි ප්‍රහාරයකට ලක් වීමට සිදු වූ අතර ඔවුන් නිරතුරු ව පන්දුවාරයකට ලකුණු 10ක සාමාන්‍යයක් පවත්වාගෙන යෑමට සමත් වූවා. එහි දී Shamim Hossain පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක්ක සමඟින් ලකුණු 48ක් ලබා ගත්තා.  

කඩුලු දවා ගැනීමේ දී බිනුර ප්‍රනාන්දු ලකුණු 31කට කඩුලු 3ක් දවා ගැනීමට සමත් වූ අතර ඊට අමතර ව නුවන් තුෂාර සහ මහීෂ් තීක්ෂණ කඩුල්ල බැගින් දවා ගත්තා.  

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිළිතුරු ඉනිමේ පළමු කඩුලු 4 පළමු පන්දුවාර 6 තුළ දවා ගැනීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ සමත් වෙනවා. ඒ අනුව කුසල් මෙන්ඩිස් (8), කුසල් පෙරේරා (0), අවිශ්ක ප්‍රනාන්දු (2) සහ නායක චරිත් අසලංක (5) ගේ කඩුලු ශ්‍රී ලංකා ඉනිමට අහිමි වෙද්දී ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 4ක් දැවී ලකුණු 30ක් ලෙසයි.  

එතැන් සිට පැතුම් නිස්සංක සහ දසුන් ශානක එක් ව 5 වැනි කඩුල්ලට ලකුණු 41ක සබඳතාවක් එක් කිරීමට සමත් වෙනවා. එහි දී පැතුම් නිස්සංක පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ලබා ගත් අතර දසුන් ශානක පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 20ක් ලබා ගත්තා.  

ඔවුන් දෙදෙනා ට අමතර ව අනෙක් කිසිදු පිතිකරුවෙක් ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවකට පැමිණියේ නැහැ. ඒ අනුව චාමික කරුණාරත්න (0), ජෙෆ්රි වැන්ඩර්සේ (8), මහීෂ් තීක්ෂණ (6), බිනුර ප්‍රනාන්දු (6) සහ නුවන් තුෂාර (නොදැවී 0) ලෙසින් තම ඉනිම් අවසන් කරනවා.  

කඩුලු දවා ගැනීමේ දී 22 හැවිරිදි වියේ පසුවෙන පාඳග පන්දු යවන Rishad Hossain ලකුණු 18කට කඩුලු 3ක් දවා ගත් අතර ඊට අමතර ව Shoriful Islam සහ Mohammad Saifuddin කඩුලු ද්විත්වය බැගින් ද, Mustafizur Rahman සහ Mehidy Hasan Miraz කඩුල්ල බැගින් ද බිඳ දැම්මා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • බංග්ලාදේශයකඩුලු 7ක් දැවී 177 (20.0) Litton Das 76, Towhid Hridoy 31, Shamim Hossain 48, බිනුර ප්‍රනාන්දු 3/31
  • ශ්‍රී ලංකාවසියලුම දෙනා දැවී 94 (15.2) පැතුම් නිස්සංක 32, දසුන් ශානක 20, Shoriful Islam 2/12, Mohammad Saifuddin 2/21, Rishad Hossain 3/18

බංග්ලාදේශයට ලකුණු 83ක ජයක්. 

  • තරගයේ වීරයා – Litton Das (බංග්ලාදේශය) 

දෙරට අතර පැවැත්වෙන තීරණාත්මක 3 වැනි සහ අවසන් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ මස 16 වැනිදා කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.  

 දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
94/10 (15.2)

Bangladesh
177/7 (20)

Batsmen R B 4s 6s SR
Tanzid Hasan c Kusal Perera b Binura Fernando 5 8 0 0 62.50
Parvez Hossain Emon b Nuwan Thushara 0 3 0 0 0.00
Liton Das c Nuwan Thushara b Maheesh Theekshana 76 50 1 5 152.00
Towhid Hridoy c Kusal Perera b Binura Fernando 31 25 2 1 124.00
Mehidy Hasan Miraz c Nuwan Thushara b Binura Fernando 1 2 0 0 50.00
Shamim Hossain run out (Kusal Mendis) 48 27 5 2 177.78
Jaker Ali run out (Kusal Mendis) 3 2 0 0 150.00
Rishad Hossain not out 0 1 0 0 0.00
Mohammad Saifuddin not out 6 2 1 0 300.00


Extras 7 (b 1 , lb 4 , nb 0, w 2, pen 0)
Total 177/7 (20 Overs, RR: 8.85)
Bowling O M R W Econ
Nuwan Thushara 4 0 30 1 7.50
Binura Fernando 4 0 31 3 7.75
Dasun Shanaka 2 0 23 0 11.50
Maheesh Theekshana 4 0 30 1 7.50
Jeffery Vandersay 4 0 40 0 10.00
Chamika Karunaratne 2 0 18 0 9.00


Batsmen R B 4s 6s SR
Pathum Nissanka st Liton Das b Rishad Hossain 32 29 2 1 110.34
Kusal Mendis run out (Shamim Hossain) 8 5 2 0 160.00
Kusal Perera c Rishad Hossain b Shoriful Islam 0 4 0 0 0.00
Avishka Fernando c Shamim Hossain b Shoriful Islam 2 5 0 0 40.00
Charith Asalanka c Liton Das b Mohammad Saifuddin 5 5 1 0 100.00
Dasun Shanaka c Tanzid Hasan b Mehidy Hasan Miraz 20 16 2 0 125.00
Chamika Karunaratne c & b Rishad Hossain 2 2 0 0 100.00
Jeffery Vandersay c Mustafizur Rahman b Mohammad Saifuddin 8 6 0 1 133.33
Maheesh Theekshana c Liton Das b Mustafizur Rahman 6 11 0 0 54.55
Binura Fernando st Liton Das b Rishad Hossain 6 9 1 0 66.67
Nuwan Thushara not out 0 0 0 0 0.00


Extras 5 (b 0 , lb 3 , nb 0, w 2, pen 0)
Total 94/10 (15.2 Overs, RR: 6.13)
Bowling O M R W Econ
Shoriful Islam 3 0 12 2 4.00
Mohammad Saifuddin 3 0 21 2 7.00
Mustafizur Rahman 3 0 14 1 4.67
Mehidy Hasan Miraz 3 0 26 1 8.67
Rishad Hossain 3.2 0 18 3 5.62