විස්සයි විස්ස ආසියානු කුසලාන තරගාවලියේ 14 වැනි තරගය ලෙසින් පැවැතියේ සුපිරි 4 දෙනාගේ වටයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයයි. මෙම තරගයට සහභාගී වීමට පෙර දෙරට ක්‍රීඩකයෝ මතබේදාත්මක ව බෙදී සිටියා.
ඒ දෙරට අතර පළමු වටයේ පැවැති තරගය අවසානයේ දී ඉන්දීය ක්‍රීඩකයෝ ප්‍රතිවාදී පාකිස්තාන ක්‍රීඩකයන් වෙත සුහදාත්මක සමුගැනීමක් නොදැක්වීම හේතුවෙනුයි. මෙම තරගයේ දී ද එවැනි තත්ත්වයන් සිදු වූ අතර එසේ වූවත් ජාත්‍යන්තර විස්සයි විස්ස තරග පිටියේ සුවිශේෂී කඩඉම් කිහිපයක් ම මෙම තරගයේ දී වාර්තා වීමත් විශේෂත්වයක්.
නිමා වූ මෙම තරගයේ දී එවන් වාර්තා බිහි වූවත් තරගයේ පසුබිම සේ ම අවසාන වාර්තාව ද ක්‍රිකට් ක්‍රීඩාවට එතරම් ම සුවදායි නැහැ.
ඇති වූ මතබේදාත්මක තත්ත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රීඩකයන් පැවැසුවේ පසුගිය අප්‍රේල් මාසයේ දී සිදු වූ කාශ්මීර ප්‍රහාරයේ වින්දිතයන් වෙනුවෙන් තමන් එම ක්රියාවේ යෙදුණ බවයි. ඒ අනුව ගම්‍ය වන්නේ ඔවුන් මෙවර තරගාවලිය සඳහා පැමිණෙන්නේ ම පාකිස්තානය රිදවීමට සූදානමින් බවයි.
එහෙත් පාකිස්තානය එවැන්නක් බලාපොරොත්තු වූ බවක් සිදු වූ සිදුවීම්වල දී පෙන්නුම් කළේ නැහැ. පාකිස්තාන පුහුණුකරු නවසීලන්ත ජාතික Mike Hesson මෙම සිදුවීම බලාපොරොත්තු නොවූවක් බැව් පවසා තිබුණා.
“අපි අතට අත දෙන්න සූදානමින් සිටියා. අපේ ප්‍රතිවාදීන් එහෙම කළේ නැති එක ගැන කණගාටුයි.” ඔහු පැවැසුවා.
මෙම සිදුවීම මාධ්‍ය මත දිගෑරෙද්දී ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ බලා සිටියේ දෙරට ක්‍රීඩකයෝ සුපිරි 4 වටයේ දී හමුවෙන්නේ කෙලෙසක දැයි යන්න වික්ෂිප්තවයි. එහෙත් ඊට පෙර පාකිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර පැවැති තරගයේ දී පාකිස්තානයේ ක්‍රියා කලාපය ඉන්දීය – පාකිස්තාන තරගය තවත් කලබගෑනියක පෙර නිමිත්තක් බැව් පෙන්නුම් කළා.
ප්රශ්නකාරී වාතාවරණයක් මතු වූ තරගයේ තරග තීරකයා වූ සිම්බාබ්වේ ජාතික Andy Pycroft ඉන්දීය ක්‍රීඩකයන්ගේ ක්‍රියාවට අනුබල දුන්නේ යැයි පවසා ඊට විරෝධය පෑමක් ලෙසින් පාකිස්තාන ක්‍රීඩකයෝ එකී තරගයට පිවිසෙන්නේ ප්රමාදවයි. ඒ හේතුවෙන් එම තරගය ආරම්භ වෙන්නේ පැයක ප්‍රමාදයකින්.
අනතුරු ව සුපිරි 4 වටය වෙනුවෙන් පැවැති ඉන්දු – පාකිස්තාන තරගය ආරම්භයේ දී ම නැවත අතට අත නොදීමේ මතබේදය මතු වෙනවා. එම තරගයේ දී කාසියේ වාසිය උරගා බැලීමේ දී නායකයන් දෙදෙනා අතට අත දීමෙන් වැලකී සිටියා පමණක් නොවේ ලද අවස්ථාවන්වල දී දෙපිලේ ක්‍රීඩකයන් එකිනෙකාට සමච්චලයට ලක් කිරීමේ ක්‍රියාවන් හී ද නිරත වුණා.
එහි ආරම්භකයා වෙන්නේ පාකිස්තානයේ ආරම්භක පිතිකරු Sahibzada Farhan. 29 හැවිරිදි ඔහු තම අර්ධ ශතකය වාර්තා කිරීමේ සතුට සැමරුවේ තම පිත්ත තුවක්කුවක් මෙන් අහසට වෙඩි තියන අයුරු විදහා දක්වමිනුයි.
අනතුරු ව ඉන්දීය ඉනිමේ දී ආරම්භක පිතිකරුවන් වූ Abhishek Sharma සහ Shubman Gill සමඟ දකුණතින් වේග පන්දු යවන Haris Rauf උණුසුම් වචන හුවමාරුවක නිරත වූවා. මේ සියලු දේවල් සිදු වෙන්නේ ඉන්දීය ක්‍රීඩකයන් විසින් පෙර තරගයේ දී ආරම්භ කළ කෝන්තරයට එකට එක කිරීමක් ලෙසයි.
මේ දේවල් ක්‍රිකට් ක්‍රීඩකයන්ට තරම් නොවේ යැයි ක්‍රිකට් ලෝලීන් සැමගේ මතයයි.
ඉන්දියාව සහ පාකිස්තානය මෙම ප්රශ්නයේ දී කුමන දේශපාලන මතයක් දැරූව ද එය දෙරට අතර තරගයක දී අදාළ කර ගත යුතු නැතැයි යන්න අපගේ විශ්වාසයයි. විශේෂයෙන් ම එකී දේශපාලන බෙදීම හෝ අරගල, ක්‍රීඩාංගණයට දැක්කීම දෙරටේ මහත්වරුන්ගෙන් කිසිදු ලෙසකිනුත් සිදු නොවිය යුත්තක්.
අප එසේ පවසන්නේ ඔවුන්ගේ මතබේදාත්මක තත්ත්වයන් අභිබවා මේ වන විට කතා බහ කෙරෙන්නේ, ඔවුන් විසින් අලුත් කරනු ලැබූ වාර්තාවන් ගැන පමණක් වන නිසායි.
- බංග්ලාදේශය සුපිරි හතරේ පළමු ජය ලබයි
- ශ්‍රී ලංකාව බංග්ලාදේශයත් රැගෙන සුපිරි හතරට පිවිසෙයි
- ඕස්ට්‍රේලියාව සමඟ තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා 19න් පහළ සංචිතය නම් කරයි
නිමා වූ තරගයේ දී විස්සයි විස්ස පිටියට එක් වූ සුවිශේෂී කඩඉම් කිහිපයක්
8-0 : ඉන්දියාව විසින් මෙම තරගයේ දී පාකිස්තානය පරාජය කරන්නේ හඹා ගිය ඉනිම්වල 8 වැනි තරගයයි. එය විස්සයි විස්ස ජාත්‍යන්තර තරගවල කණ්ඩායමක් එක් කණ්ඩායමකට එරෙහි ව පෑ ඉහළ ම දක්ෂතා අතර සම තැන් ගත් දක්ෂතාවක් බවට පත් වුණා.
මීට පෙර මැලේසියාව විසින් තායිලන්තයට එරෙහි ව එවැනි හඹාගිය ඉනිම් 8ක දී ජයග්‍රහණ වාර්තා කර තිබෙනවා.
පාකිස්තානයට එරෙහි ව ඉන්දීය ක්‍රීඩකයෝ හඹාගොස් ජයග්‍රහණය කළ තරග 8
Target | Score | Overs | Ground | Year | Tournament | |
1 | 129 | 129/2 | 17.0 | ආර්.ප්‍රේමදාස | 2012 | ලෝක කුසලානය |
2 | 131 | 131/3 | 18.3 | Mirpur | 2014 | ලෝක කුසලානය |
3 | 84 | 85/5 | 15.3 | Mirpur | 2016 | ආසියානු කුසලානය |
4 | 119 | 119/4 | 15.5 | Eden Gardens | 2016 | ලෝක කුසලානය |
5 | 148 | 148/5 | 19.4 | Dubai | 2022 | ආසියානු කුසලානය |
6 | 160 | 160/6 | 20.0 | Melbourne | 2022 | ලෝක කුසලානය |
7 | 128 | 131/3 | 15.5 | Dubai | 2025 | ආසියානු කුසලානය |
8 | 172 | 174/4 | 18.5 | Dubai | 2025 | ආසියානු කුසලානය |
174/4 (18.5) : ඉන්දියාව විසින් මෙම තරගයේ දී ලකුණු 172ක ඉලක්කයක් කරා යන අතර එහි දී වාර්තා කරන ලද ලකුණු ප්‍රමාණය පාකිස්තානයට එරෙහි ව හඹා ගිය ඉනිමක දී ලබා ගත් වැඩිම ලකුණු සංඛ්‍යාව ලෙසින් ඉතිහාසයට එක් වුණා.
24 : මෙම තරගයේ දී ඉන්දියාවේ 25 හැවිරිදි වමත් පිතිකරු Abhishek Sharma තම අර්ධ ශතක පන්දු 24කින් වාර්තා කරන ලද අතර එය ඉන්දීය ක්‍රීඩකයෙක් පාකිස්තානයට එරෙහි ව වාර්තා කරන ලද වේගවත් ම අර්ධ ශතකය බවට පත් වුණා. ඊට පෙර මෙම වාර්තාවේ හිමිකාරීත්වය 2012 වසරේ දී Ahmedabad හි දී පැවැති තරගයේ දී පන්දු 29ක දී අර්ධ ශතකයක් වාර්තා කළ Yuvraj Singh සතු වූවා.
105 : ඉන්දීය කණ්ඩායමේ Abhishek Sharma සහ Shubman Gill මෙම තරගයේ දී පළමු කඩුල්ල සඳහා එක් කළ ලකුණු සබඳතාව ඉන්දීය කණ්ඩායමක් පාකිස්තානයට එරෙහි ව වාර්තා කරන ලද ඉහළ ම සබඳතාව ලෙසින් සටහන් වූවා.
මීට පෙර මෙම වාර්තාව සතු වූයේ 2012 වසරේ දී Bengaluru හි දී Gautam Gambhir සහ Ajinkya Rahane එක් ව ලබා ගන්නා ලද ලකුණු 77යි.
74 : මෙම තරගයේ දී ඉන්දීය ආරම්භක පිතිකරු Abhishek Sharma විසින් වාර්තා කරන ලද ලකුණු 74 ඉන්දු – පාකිස්තාන විස්සයි විස්ස තරග ඉතිහාසයේ ආරම්භක පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණු අතර 2 වැනි ස්ථානයට පත් දක්ෂතාව බවට පත් වූවා.
එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ 2007 වසරේ දී Johannesburg හි දී පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් Gautam Gambhir විසින් රැස් කරන ලද ලකුණු 75යි.
69/0 (6.0) : මෙම තරගයේ දී ඉන්දීය කණ්ඩායම පළමු power Play අවස්ථාවේ දී ලබාගත් ලකුණු සංඛ්‍යාව පාකිස්තානයට එරෙහි ව එවන් අවස්ථාවක දී ඔවුන් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
ඊට පෙර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි ව තිබුණේ 2022 වසරේ Dubai හි දී ඉන්දියාව කඩුල්ලක් දැවී ලබා සිටි ලකුණු 62යි.
55/1 (6.0) : මෙම තරගයේ දී පාකිස්තානය පළමු power Play අවස්ථාවේ දී ලබාගත් ලකුණු සංඛ්‍යාව ඉන්දියාවට එරෙහි ව එවන් අවස්ථාවක දී ඔවුන් ලබා ගත් ඉහළ ම ලකුණු සංඛ්‍යාවයි.
ඊට පෙර මෙම ලැයිස්තුවේ පළමු ස්ථානය හිමි ව තිබුණේ 2012 වසරේ දී Ahmedabad හි දී පාකිස්තානය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු 54යි.
- පැතුම් නැවතත් විශිෂ්ටයන් අතරට
- අදින් ඇරඹෙන T20 ආසියානු කුසලාන තරග ඉතිහාසය
- යාපනය ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයට මුල්ගල තබයි!
මේ අර්බූදයන් හේතුවෙන් ම ඉන්දියාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වීය තරගාවලියක් 2012 වසරෙන් පසුව පවත්වා නැහැ. අවසන් වරට ඔවුනොවුන් හමු වෙන්නේ පාකිස්තාන කණ්ඩායමේ ඉන්දීය සංචාරයයි. තරග ද්විත්වයකින් සමන්විත වූ එම තරගාවලියේ තරග 1-1ක් ලෙස සම තත්ත්වයෙන් විසඳෙනවා.
එතැන් සිට දෙරට ක්‍රීඩකයෝ ගෝලීය තරගාවලියන්වල දී හැර ද්විපාර්ශ්වීය තරග සඳහා එක් වූයේ නැහැ.
ආසියානු කුසලාන විස්සයි විස්ස තරගාවලියට පිඹුරුපත් සැකසීමේ සිට ම ඉන්දියාව සහ පාකිස්තානය යම් යම් ගැටීම්වලට මුල් වී සිටි අයුරු කාටත් මතකයි. එහි පළමු මතබේදාත්මක තත්ත්වය මතු වෙන්නේ ඉන්දියාව සතු වූ සත්කාරකත්වය සම්බන්ධයෙනුයි.
ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනමය අර්බුදය හේතුවෙන් මීට පෙර ද තරගාවලි කිහිපයක ම සත්කාරකත්වයේ වෙනස් වීම් සිදු ව තිබූ අතර මෙවර ද ඒ හේතුවෙන් ම එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී තරගාවලිය පැවැත්වීමට තීරණය කෙරුණි.
එවන් වාතාවරණයක් මැදයි දෙරට ක්‍රීඩකයෝ මෙම අඩව්ව අල්ලන්නේ.
තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<