ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ තෙවැනි හා අවසාන අදියර ඊයේ (30) තායිපේ නගරයේ දී නිමාව පත් වූ අතර එහි දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් තරගාවලිය නිමා කරන්නට සමත් විය.
හිමාෂට සහ නිමාලිට පදක්කම්
චීනයේ ජියැන්ග් සිං නුවර පැවැත්වෙන ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ දෙවන වටයේ තරගවලින් රිදී හා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඊයේ (27) සමත් විය.
තරගාවලියේ පළමු අදියරේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ඉඳුනිල් හේරත්, දෙවන අදියරේ දී ලද පසුබෑමෙන් අනතුරුව නැවතත් තෙවන අදියරේ දී සිය සුපුරුදු දක්ෂතා අතරට පැමිණෙමින් මීටර 800 පිරිමි ධාවන ඉසව්වේ රන් පදක්කම නැවතත් තමා සතු කර ගන්නට සමත් විය. එහි දී ඔහු තරගය නිමා කරන්නට මිනිත්තු 1:51.34ක කාලයක් වැය කළේය. රියෝ ඔලිම්පික් තරගාවලියේ දී ඉන්දියාව නියෝජනය කරමින් මෙම ඉසව්වට සහභාගී වූ ජින්සන් ජොන්සන් මෙම ඉසව්ව සඳහා මිනිත්තු 1:45.98ක් (පෞද්ගලික හොඳම කාලයක්) වාර්තා කිරීමට සමත් වී ඇති අතර ඔහුව අභිබවා මෙම තරගයේ දී ඉඳුනිල් රන් පදක්කම දිනා ගැනීමට සමත්වීම සුවිශේෂී සිදුවීමකි.

මෙම ඉසව්වේ ආසියානු ශූරිය වන ඉන්දියාවේ ටින්ටු ලූකා මෙහි දී ගයන්තිකා හමුවේ පරාජයට පත්විය. තරගාවලියේ පළමු අදියරේ දී ගයන්තිකා ලෝකඩ පදක්කම දිනා ගනිද්දී නිමාලි 5 වන ස්ථානයට පත්වූ අතර තරගාවලියේ දෙවැනි අදියරේ දී එම ස්ථාන හුවමාරු වෙමින් නිමාලි ලෝකඩ පදක්කමත්, ගයන්තිකා 5 වන ස්ථානයත් දිනා ගැනීමට සමත් විය.
මෙම තරගාවලියේ දී ප්‍රථම වතාවට ශ්‍රී ලංකා මීටර 100 ධාවන ශූර හිමාෂ ඒෂාන් පදක්කමක් දිනා ගැනීමට අපොහොසත් වූයේ ඔහු මෙම අදියරේ දී 4 වන ස්ථානය දක්වා පසුබැසීමත් සමඟයි. තරගාවලියේ පළමු මෙන්ම දෙවැනි අදියරේ දී ද ඔහු රිදී පදක්කම දිනා ගැනීමට සමත් විය. ඔහු මෙම අදියරේ දී 4 වන ස්ථානය දක්වා පසුබැස්සත් ඊට පෙර අදියර දෙකේ දී ම ඔහුව පරාජයට පත්කරමින් රන් පදක්කම දිනා ගත් චීන ක්‍රීඩක හොංග් මී අභිබවා යන්නට ඔහු මෙහි දී සමත් විය. එමෙන්ම මෙහි දී ඔහු තරගය නිමා කිරීමට ගත කළ තත්පර 10.41, ඔහු මෙම තරග වාරයේ දී වාර්තා කළ හොඳම කාලය ලෙස සටහන් විය.

ශ්‍රී ලංකාව නියෝජනය කළ හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක යුගළය, සුමේධ රණසිංහට සහ වරුණ ලක්‍ෂාන්ට ද තරගාවලිය අවසන් කිරීමට සිදුවූයේ පදක්කම් රහිතව යි. තෙවැනි අදියරේ දී සුමේධ මීටර 72.23ක් වාර්තා කරමින් 7 වන ස්ථානයට පත් වූ අතර වරුණ තරගයට සුදුසුකම් ලැබීමට අපොහොසත් විය.
සංජය ලක්‍ෂාන් තුන් පිම්ම ඉසව්වෙන් තරග කර මීටර 15.23ක් වාර්තා කරමින් 6 වන ස්ථානයට පත්වෙද්දී, මීටර 400 පිරිමි ධාවන ඉසව්වට සහභාගී වෙමින් එය තත්පර 47.89කින් නිමා කළ අජිත් ප්‍රේමකුමාරට හිමිවූයේ 5 වන ස්ථානයයි.
කාන්තා යගුලිය විසි කිරීමේ ඉසව්වෙන් තරග කළ තාරිකා ප්‍රනාන්දුට දිනා ගැනීමට හැකිවූයේ 5 වන ස්ථානයයි. උස පැනීමේ ක්‍රීඩිකා තරංගා විනෝදිනී පෙර අදියර දෙකේ දී මෙන්ම මෙම අදියරේ දී ද මීටර 1.65ක ආරම්භක උස ප්‍රමාණය සාර්ථකව පනින්නට අපොහොසත් වීම කනගාටුවට කරුණකි.
ඒ අනුව ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලියේ පළමු අදියරේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පදක්කම් තුනකට හිමිකම් කියූ අතර එහි දී ඉඳුනිල් හේරත් රන් පදක්කමක් ද, හිමාෂ ඒෂාන් රිදී පදක්කමක් ද, ගයන්තිකා අබේරත්න ලෝකඩ පදක්කමක් ද දිනා ගැනීමට සමත් විය.
දෙවැනි අදියරේ දී හිමාෂ ඒෂාන් තම රිදී පදක්කම ඒ අයුරින්ම ආරක්ෂා කර ගනිද්දී නිමාලි ලියනාරච්චි ලෝකඩ පදක්කමක් දිනා ගත් අතර එම අදියර නිමාවට පත්වූයේ පදක්කම් දෙකක හිමිකාරිත්වය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වෙමිනි.
කෙසේ වුවත් තෙවැනි හා අවසාන අදියරේ දී රන් පදක්කම් දෙකක් සහ එක් ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ආසියානු ගෝන් ප්‍රී මලල ක්‍රීඩා තරගාවලිය අවසන් කිරීමට සමත් වීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සතුටට පත්වනු ඇත.
තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට






















