Home Sinhala අසිත, කුසල් සහ ජනිත් ගේ කැරැල්ල පරාජය වෙයි

අසිත, කුසල් සහ ජනිත් ගේ කැරැල්ල පරාජය වෙයි

Bangladesh tour of Sri Lanka 2025

27

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර (05) නිමා වූ දෙවැනි එක්දින ජාත්‍යන්තර තරගයේ දී ලකුණු 16ක ජයග්‍රහණයක් වාර්තා කරන බංග්ලාදේශ ක්‍රීඩකයෝ තරග 3කින් යුත් තරගාවලිය 1-1ක් සේ සම කර ගන්නවා.   

කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 248ක් ලබා ගත් අතර සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සියලුම දෙනා දැවී ලබා ගැනීමට හැක් වෙන්නේ ලකුණු 232ක් පමණයි.  

මෙම තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම එක් වෙන්නේ වෙනස්කම් 2ක් සිදු කරමින්. ඒ අනුව පෙර තරගයේ දී ජාත්‍යන්තර එක්දින වරම් හිමි වූ මිලාන් රත්නායක සමඟ ඒශාන් මාලිංග කණ්ඩායමෙන් ඉවත්කර තිබූ අතර ඒ වෙනුවට දුනිත් වෙල්ලාල‍ගේ සහ දුශ්මන්ත චමීර කැඳවා තිබුණා.  

බංග්ලාදේශය ද පෙර තරගයට සහභාගී වූ කණ්ඩායමේ වෙනස්කම් 2ක් සිදුකර තිබූ අතර ඒ අනුව පෙර තරගයට එක් වූ Litton Das සහ Taskin Ahmed වෙනුවට Shamim Hossain සහ Hasan Mahmud එක් කර තිබුණා.   

ශ්‍රී ලංකාව 

චරිත් අසලංක (නායක), නිශාන් මදුශ්ක, පැතුම් නිස්සංක,  කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු. 

බංග්ලාදේශය 

Mehidy Hasan Miraz (නායක), Parvez Hossain Emon, Tanzid Hasan, Najmul Hossain Shanto, Towhid Hridoy, Shamim Hossain, Jaker Ali (කඩුලු රකින්නා), Tanzim Hasan Sakib, Hasan Mahmud, Tanvir Islam සහ Mustafizur Rahman. 

කාසියේ වාසිය දිනා ගත් බංග්ලාදේශ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගනිමින් ඊට අවස්ථාව උදා කර ගත්තා. නමුත් ඔහුගේ එම තීරණය ආරම්භක කඩුල්ලට එතරම් ම හිතකර වෙන්නේ නැහැ.  

ඔවුන්ගේ පළමු කඩුල්ල ලකුණු 10ක් වෙද්දී පිටියෙන් ඉවත් කිරීමට  අසිත ප්‍රනාන්දු සහ කුසල් මෙන්ඩිස් සමත් වෙනවා. නමුත් එතැන් සිට 2 වැනි කඩුල්ල සඳහා ලකුණු 63ක සබඳතාවක් එක් කිරීමට Parvez Hossain Emon සහ Najmul Hossain Shanto සමත් වෙනවා. ඔවුන් දෙදෙනා අතුරින් Najmul Hossain Shanto ලකුණු 14කට දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව බිද වැටෙනවා.  

අනතුරු ව Parvez Hossain Emon දැවී යන විට පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 67ක් ලබා සිටියා. එය ඔහුගේ මංගල අර්ධ ශතකයයි. ඔහු දැවී යන විට බංග්ලාදේශ ඉනිම දැක් වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 110ක් ලෙසයි.  

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරු ව බංග්ලාදේශ ඉනිමට වගකිව යුතු සේවයක් කිරීමට Towhid Hridoy සමත් වෙනවා. ඔහු 7 වැනි කඩුල්ල ලෙසින් දැවී යද්දී පන්දු 69කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා ගන්නවා.  

ඊට අමතර ව  Shamim Hossain පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 22ක් ද,  Jaker Ali  පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 24ක් ද සහ ඉනිම අවසන් වන විට Tanzim Hasan Sakib ලක්චු 21කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 33ක් ලබා ගනිමින් තම ඉනිම පෝෂණය කරනවා.  

කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු ලකුණු 35කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව වනිඳු හසරංග කඩුලු 3ක් ද සහ චරිත් අසලංක සහ චුශ්මන්ත චමීර කඩුල්ලක් බැගින් ද දවා ගත්තා.  

ශ්‍රී ලංකා ඉනිම සුපුරුදු ලෙසින් ආරම්භ කරන්නේ නිශාන් මධුශ්ක සහ පැතුම් නිස්සංක එක්වයි. නමුත් ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 6ක් වෙද්දී පැතුම් නිස්ංසක පිටියෙන් ඉවත් වෙනවා. ඒ වෙද්දී ඔහු ලබා සිටියේ පන්දු 8ක දී ලකුණු 5ක් පමණයි.  

අනතුරු ව 2 වැනි කඩුල්ලේ දී බංග්ලාදේශය සේ ම ශ්‍රී ලංකාව ද සාර්ථක ලකුණු දඩයමක නිරත වෙනවා. ඔවුන්ගේ සබඳතාව බිඳී යන්නේ නිශාන් මදුශ්කගේ දැවී යෑමත් සමඟිනුයි. ඇය දැවී යන විට පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 17ක් ලබා සිටියා. ඔවුන් දෙදෙනා අතර 2 වැනි කඩුල්ලට සබඳතාව ලකුණු 69ක්.  

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 34 වැනි එක්දින ජාත්‍යන්තර තරගයට සහභාගී වෙමින් සිටි කුසල් මෙන්ඩිස් ද ඉනිම හැර යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 31කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා සිටියා.  

අනතුරු ව කමිඳු මෙන්ඩිස් ද පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර  2ක් සමඟින් ලකුණු 33ක් ද සහ ජනිත් ලියනගේ පන්දු 85කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 78ක් ලබා ගන්නවා. එය ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු සබඳතාව වූ අතර ජනිත් විසින් එල්ල කරන ලද 5 නැති අර්ධ ශතකයයි. 

ඔවුන්ගේ දැවී යෑම්වලින් අනතුරු චරිත් අසලංක (6), දුනිත් වෙල්ලාලගේ (1), මහීෂ් තීක්ෂණ (2) සහ අසිත ප්‍රනාන්දු (නොදැවී 3) තම ඉනිම් අවසන් කර ගන්නා ලද අතර තරගය නතර කරන විට දුශ්මන්ත චමීර සහ වනිඳු හසරංග ලකුණු 13ක් බැගින් දවා ගත්තා.  

 කඩුලු දවා ගැනීමේ දී තම දෙවැනි ජාත්‍යන්තර එක් දින තරගයට සහභාගී වූ Tanvir Islam ලකුණු 39කට කඩුලු 5ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Tanzim Hasan Sakib කඩුලු 2ක් ද, Shamim Hossain, Mehidy Hasan Miraz සහ  Mustafizur Rahman කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

  • බංග්ලාදේශය – සියලුම දෙනා දැවී 248 (45.5) Parvez Hossain Emon 67, Towhid Hridoy 51, Shamim Hossain 22, Jaker Ali 24, Tanzim Hasan Sakib නොදැවී 33, අසිත ප්‍රනාන්දු 4/35, වනිඳු හසරංග 3/60
  • ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 232 (48.5)කුසල් මෙන්ඩිස් 56, කමිඳු මෙන්ඩිස් 33, ජනිත් ලියනගේ 78, Tanzim Hasan Sakib 2/34, Tanvir Islam 5/39

බංග්ලාදේශයට ලකුණු 16ක ජයක්.  

  • තරගයේ වීරයා – Tanvir Islam (බංග්ලාදේශය 

දෙරට අතර පැවැත්වෙන 3 වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය ජුලි මස 08 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න << 

Result


Sri Lanka
232/10 (48.5)

Bangladesh
248/10 (45.5)

Batsmen R B 4s 6s SR
Parvez Hossain Emon b Wanindu Hasaranga 67 69 6 3 97.10
Tanzid Hasan c Kusal Mendis b Asitha Fernando 7 11 0 0 63.64
Najmul Hossain Shanto c Maheesh Theekshana b Charith Asalanka 14 19 2 0 73.68
Towhid Hridoy run out (Nishan Madushka) 51 69 2 0 73.91
Mehidy Hasan Miraz c Pathum Nissanka b Nishan Madushka 9 10 1 0 90.00
Shamim Hossain c Janith Liyanage  b Asitha Fernando 22 23 2 1 95.65
Jaker Ali lbw b Asitha Fernando 24 40 2 0 60.00
Tanzim Hasan Sakib not out 33 21 2 2 157.14
Hasan Mahmud c Nishan Madushka b Asitha Fernando 0 2 0 0 0.00
Tanvir Islam lbw b Wanindu Hasaranga 4 5 1 0 80.00
Mustafizur Rahman lbw b Wanindu Hasaranga 0 7 0 0 0.00


Extras 17 (b 8 , lb 1 , nb 1, w 7, pen 0)
Total 248/10 (45.5 Overs, RR: 5.41)
Bowling O M R W Econ
Asitha Fernando 9 0 35 4 3.89
Maheesh Theekshana 7 0 32 0 4.57
Dushmantha Chameera 7 0 37 1 5.29
Charith Asalanka 3 0 24 1 8.00
Dunith Wellalage 8 0 32 0 4.00
Wanindu Hasaranga 9.5 1 60 3 6.32
Kamindu Mendis 2 0 19 0 9.50


Batsmen R B 4s 6s SR
Nishan Madushka c Towhid Hridoy b Tanvir Islam 17 25 3 0 68.00
Pathum Nissanka lbw b Tanzim Hasan Sakib 5 8 1 0 62.50
Kusal Mendis lbw b Tanvir Islam 56 31 9 1 180.65
Kamindu Mendis c Mehidy Hasan Miraz b Tanvir Islam 33 51 2 0 64.71
Charith Asalanka c Tanvir Islam b Shamim Hossain 6 17 1 0 35.29
Janith Liyanage  c & b Mustafizur Rahman 78 85 7 2 91.76
Dunith Wellalage c Jaker Ali b Tanvir Islam 1 1 0 0 100.00
Wanindu Hasaranga c Tanzim Hasan Sakib b Mehidy Hasan Miraz 13 16 1 0 81.25
Maheesh Theekshana c Rishad Hossain b Tanvir Islam 2 12 0 0 16.67
Dushmantha Chameera b Tanzim Hasan Sakib 13 31 1 0 41.94
Asitha Fernando not out 3 7 0 0 42.86


Extras 5 (b 0 , lb 1 , nb 0, w 4, pen 0)
Total 232/10 (48.5 Overs, RR: 4.75)
Bowling O M R W Econ
Hasan Mahmud 7 0 43 0 6.14
Tanzim Hasan Sakib 4.5 0 34 2 7.56
Tanvir Islam 10 2 39 5 3.90
Mustafizur Rahman 8 0 56 1 7.00
Mehidy Hasan Miraz 10 0 37 1 3.70
Shamim Hossain 9 1 22 1 2.44