නුගේගොඩ අනුලා විද්‍යාලය හා ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලය අතර දෙවන වරටත් පැවති “රැජිනිවරුන්ගේ මහා සටන” පාසල් මහා ක්‍රිකට් තරගය ලකුණු 29කින් ජය ගැනීමට රත්නාවලී බාලිකා විද්‍යාල ක්‍රීඩිකාවන් අද (11) සමත් විය. මෙම ශූරතාවය රත්නාවලී බාලිකා විද්‍යාලය විසින් දිනාගත් පළමු අවස්ථාව මෙයයි. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ දී පැවැත්විය.
බාලිකාවන් සමඟින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවත් වැඩකට අතගසයි
2018 වසරේ පැවැත්වෙන බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග 30ක් සඳහා නොකඩවා දෙවන වරටත් …..
ආර්. ප්‍රේමදාස තණතීරුව මත පළමුව කාසියේ වාසිය දිනා ගත් අනුලා විද්‍යාලයේ නායිකාව වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනා ගත් හර්ෂිතා මාධවී සමරවික්‍රම පළමුව පන්දුවට පහර දීමට සිය ප්‍රතිවාදී රත්නාවලී බාලිකා විද්‍යාලයේ සොයුරියන්ට ඇරයුම් කළාය.
ඒ අවසරයෙන් පිටියට පිවිසි රත්නාවලී බාලිකා විද්‍යාලයේ ආරම්භක පිතිකාරිණියන් දෙදෙනා වන වමතින් පිත්ත හසුරුවන නායිකා පබසරා රණබාහු හා නෙත්මි ගුණරත්නගේ ආරම්භක කඩුල්ලේ සබඳතාවයට එක් ලකුණක් හෝ එකතු කිරීමට අවස්ථාව නොලැබුණේ නෙත්මි දුවද්දී දැවී යාමකට හසු වීම නිසාවෙනි.
වමතින් පිත්ත හසුරුවන නායිකා පබසරා හා විශ්මි ගුණරත්න පිළිවෙළින් 4 පහර 4ක් සමඟ ලකුණු 22ක් හා 4 පහර 3ක් සමඟ ලකුණු 17ක් ලබාගෙන රත්නාවලී බාලිකා විද්‍යාලයේ ලකුණු සටහනට සිය දායකත්වය ලබා දෙන ලදි. රත්නාවලී බාලිකා විද්‍යාල ඉනිමේ ගොඩනැංවුණු හොඳම සබඳතාවය 7 වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවුයේ අමාදි කාවින්ද්‍යා හා විශ්මි ගුණරත්නයි.
ඔවුන් දෙදෙනා එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 38ක් ලකුණු සටහනට එක් කිරීමට සමත් විය. රත්නාවලී බාලිකා විද්‍යාලයේ මැදපෙළ සවිමත් කළ කාවින්ද්‍යා ලකුණු 25ක් ලබා ගත්තේ 4 පහර 5ක් එල්ල කරමිනි. අවසානයේ රත්නාවලී බාලිකා ඉනිම පන්දුවාර 44යි පන්දු 5ක් තුළ ලකුණු 135කට නිමා කිරීමට අනුලා විද්‍යාලයේ ඇතුළු ක්‍රීඩිකාවන් සමත් විය.
පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන ක්‍රීඩිකා ජනාදි අනාලි පන්දුවාර 8යි පන්දු 5ක් තුළ කඩුලු 4ක් දවා ගත්තේ ලකුණු 16ක් පමණක් ලබා දෙමිනි. මීට අමතරව අශ්මිනි කලින්දි කඩුලු 2යි.
ලකුණු 136ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි අනුලා විද්‍යාලයේ පළමු කඩුල්ල ලෙස දකුණතින් පිත්ත හසුරුවන සිත්මි හිරාෂා, නෙත්මි ගුණරත්නගේ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියාය.
ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කිරීමට වරම් දිනාගත් හර්ෂිතා මාධවී 4 පහර 4ක් සමඟින් වේගවත් ලකුණු 22ක් ලබා ගත්තේ පන්දු 23ක් පමණක් වැය කරමිනි. ඇයගේ ඉවසීම තව පන්දුවාර කිහිපයක් දුරකට පවත්වා ගැනීමට ඇයට හැකි වුනේ නම් තවත් ලකුණු කිහිපයක් පහසුවෙන්ම රැස්කර ගැනීමට හර්ෂිතාට අවස්ථාව තිබුණි. එම කඩුල්ල දැවී යාමත් සමඟ තවත් කඩුලු 2ක් ඉක්මනින්ම දවා ගැනීමට රත්නාවලී බාලිකාවියන් සමත් විය.
ජෝසප්වරුන් කුසලානය මරදානට රැගෙන යයි
පුරා මාස පහකට ආසන්න කාලයක් පුරාවට පැවති සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලියේ පළමු …….
5 වැනි කඩුල්ල වෙනුවෙන් දුලන්ගා දිසානායක හා හිමාෂා සෙව්වන්දි අතරේ ගොඩනැංවුණු ලකුණු 16 සබඳතාවය ඔවුන් වැටී සිටි අවදානමෙන් බේරා ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. අවසන් පන්දුවාර කිහිපය තුළ අනුලා විද්‍යාලයේ පිතිකාරිණියන් නිසියාකාරව සිය ලකුණු ලබා ගැනීමේ රිද්මය පවත්වා ගැනීමට අපොහොසත් වූ නිසා එල්ල වූ පීඩනය හමුවේ අනුලා විද්‍යාලයේ අවසන් කඩුලු 3 ලකුණු 5ක් වැනි අවම ලකුණක දී දවා ගැනීමට රත්නාවලී බාලිකාවියන් සමත් විය.
එම පන්දුවාර කිහිපය තුළ රත්නාවලී බාලිකා විද්‍යාලයේ නායිකා පබසරා සිය පන්දු රකින්නියන් සකස් කළ අයුරු ද ඉතාමත්ම විශිෂ්ටය.
පන්දු යැවීමේ දී දකුණතින් පිත්ත හසුරුවන නෙත්මි ආරියරත්න පිත්තෙන් ලබාගත් ලකුණු 12ට අමතරව ලකුණු 33කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වූවාය.
දෙවන වරට පැවැත්වූ රැජිනිවරුන්ගේ මහා සටනේ ගියවර ශූරතාවය දිනා ගත්තේ නුගේගොඩ අනුලා විද්‍යාලයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතාගේ උපදෙස් මත බාලිකා පාසල් මහා ක්‍රිකට් තරග වැඩි ප්‍රමාණයකට අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත්තේ, එමගින් ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි බාලිකාවන්ගේ ඇති උනන්දුව වැඩි කිරීමටයි. එසේම දක්ෂ ක්‍රීඩිකාවන් හට ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ දොරගුළු විවර කර දීමට ද එම පාසල් මහා ක්‍රිකට් තරග විශාල අස්වැසිල්ලක් වනු ඇත.
පෙරළිකාර ජෝසප්වරුන්ගේ නායකයා “ජෙහාන් ඩැනියෙල්”
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු කොටසේ ……
රත්නාවලී බාලිකා විද්‍යාලය – 135/10 (44.5): අමාදි කාවින්ද්‍යා 25, පබසරා රණබාහු 22, ජනාදි අනාලි 4/16, අශ්මිනි කලින්දි 2/25.
අනුලා විද්‍යාලය – 106/10 (43.3): හර්ශිතා මාධවී 22, නෙත්මි ආරියරත්න 4/33.
තරගයේ වීරයා – නෙත්මි ආරියරත්න (රත්නාවලී බාලිකා විද්‍යාලය)
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















