ආසියානු කුසලාන ක්‍රිකට් තරග ඉතිහාසය 1984 තරම් ඈතට දිවගිය ද එහි විස්සයි විස්ස කුසලාන ඉතිහාසය ලියැවෙන්නේ මීට වසර 9කට පෙර සිටයි. පළමු වරට විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියක් පැවැත්වෙන්නේ 2016 වසරේ දී වන අතර ඊට පසු ව නැවත එවැන්නක් පැවැත්වෙන්නේ ඊට වසර 6කට පසුව එළැඹි 2022 වසරේදීයි.
ඊට පසුවයි මෙවර තරගාවලිය සංවිධානය වෙන්නේ. මෙවර තරගාවලිය සඳහා කාණ්ඩ 2ක් යටතේ කණ්ඩායම් 8ක් සහභාගී වීමට නියමිත අතර තරගාවලියේ පළමු වටයේ තරග අද (9) සිට එළැඹෙන 19 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
A කාණ්ඩය
ඉන්දියාව, ඕමානය, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය
B කාණ්ඩය
ඇෆ්ගනිස්තානය, බංග්ලාදේශය, හොංකොං සහ ශ්‍රී ලංකාව.
තරගාවලියේ අවසන් වන පළමු වටයේ තරගවල ප්‍රසාද ලකුණු මත කණ්ඩායම් ද්විත්වය බැගින් කණ්ඩායම් 4ක් සුපිරි 4 දෙනාගේ වටයට එක් කර ගන්නා අතර ඔවුන් නැවත එක් එක් කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි. එම වටයේ තරග සැප්තැම්බර් මස 20 වැනිදා සිට 26 වැනිදා දක්වා පැවැත්වෙන අතර එම වටය අවසානයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වයට පත් වෙන කණ්ඩායම් අවසන් මහා තරගය සඳහා එක් වීමට නියමිතයි.
තරගාවලියේ කාලසටහන
- සැප්තැම්බර් 09 වැනිදා
ඇෆ්ගනිස්තානය සහ හොංකොං අතර තරගය Abu Dhabi හි දී.
- සැප්තැම්බර් 10 වැනිදා
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඉන්දියාව අතර තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- සැප්තැම්බර් 11 වැනිදා
බංග්ලාදේශය සහ හොංකොං අතර තරගය Abu Dhabi හි දී.
- සැප්තැම්බර් 12 වැනිදා
ඕමානය සහ පාකිස්තානය අතර තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- සැප්තැම්බර් 13 වැනිදා
බංග්ලාදේශය සහ ශ්‍රී ලංකාව අතර තරගය Abu Dhabi හි දී.
- සැප්තැම්බර් 14 වැනිදා
ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- සැප්තැම්බර් 15 වැනිදා
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය අතර තරගය Abu Dhabi හි දී.
හොංකොං සහ ශ්‍රී ලංකාව අතර තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- සැප්තැම්බර් 16 වැනිදා
ඇෆ්ගනිස්තානය සහ බංග්ලාදේශය අතර තරගය Abu Dhabi හි දී.
- සැප්තැම්බර් 17 වැනිදා
එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ පාකිස්තානය අතර තරගය Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
- සැප්තැම්බර් 18 වැනිදා
ඇෆ්ගනිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තරගය Abu Dhabi හි දී.
- සැප්තැම්බර් 19 වැනිදා
ඉන්දියාව සහ ඕමානය අතර තරගය Abu Dhabi හි දී.
2016 මංගල විස්සයි විස්ස ආසියානු ක්‍රිකට් තරගාවලිය
ජයග්‍රාහී ඉන්දීය කණ්ඩායම (2016.03.06)
2016 වසරේ පෙබරවාරි මස 24 වැනිදා සිට මාර්තු මස 6 වැනිදා දක්වා පැවැති මෙම තරගාවලිය සඳහා සත්කාරකත්වය දක්වන්නේ බංග්ලාදේශයයි. ඔවුන් සමඟ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල කණ්ඩායම් මෙම තරගාවලිය සඳහා එක් වෙනවා.
Team | Captain | Mat | Win | Lost | Tie | NR | Pts | NRR | |
1 | ඉන්දියාව | MS Dhoni | 4 | 4 | 0 | 0 | 0 | 16 | 2.020 |
2 | බංග්ලාදේශය | Mashrafe Mortaza | 4 | 3 | 1 | 0 | 0 | 12 | 0.458 |
3 | පාකිස්තානය | Shahid Afridi | 4 | 2 | 2 | 0 | 0 | 8 | -0.296 |
4 | ශ්‍රී ලංකාව | ලසිත් මාලිංග | 4 | 1 | 3 | 0 | 0 | 4 | -0.293 |
5 | UAE | Amjad Javed | 4 | 0 | 4 | 0 | 0 | 0 | -1.813 |
මංගල ආසියානු විස්සයි විස්ස තරගාවලියේ ශූරයන් ලෙසින් ඉන්දියාව අභිශේක ලබන අතර සත්කාරක බංග්ලාදේශය අනුශූරයන් බවට පත් වෙනවා.
අවසන් මහා තරගයේ ප්‍රතිඵලය බවට පත් වෙන්නේ ඉන්දීය කණ්ඩායමට කඩුලු 8ක පහසු ජයග්‍රහණයක්. එම තරගයේ දී පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 60ක් ලබා ගත් Shikhar Dhawan අවසන් මහා තරගයේ වීරයා බවට පත් වෙනවා.
තරගාවලිය නිමා වන විට තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ බංග්ලාදේශයේ Sabbir Rahman. ඔහු තරග 5ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 176ක්. එම ලැයිස්තුවේ 2 වැනි ස්ථානය ඉන්දීයාවේ Virat Kohli හිමි කර ගන්නවා. ඒ තරග 4ක දී ලකුණු 153ක් ලබා ගනිමිනුයි.
මෙම ලැයිස්තුවේ පළමු 5 දෙනා අතර ට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තරගාවලියට එක් වූ දිනේෂ් චන්දිමාල් සහ තිලකරත්න ඩිල්ශාන් සමත් වෙනවා. මේ අතුරින් දිනේෂ් චන්දිමාල් තරග 4ක දී අර්ධ ශතක ද්විත්වයක් ද සමඟින් ලකුණු 149ක් ද සහ තිලකරත්න ඩිල්ශාන් තරග 4ක දී අර්ධ ශතකයක් ද සමඟින් ලකුණු 132ක් ද ලබා ගන්නවා.
වැඩිම කඩුලු දවා ගැනීමේ ලැයිස්තුවේ පළමු වැනියා බවට පත්වෙන්නේ බංග්ලාදේශයේ දකුණතින් මඳ වේග පන්දු යැවූ Al-Amin Hossain. ඔහු තරග 5ක දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 11ක්. ඊට අමතර එහි 2 වැනි ස්ථානය තරග 4ක දී කඩුලු 7ක් දවා ගත් පාකිස්තානයේ Mohammad Amir ද සහ 3 වැනි ස්ථානය කඩුලු 7ක් දවා ගත් ශ්‍රී ලංකාවේ නුවන් කුලසේකර ට ද හිමි වෙනවා.
තරගාවලියේ වීරයා ලෙසින් සම්මාන දිනා ගන්නේ බංග්ලාදේශයේ Sabbir Rahman.
- පළමු පෙළ ක්‍රීඩකයින් සහ සහය කාර්ය මණ්ඩල සාමාජිකයින්ට රක්ෂණ ආවරණයක්
- එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ තරග සංචාරයකට සූදානම් වෙයි
2022 දෙවැනි විස්සයි විස්ස ආසියානු කුසාලන ක්‍රිකට් තරගාවලිය
ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායම (2022.09.11)
2022 වසරේ අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් මස 11 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සත්කාරකත්වයෙන් පැවැති මෙම තරගාවලිය සඳහා රටවල් 6ක් එක් වෙනවා.
පෙර තරගාවලියට එක් වූ කණ්ඩායම්වලට අමතර ව මෙවර තරගාවලියේ දී හොංකොං කණ්ඩායම ද ඊට එකතු කර ගැණුනා.
ඒ අනුව තරගාවලිය පැවැතියේ කාණ්ඩ 2ක් යටතේයි. A කාණ්ඩයෙන් ඉන්දියාව, පාකිස්තානය සහ හොංකොං රාජ්‍යයන් එක් වූ අතර B කණ්ඩයෙන් ඇෆ්ගනිස්තානය, ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය එක් ව සිටියා.
Team | Captain | Mat | Win | Lost | Tie | NR | Pts | NRR | |
A කාණ්ඩය | |||||||||
1 | ඉන්දියාව | Rohit Sharma | 2 | 2 | 0 | 0 | 0 | 4 | 1.096 |
2 | පාකිස්තානය | Babar Azam | 2 | 1 | 1 | 0 | 0 | 2 | 3.811 |
3 | හොංකොං | Nizakat Khan | 2 | 0 | 2 | 0 | 0 | 0 | -4.875 |
B කාණ්ඩය | |||||||||
1 | ඇෆ්ගනිස්තානය | Mohammad Nabi | 2 | 2 | 0 | 0 | 0 | 4 | 2.467 |
2 | ශ්‍රී ලංකාව | දසුන් ශානක | 2 | 1 | 1 | 0 | 0 | 2 | -2.233 |
3 | බංග්ලාදේශය | Shakib Al Hasan | 2 | 0 | 2 | 0 | 0 | 0 | -0.576 |
පළමු වටයේ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වය දිනා ගත් කණ්ඩායම් එක් කර ගනිමින් තරගාවලියේ 2 වැනි වටය හෙවත් සුපිරි 4 දෙනාගේ වටය ඇරඹි අතර එම වටයේ දී එක් එක් කණ්ඩායම ප්‍රතිවාදී කණ්ඩායම් 3 සමඟ එක් තරගය බැගින් ක්‍රීඩා කළා.
ඒ අනුව සැකසුණ ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථාන ද්විත්වයට ප්‍රසාද ලකුණු 6ක් ලබා ගත් ශ්‍රී ලංකාව පළමු වැනියා ලෙසින් ද සහ ප්‍රසාද ලකුණු 4ක් ලබා ගත් පාකිස්තානය 2 වැනියා ලෙසින් ද පත් වුණා.
එම කණ්ඩායම් ද්විත්වය අතර පැවැති අවසන් මහා තරගයේ දී පාකිස්තාන කණ්ඩායමට එරෙහි ව ලකුණු 23ක ජයග්‍රහණයක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙනවා.
තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් වනිඳු හසරංග සම්මාන ලබා ගන්නා ලද අතර අවසන් මහා තරගයේ වීරයා ලෙසින් පන්දු 45ක දී හතරේ පහර 6ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා ගත් භානුක රාජපක්ෂ නම් කෙරෙනවා.
තරගාවලියේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙන්නේ පාකිස්තානයේ Mohammad Rizwan. ඔහු තරග 6ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 281ක්. ඊට අමතර ව එහි 2 වැනි ස්ථානය තරග 5ක දී ලකුණු 276ක් ලබා ගත් ඉන්දියාවේ Virat Kohli ට හිමි වෙනවා.
තරග 6ක දී ලකුණු 191ක් ලබා ගත් භානුක රාජපක්ෂ 3 වැනියා ලෙසත් සහ තරග 5ක දී ලකුණු 173ක් ලබා ගත් පැතුම් නිස්සංක මෙම ලැයිස්තුවේ සිවු වැනියා ලෙසත් ලැයිස්තු ගත වුණා.
කඩුලුලාභීන් අතර පෙරමුණ ගන්නේ ඉන්දියාවේ Bhuvneshwar Kumar. ඔහු තරග 5ක දී කඩුලු 11ක් දවා ගන්නවා. එහි 2 වැනි ස්ථානය ශ්‍රී ලංකාවේ වනිඳු හසරංග ට හිමි වෙන්නේ තරග 6ක දී කඩුලු 9ක් දවා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙනුයි. ඉන් අනතුරු ව කඩුලු 8 බැගින් දවා ගත් පාකිස්තානයේ Mohammad Nawaz, Shadab Khan සහ Haris Rauf ලැයිස්තු ගත වෙනවා.
විස්සයි විස්ස ආසියානු කුසලානයේ සුවිශේෂී කඩඉම්
212/2 (20.0): ඉන්දීය කණ්ඩායම විසින් Dubai ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ඇෆ්ගනිස්ථානයට එරෙහි ව කණ්ඩායමක් ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව වාර්තා කරනවා. (2022 – DICS)
38/10 (10.4): විස්සයි විස්ස ආසියානු කුසලාන ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩු ම ලකුණු ප්‍රමාණය වෙන්නේ පාකිස්තානය හමුවේ හොංකොං කණ්ඩායම ලබා ගත් මෙම ලකුණු ප්‍රමාණයයි. (2022 – DICS)
367 : කණ්ඩායම් 2ක් අතර එක් වූ වැඩිම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ මෙම ලකුණු සංඛ්‍යාවයි. එහි දී බංග්ලාදේශය කඩුලු 7ක් දැවී ලකුණු 183ක් ද සහ ශ්‍රී ලංකාව කඩුලු 8ක් දැවී ලකුණු 184ක් ද ලබා ගන්නවා. (2022 – DICS)
163 : කණ්ඩායම් ද්විත්වයක් එක් ව ලබා ගත් අඩු ම ලකුණු සංඛ්‍යාව බවට පත් වෙන්නේ මෙම ලකුණු සංඛ්‍යාවයි. එහි දී එක්සත් අරාබි එමීර් රාජ්‍යය කඩුලු 9ක් දැවී ලකුණු 81ක් ලබා ගන්නා ලද අතර ඉන්දියාව කඩුල්ලක් දැවී ලකුණු 82ක් දවා ගන්නවා. (2016 – Mirpur)
155 : වැඩිම ලකුණු පරතරයකින් ලත් ජයග්‍රහණයේ වාර්තාව සතු වෙන්නේ හොංකොං කණ්ඩායමට එරෙහි ව පාකිස්තානය ලත් ජයග්‍රහණයයි. (2022 – Sharjah)
18 : තරගයක වැඩිම අතිරේක ලකුණු ප්‍රමාණයක් හිමි වූ කණ්ඩායම වෙන්නේ පාකිස්තානයයි. නිපන්දුවක් සහ සීමාව ඉක්මවා ගිය පන්දු 17ක් සහිත වූ එම ඉනිම ක්‍රියාත්මක වෙන්නේ හොංකොං කණ්ඩායමෙනුයි. (2022 – Sharjah)
429 : විස්සයි විස්ස ආසියානු කුසලාන තරග ඉතිහාසයේ වැඩිම ලකුණුලාභී පිතිකරු බවට පත් වෙන්නේ ඉන්දියාවේ Virat Kohli. ඔහු තරග 10කට එක් වෙමින් ශතකයක් සහ අර්ධ ශතක 3ක් සමඟින් මෙම ලකුණු සංඛ්‍යාව රැස් කරනවා.
122 : ඉන්දීය කණ්ඩායමේ Virat Kohli විසින් ඇෆ්ගනිස්තානයට එරෙහි ව ලබා ගන්නා ලද මෙම ලකුණු ප්‍රමාණය විස්සයි විස්ස ආසියානු කුසලාන ඉතිහාසයේ පිතිකරුවෙක් එක් ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාවයයි. ඔහු මේ වෙනුවෙන් පන්දු 61කට මුහුණ දුන් අතර ඒ අතරට හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් එක් කරනවා. (2022 – DICS)
Virat Kohli ශතකය වාර්තා කිරීමෙන් අනතුරුව. (2022.09.08)
13x6s : විස්සයි විස්ස ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම හයේ පහර එල්ල කර ඇති ක්‍රීඩකයා වෙන්නේ ඇෆ්ගනිස්තානයේ Najibullah Zadran. ඔහු මේ දක්ෂතාව සිදු කරන්නේ ඉනිම 8කදීයි.
84 : ඉනිමක දී හතරේ සහ හයේ පහරවල එකතුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත් පිතිකරු බවට පත් වෙන්නේ ඉන්දීය කණ්ඩායමේ Virat Kohli. ඔහු මේ දක්ෂතාව සිදු කරන්නේ ඇෆ්ගනිස්තානයට එරෙහි ව හතරේ පහර 12ක් සහ හයේ පහර 6ක් එක් කරමිනුයි. (2022 – DICS)
281 : තරගාවලියක වැඩිම ලකුණුලාභියා වෙන්නේ පාකිස්තානයේ Mohammad Rizwan. ඔහු 2022 තරගාවලිය අවසන් වන විට තරග 6ක දී මෙම දක්ෂතාව සිදු කරන්නේ අර්ධ ශතක 3ක් ද ඊට එක් කර ගනිමිනුයි.
13 : විස්සයි විස්ස ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා වෙන්නේ ඉන්දියාවේ Bhuvneshwar Kumar. ඔහු මේ දක්වා තරග 6ක දී පෑ දක්ෂතා මතයි මෙම ලැයිස්තුවේ පළමු වැනියා වී සිටින්නේ.
5/04 (4.0) : ඉන්දීය කණ්ඩායමේ Bhuvneshwar Kumar ඇෆ්ගනිස්තානයට එරෙහි ව පෑ මෙම දක්ෂතාව විස්සයි විස්ස ආසියානු කුසලාන ඉතිහාසයේ පන්දු යවන්නෙක් ඉනිමක පෑ ඉහළ ම දක්ෂතාවයි. (2022 – DICS)
Bhuvneshwar Kumar කඩුලු 5ට සුබ පැතුම් (2022.09.08)
7 : වැඩිම දවා ගැනීම් සංඛ්‍යාවකට දායක වූ කඩුලු රකින්නා බවට පත් වෙන්නේ ඉන්දියාවේ MS Dhoni. ඔහු තරග 5ක දී උඩ පන්දු 6ක් සහ කඩුලු බිඳ දැමීමක් සමඟින් මෙම දක්ෂතාව දක්වනවා.
119 : විස්සයි විස්ස ආසියානු කුසලාන ඉතිහාසයේ ඕනෑ ම කඩුල්ලක් සඳහා වන ඉහළ ම ලකුණු සබඳතාව වෙන්නේ KL Rahul සහ Virat Kohli විසින් ඇෆ්ගනිස්තානයට එරෙහි ව පළමු කඩුල්ලට එක් වෙමින් පෑ මෙම දක්ෂතාවයි. (2022 – DICS)
10 : විස්සයි විස්ස ආසියානු කුසලාන ඉතිහාසයේ වැඩිම තරග ප්‍රමාණයකට සහභාගී වී ඇත්තේ ඉන්දියාවේ Virat Kohli සහ ශ්‍රී ලංකාවේ දසුන් ශානක.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<