ආසියානු කුසලාන Rising Stars ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට බංග්ලාදේශ A කණ්ඩායම සහ පාකිස්තාන Shaheens කණ්ඩායම අද (21) සමත් වෙනවා.
මෙම තරග Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැතුණා.
2 වැනි අවසන් පූර්ව තරගය
ශ්‍රී ලංකා A කණ්ඩායම සහ පාකිස්තාන Shaheens කණ්ඩායම කණ්ඩායම අතර පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා A නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන Shaheens කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 153ක් ලබා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා A කණ්ඩායම කඩුලු 9ක් දැවී ලකුණු 148ක් ලබා ගනිමින් ලකුණු 5කින් පරාජයට පත් වෙනවා.
ශ්‍රී ලංකා A කණ්ඩායම
දුනිත් වෙල්ලාලගේ (නායක), නිශාන් මදුශ්ක (කඩුලු රකින්නා), විශේන් හැළඹගේ, ලසිත් කෲස්පූල්ලේ, නුවනිඳු ප්‍රනාන්දු, සහන් ආරච්චිගේ, රමේෂ් මෙන්ඩිස්, ප්‍රමෝද් මදුශාන්, මිලාන් රත්නායක, ට්‍රවීන් මැතිව් සහ ගරුක සංකේත්.
පාකිස්තාන Shaheens කණ්ඩායම
Irfan Khan (නායක), Mohammad Naeem, Maaz Sadaqat, Yasir Khan, Mohammad Faiq, Ghazi Ghori (කඩුලු රකින්නා), Saad Masood, Shahid Aziz, Ahmed Daniyal, Sufiyan Muqeem, Ubaid Shah
මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි පාකිස්තාන Shaheens කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ Ghazi Ghori. ඔහු පන්දු 36කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 39ක් ලබා ගන්නවා. ඊට අමතර ව ආරම්භක පිතිකරු Maaz Sadaqat පන්දු 11කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 23ක් ලබා ගන්නා ලද අතර Saad Masood පන්දු 25ක දී ලකුණු 22ක් ද සහ Ahmed Daniyal පන්දු 8ක දී හයේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද ලබා ගන්නවා.
පන්දු යැවීමේ දී ප්‍රමෝද් මදුශාන් ලකුණු 29කට කඩුලු 4ක් දවා ගන්නා ලද අතර ඊට අමතර ව ට්‍රවීන් මැතිව් කඩුලු 3ක් ද, මිලාන් රත්නායක සහ දුනිත් වෙල්ලාලගේ කඩුල්ලක් බැගින් ද දවා ගන්නවා.
පිළිතුරු ශ්‍රී ලංකා ඉනිම ලසිත් කෲස්පුල්ලේ සහ විශේන් හැළඹගේ විසින් ආරම්භ කළ අතර එහි දි ඔවුන් දෙදෙනා විසින් 1 වැනි කඩුල්ලට පන්දු 9ක දී ලකුණු 29ක සබඳතාවක් ගොඩ නගනවා. ඉන් ලකුණු 27ක් ම එක් වෙන්නේ ලසිත් කෲස්පුල්ලේ ගේ පිත්තෙන්. ඔහු දැවී යද්දී මුහුණ දී සිටියේ පන්දු 7කට පමණක් අතර හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඊට ඇතුලත් ව තිබුණා.
ඉන් අනතුරු ව විශේන් හැළඹගේ එක් අන්තයක සිර ව සිටිය දී නිශාන් මදුශ්ක (6) සහ නුවනිඳු ප්‍රනාන්දු (5) අඩු ලකුණුවලට දැවී යනවා. ඉනිමේ 4 වැනි කඩුල්ල ලෙසින් විශේන් හැළඹගේ ද දැවී යන අතර ඒ වෙද්දී ඔහු පන්දු 27කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.
ඔහුගේ දැවී යෑමත් සමඟින් යැවුණ පන්දු 21ක දී ශ්‍රී ලංකා A ක්‍රීඩකයෝ ලකුණු 15ක් පමණක් ලබා ගනිද්දී තවත් කඩුලු 3ක් දැවී යනවා. එවර තම ඉනිම් අහිමි කර ගන්නේ දුනිත් වෙල්ලාලගේ (2), රමේෂ් මෙන්ඩිස් (0) සහ සහන් ආරච්චිගේ (5).
අනතුරු ව වේග පන්දු යවන්නන් දෙදෙනෙක් ලෙසින් කණ්ඩායමට එක් වූ මිලාන් රත්නායක සහ ප්‍රමෝද් මදුශාන් එක් ව 8 වැනි කඩුල්ලට ස්ථාවර වීමේ මඟක් සොයමින් සිටිය ද ඔවුන්ට එතරම් වේලාවක් ගත කිරීමට හැකි වෙන්නේ නැහැ. ඒ ප්‍රමෝද් මදුශාන් පන්දු 10කට මුහුණ දී හතරේ පහරක් සමඟින් ලකුණු 7කට දෑවී යෑමත් සමඟිනුයි.
අනතුරු ව පිටියට එක් වූ ට්‍රවීන් මැතිව් සමඟ එක් වූ මිලාන් රත්නායක තරගයේ ජයග්‍රාහී බලාපොරොත්තු ඇති කරන ඉනිමක නිරත වූණා. වරෙක ඔවුන් අවසන් පන්දු 12 දී ජයග්‍රහණය සඳහා ලකුණු 25ක අවශ්‍යතාවක් බවට පත් කිරීමට හැකි වෙනවා. ඒ වෙද්දී මිලාන් රත්නායක ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් ව සිටියා.
ඉනිමේ 19 වැනි පන්දුවාරයේ දී හතරේ පහරක් සමඟින් ලකුණු 6ක් එක් කර ගන්නා මිලාන් රත්නායක එහි දී Yasir Khan විසින් අතහැරුණ උඩ පන්දුවක ද වාසිය ලබා ගත්තා. ඒ අනුව අවසන් පන්දුවාරයේ දී ශ්‍රී ලංකා A ජයග්‍රහණය වෙනුවෙන් අවශ්‍ය වූයේ ලකුණු 15ක් පමණයි.
නමුත් එම පන්දුවාරයේ තෙවැනි පන්දුවේ දී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මිලාන් රත්නායකට පිටියෙන් ඉවත් වීමට සිදු වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 32කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 40ක් ලබා සිටි අතර ට්‍රවීන් මැතිව් හා සමඟ 9 වැනි කඩුල්ලට පන්දු 37ක දී ලකුණු 47ක සබඳතාවක් ද ගොඩ නගනවා.
ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ට්‍රවීන් මැතිව් නොදැවී ලකුණු 4ක් ද සහ ගරුක සංකේත් නොදැවී ලකුණක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Saad Masood සහ Sufiyan Muqeem කඩුලු 3ක් බැගින් දවා ගත් අතර Ahmed Daniyal, Shahid Aziz සහ Ubaid Shah කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- පාකිස්තානShaheens කණ්ඩායම – කඩුලු 9ක් දැවී 153(20.0) Maaz Sadaqat 23, Ghazi Ghori 39, Saad Masood 22, Ahmed Daniyal 22, ප්‍රමෝද් මදුශාන් 4/29, ට්‍රවීන් මැතිව් 3/22
- ශ්‍රී ලංකා Aකණ්ඩායම – කඩුලු 9ක් දැවී 148(20.0) ලසිත් කෲස්පුල්ලේ 27, විශේන් හැළඹගේ 29, මිලාන් රත්නායක 40, Saad Masood 3/18, Sufiyan Muqeem 11/3
තරගයේ වීරයා – Saad Masood (පාකිස්තාන Shaheens කණ්ඩායම)
- දියාරු පිතිකරණය නිසා ශ්‍රී ලංකාව දරුණු පරාජයක්!
- දුනිත් ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට ගෙන යයි
- ආසියා කුසලානය හිතේ මවා ගෙන ඉන්දියාව ජය සමරයි!
- පාකිස්තානයෙන් ජයග්‍රාහී ආරම්භයක්
-
දුනිත්ගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකා A කණ්ඩායම ආසියානු කුසලානයට!
1 වැනි අවසන් පූර්ව තරගය
ඉන්දීය A කණ්ඩායම සහ බංග්ලාදේශ A කණ්ඩායම අතර පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඉන්දීය A කණ්ඩායමේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ A ක්‍රීඩකයෝ කඩුලු 6ක් දැවී ලකුණු 194ක් ලබා ගන්නා ලද අතර පිළිතුර ඉනිමට පිටියට පිවිසි ඉන්දීය A ක්‍රීඩකයෝ ද ලබා ගන්නේ එම ලකුණු සංඛ්‍යාවයි.
ඒ අනුව සම වූ තරගයේ විසඳුම තීරණය කිරීමට යැවුණ සුපිරි පන්දුවාරයේ දී ජයග්‍රහණය වාර්තා කරන්නේ බංග්ලාදේශ A ක්‍රීඩකයෝයි.
ඉන්දීය A කණ්ඩායම
Jitesh Sharma (නායක සහ කඩුලු රකින්නා), Vaibhav Suryavanshi, Priyansh Arya, Naman Dhir, Nehal Wadhera, Ramandeep Singh, Ashutosh Sharma, Harsh Dubey, Gurjapneet Singh, Vijaykumar Vyshak, Suyash Sharma
බංග්ලාදේශ A කණ්ඩායම
Akbar Ali (නායක සහ කඩුලු රකින්නා), Habibur Rahman Sohan, Jishan Alam, Zawad Abrar, Abu Hider, SM Meherob, Mahidul Islam Ankon, Yasir Ali, Rakibul Hasan, Ripon Mondol, Abdul Gaffar Saqlain.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක පිතිකරු Habibur Rahman Sohan. ඔහු පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 65ක් ලබා ගන්නවා.
ඊට අමතර ව බංග්ලාදේශ A ඉනිම අවසන් වන විට SM Meherob පන්දු 18කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 48ක් ලබා සිටි අතර Jishan Alam ද පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුනු 26ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Gurjapneet Singh ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත් අතර ඊට අමතර ව Suyash Sharma, Harsh Dubey, Ramandeep Singh සහ Naman Dhir කඩුල්ල බැගින් දවා ගන්නවා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය A කණ්ඩායම් ඉනිමට සාර්ථක ආරම්භයක් ලබා දීමට Vaibhav Suryavanshi සහ Priyansh Arya සමත් වෙනවා. ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට පන්දු 22ක දී ලකුණු 53ක සබඳතාවක් ගොඩ නගනවා.
එහි දී Vaibhav Suryavanshi පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමගින් ලකුණු 38ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් 1 වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙනවා.
Priyansh Arya ලබා ගත් ලකුණු සංඛ්‍යාව 44ක්. ඊට හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් එක් කිරීමට ද ඔහු සමත් වෙනවා. ඊට අමතර ව නායක Jitesh Sharma පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33ක් ද සහ Nehal Wadhera පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 32ක් ද ලබා ගන්නවා.
ඉන්දීය A කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් අවසන් පන්දුවාරයේ දී ලකුණු 16ක් අවශ්‍ය වූව ද ඔවුන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ ලකුණු 15ක් පමණයි. ඒ අනුවයි තරගය ලකුණු සම වෙමින් අවසන් වෙන්නේ.
කඩුලු දවා ගැනීමේ දී Rakibul Hasan සහ Abu Hider කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නා ලද අතර ඊට අමතර ව Abdul Gaffar Saqlain සහ Ripon Mondol කඩුල්ල බැගින් දවා ගන්නවා.
තරගයේ විසඳුම තීරණය කිරීම සඳහා පැවැති සුපරි පන්දුවාරයේ දී පළමුවෙන් ම පන්දුවට පහර දීමට පිටියට පිවිසි ඉන්දීය ඉනිමේ පළමු කඩුලු ද්විත්වය කිසිදු ලකුණක් ලබා නොදී දවා ගැනිමට ඔවුන් සමත් වෙනවා. එම දක්ෂතා සිදු කරනු ලබන්නේ Ripon Mondol විසිනුයි.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බංග්ලාදේශ A කණ්ඩායමට ලැබුණ සීමාව ඉක්මවා ගිය ලකුණකින් අනතුරු ව ලැබූ ජයත් සමඟින් තරගය නිමා වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශA කණ්ඩායම – කඩුලු 6ක් දැවී 194(20.0) Habibur Rahman Sohan 65, Jishan Alam 26, SM Meherob නොදැවී 48, Yasir Ali නොදැවී 17, Gurjapneet Singh 2/39
- ඉන්දීය A කණ්ඩායම – කඩුලු 6ක් දැවී 194 (20.0)Vaibhav Suryavanshi38, Priyansh Arya 44, Jitesh Sharma 33, Nehal Wadhera නොදැවී 32, Abu Hider 2/44, Rakibul Hasan 2/39
බංග්ලාදේශ A කණ්ඩායමට සුපිරි පන්දුවාරයේ දී ජය.
තරගයේ වීරයා – Ripon Mondol (බංග්ලාදේශ A කණ්ඩායම)
බංග්ලාදේශ A කණ්ඩායම සහ පාකිස්තාන Shaheens කණ්ඩායම සහභාගී වන තරගාවලියේ අවසන් මහා තරගය මේ මස 23 වැනි ඉරිදා Doha හී West End Park ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ම පැවැත්වීමට නියමිතයි.
Asia Cup Rising Stars 2025 තරගාවලියේ සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැදී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟ ම.





















