දසුන් ශානකගේ සටන්කාමී ඉනිම අපතේ යයි

2481

ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකරුවන් දැක්වූ දුර්වලතාවන් වසාගෙන පසුපෙළ පිතිකරුවන් ලකුණු අතරg පිවිසිය ද, අවසාන මොහොතේ දී ඔවුන්ගෙන් ද තරගය ඉතා අවාසනාවන්ත ලෙසින් ගිලිහී යෑම හේතුවෙන් සංචාරක ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම අතර සිල්හෙට් හී අද (17) නිමා වූ පළමු නිල නොලත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු දෙකක තියුණු ජයක් ලබා ගැනීමට බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් වූහ.

පුෂ්පකුමාර හා ජයසූරිය ශ්‍රී ලංකාවට ජයග්‍රහණය රැගෙන එයි

බංග්ලාදේශ A කණ්ඩායම හා ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පැවති තෙවන නිල නොවන සිව්දින ටෙස්ට් තරගය ඉනිමකින්…

ඒ අනුව තරග තුනකින් සමන්විත නිල නොලත් එක්දින ක්‍රිකට් තරගාවලිය 1-0ක් සේ පෙරමුණ ගැනීමට සත්කාරක බංග්ලාදේශ ක්‍රීඩකයෝ සමත් විය.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට බංග්ලාදේශ ක්‍රීඩකයන්ට ආරාධනා කළ අතර ඒ අනුව පිටියට පිවිසි බංග්ලාදේශ ක්‍රීඩකයෝ කඩුලු 7ක් දැවී ලකුණු 280ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලබා ගත්තේ සියලුම දෙනා දැවී ලකුණු 278ක් පමණි.

බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුල්ලේ සිටම හොඳ ලකුණු සබඳතා පවත්වමින් දැවැන්ත ලකුණු පුවරුවක් ගොඩ නැගීමට සමත් වෙද්දී ශ්‍රී ලංකා A පන්දු යවන්නන් විසින් සිදු කළේ තමන්ගේ ජාමෙ බේරා ගැනීමට පන්දු යැවීම ය. ශ්‍රී ලංකා නායකයා තමන් සමඟ තවත් පන්දු යවන්නෝ 5 දෙනෙක් යොදා ගත්ත ද බංග්ලාදේශ ප්‍රහාරයන් වළක්වා ගැනීමට එකී උත්සාහයන් සාර්ථක වූයේ නැත.

ඒ අනුව ගොඩ නැගුණ බංග්ලාදේශ ඉනිමේ අර්ධ ශතක දෙකක් වාර්තා විය. ඒ ආරම්භක පිතිකරු මිෂනුර් රාහ්මන් සහ ෆස්ලේ මහ්මුද් විසිනි. මිෂනුර් රාහ්මන් පන්දු 107කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේය. ෆස්ලේ මහ්මුද්ගේ ඉනිම පන්දු 63කින් සමන්විත වූ ලකුණු 59කි. ඊට හතරේ සහ හයේ පහර දෙක බැගින් අතුලත් විය.

ඉනිමේ සිව්වැනි කඩුල්ලට ෆස්ලේ මහ්මුද් සහ නායක මොහොමඩ් මිතුන් (44) එක්ව ගොඩ නැගූ ලකුණු 95 ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට දරා ගත නොහැකි සබඳතාව විය. එය ඉනිමේ හොඳම ලකුණු සබඳතාව විය. නායකයාට අමතරව අරිෆුල් හක් පන්දු 22ක දී හතරේ පහර 3ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 47ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තවත් හිසරදයක් විය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් අතරින් ෂෙහාන් මධුශංක, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, මාලින්ද පුෂ්පකුමාර සහ නායක තිසර පෙරේරාට කඩුල්ල බැගින් හිමි වෙද්දී, දුවද්දී දැවී යෑම් දෙකක් ද ඉනිමේ තිබුණි. කඩුලු නොමැති පන්දු යවන්නා වූයේ නිශාන් පීරිස් ය.

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් සධීර සමරවික්‍රම (03) සහ උපුල් තරංග (10) පිටියට පිවිසිය ද ඔවුන්ට වැඩි වේලා පිටියේ රැඳී සිටීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. ශ්‍රී ලංකා ඉනිමේ පළමු කඩුලු 2 ලකුණු 13ක් වෙද්දී නැවත ක්‍රීඩා විවේකාගාරය වෙත යැවීමට ඔවුන් සමත් වූහ. ඒ තෙවැනි පන්දුවාරය ක්‍රියාත්මක වෙද්දී ය.

අනතුරුව ලහිරු තිරිමාන්න (29) සහ ෂෙහාන් ජයසූරිය (20) එක්ව තෙවැනි කඩුල්ල සඳහා ලකුණු 52ක සබඳතාවක් එක් කරමින් ශ්‍රී ලංකා ලකුණු පුවරුව නැංවීමට කටයුතු කළහ. නමුත් ඔවුන් දෙදෙනා ද පන්දුවාර 4ක් තුළ ක්‍රීඩා විවේකාගාරයට යවමින් බංගලියෝ තරගය තමන් වෙතට හරවා ගත්හ.    

හතුරුසිංහට, චන්දිමාල්ට හා ගුරුසිංහට තරග හයක් තහනම්

ස්වාධීන අධිකරණ නිලධාරි ගරු මයිකල් බෙලොෆ් මහතා අද (16) ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල්ට, පුහුණුකරු චන්දික හතුරුසිංහට හා කළමනාකරු අසංක ගුරුසිංහ හට තරග තහනම් …

ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් හොඳම ලකුණු සබඳතාවක් ගොඩ නැගුවේ අශාන් ප්‍රියංජන් සහ දසුන් ශානක ය. ඔවුන් දෙදෙනාගේ සබඳතාව ලකුණු 84කි. අශාන් ප්‍රියංජන් පන්දු 59කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 42ක් තම කණ්ඩායමට එක් කරද්දී දසුන් ශානක පන්දු 78ක දී හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් සටන්කාමී ලකුණු 78ක් රැස් කළේය.

ඔවුන්ගේ දැවී යෑමෙන් අනතුරුව පිටියට පිවිසි නායක තිසර පෙරේරා (22) සහ සම්මු අශාන් (28) ද ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැගීමට වෙහෙස වූවද ඔවුන්ගේ ඉනිම්, තරගය අතර මග නතර කිරීමට බංග්ලාදේශ පන්දු යවන්නෝ කටයුතු කළහ. වරෙක ශ්‍රී ලංකා ඉනිම කඩුලු 7ක් දැවී ලකුණු 243ක් වූව ද ඒ හා සැනෙකින් යැවුණ පන්දු 5ක් අවසානයේ දී එම ලකුණු පුවරුවම කියැවුණේ කඩුලු 9ක් දැවී ලකුණු 244ක් ලෙසිනි.

මලින්ද පුෂ්පකුමාර (00) සහ නිශාන් පීරිස් (11*) ට ද පිති හරඹයේ දී තම කණ්ඩායම වෙනුවෙන් යමක් කරගත නොහැකි වෙද්දී, ෂෙහාන් මධුශංක අවසන් පිතිකරු ලෙසින් දැවී ගියේ පන්දු 12ක දී හයේ පහර 3ක් සමඟින් ඉක්මන් ලකුණු 21ක් ලබා ගනිමිනි.

පන්දු යැවීමේ දී දකුණතින් ආරම්භක මඳ වේගපන්දු යවන කාලීඩ් අහමද් ලකුණු 72කට කඩුලු 4ක් දවා ගනිද්දී අනෙක් අන්තයෙන් පන්දු යැවීම ආරම්භ කළ 17 වියැති වමතින් මඳ වේගපන්දු යැවූ ෂොරිෆුල් ඉස්ලාම් ලකුණු 54කට කඩුලු 3ක් දවා ගත්තේය.

ශ්‍රී ලංකාව ලෝක ශූර ඉන්දියාව පරාජය කරයි

ඊයේ (15) ආරම්භ වූ ඉන්දු – ශ්‍රී ලංකා දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරගාවලියේ දෙවන එක්දින තරගය අද (16) කොළඹ BRC පිටියේ දී පැවති අතර එම තරගය ද කඩුලු 7කින් ජයග්‍රහණය…

දකුණතින් මඳ වේගපන්දු යැවූ අරිෆුල් හක් ලකුණු 42කට කඩුලු 2ක් දවා ගත් අතර පිතිහරඹයේ දී පසුපෙළ පිතිකරුවෙක් ලෙසින් දැක්වූ දක්ෂතා ද සැලකිල්ලට ගනිමින් ඔහු තරගයේ වීරයා ලෙසින් නම් කෙරුණි.

දෙරට අතර පැවැත්වෙන දෙවැනි නිල නොලත් එක්දින තරගය මේ මස 19 වැනිදා මෙම ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිත ය.

බංග්ලාදේශ A ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 7ක් දැවී 280 (50.0) මිෂනුර් රාහ්මන් 67, සෞම්‍ය සාකර් 24, ෆස්ලේ මහ්මුද් 59, මොහොමඩ් මිතුන් 44, අරිෆුල් හක් 47, දසුන් ශානක 1/24

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම; සියලුම දෙනා දැවී 278 (50.0) ලහිරු තිරිමාන්න 29, ශෙහාන් ජයසූරිය 20, අශාන් ප්‍රියංජන් 42, දසුන් ශානක 78, තිසර පෙරේරා 22, සම්මු අශාන් 28, ශෙහාන් මධුශංක 21, කාලීඩ් අහමඩ් 4/72, ෂොරිෆුල් ඉස්ලාම් 3/54, අර්ෆුල් හක් 2/42

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<

<div class=”album_outer_wrapper”><div class=”album_inner_wrapper”></div></div>