තම නිජබිමේ දී දක්ෂතා මුදා හැරීමේ අවස්ථාව අහිමි වූ අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලය සහ ධර්මාශෝක විද්‍යාලය අතර පැවැත්වෙන “සුනිල සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය” අප්‍රේල් මස 01 සහ 02 දෙදින මොරටුව ද සොයිසා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ. මෙරට මිශ්‍ර පාසල් දෙකක් අතර වාර්ෂිකව පැවැත්වෙන මහා ක්‍රිකට් තරග අතරින් පැරණිතම තරගය වන මෙය මෙවර දිග හැරෙන්නේ 51 වැනි වරට ය.
රුහුණු – මායා රන් සිංහයෝ මාතර දී සටනට පිවිසෙති
මාතර රාහුල විද්‍යාලය සහ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය අතර 7 වැනි වරටත් පැවැත්වෙන රන් …
මෙවර තරගයේ දී සත්කාරක ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම 5 වැනි වසරේ වර්ණලාභී සචිඳු උද්දීපන වෙත පැවරී ඇති අතර සංචාරක ධර්මාශෝක විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවීමේ වගකීම හිමි ව ඇත්තේ සිව්වැනි වසරේ වර්ණලාභී නිමේෂ් මෙන්ඩිස් වෙත ය.
සුනිල සංග්‍රාම තරග ඉතිහාසය
තරග ඉතිහාසය ආරම්භ වන්නේ 1963 වසරේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් එම්. එස්. ජේ. වීරබන්සා ද, ධර්මාශෝක විද්‍යාලය වෙනුවෙන් සුනිල් සන්තියාගෝගේ ද නායකත්වයෙන් යුක්තව ය. එම තරගයේ ජයග්‍රහණය හිමි වෙන්නේ ධර්මාශෝක විද්‍යාලයට ය.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලැබූ මංගල තරග ජයග්‍රහණය ලෙසින් වාර්තා වෙන්නේ 1966 ලැබූ ජයග්‍රහණයයි. එය එතෙක් මෙතෙක් ශ්‍රී දේවානන්ද විද්‍යාලය ලැබූ එකම ජයග්‍රහණය ද වන්නේ ය. එහි ගෞරවය හිමිකර ගෙන සිටින්නේ එන්. යූ. අමරදාසගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමයි.
නිමා වූ සුනිල සංග්‍රාම අර්ධ ශතක වසරක ඉතිහාසයේ දී ධර්මාශෝක විද්‍යාලය තරග 10ක ජයග්‍රහණයන් ද, ශ්‍රී දේවානන්ද විද්‍යාලය තරගයක ජයග්‍රහණයක් ද ලබා ගනිමින් තරග නිමා කර ඇත. තරග ඉතිහාසයේ අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වෙන්නේ 2013 වසරේ දී ඇති වූ මතබේදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය වෙතින් ධර්මාශෝක විද්‍යාලය වෙත ප්‍රදානය කෙරුණු ජයග්‍රහණයයි. එහි වාසනාවන්ත ජයග්‍රාහී නායකයා වූයේ යොහාන් ද සිල්වා ය.
1968 වසරේ සිට 1970 දක්වා වසර ත්‍රිත්වය සුනිල සංග්‍රාම තරග පවත්වා නොමැති අතර 2002 සහ 2014 වසරවල දී ද තරග සංවිධානය වී නොමැත. 1967 වසරේ දී පැවති තරගය අතහැර දැමුණු තරගයක් සේ ඉතිහාස ගත වී ඇත.
ටිම් පේන්, ඕස්ට්‍රේලියානු වේදනාව නිවාවිද?
2 018 මාර්තු 29 වැනි දිනය ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ඉතිහාසය කඳුලින් තෙත් කළ දිනයකි…
අම්බලන්ගොඩ ක්‍රීඩාංගණය නවීකරණය කිරීමට දැනට වසර තුනකට ආසන්න කාලයක් වසා දැමීම නිසා සුනිල සංග්‍රාම භූමිය ලෙසින් මොරටුව තෝරා ගැනෙන්නේ පසුගිය වසරේ සිටි ය.
සුනිල සංග්‍රාම වාර්තා පිරික්සීමේ දී පිතිකරුවෙක් ලබා ගත් වැඩිම ලකුණුලාභියා ලෙසින් ගෞරවය දිනා සිටින්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන උපුල් තරංග ය. ඒ 2004 වසරේ දී ඔහු ලබා ගත් ලකුණු 169 යි. ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් එකී වාර්තාවේ හිමිකරු වන්නේ 2016 වසරේ දී අමිඳු මෙන්ඩිස් වාර්තා කළ ලකුණු 116 යි.
පන්දු යැවීමේ දී ඉනිමක හොඳම පන්දු යැවීම ධර්මාශෝක විද්‍යාලයේ එස්. ඔස්මන් 1974 වසරේ දී ලකුණු 29කට ලබා ගත් කඩුලු 10යි. ශ්‍රී දේවානන්ද විද්‍යාලය වෙනුවෙන් රංජිත් ප්‍රියන්ත ලකුණු 37කට ලබා ගත් කඩුලු 7 වාර්තා වේ. තරගයක හොඳම පන්දු යැවීමේ දී ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ පී. මිල්ටන් 1985 දී ලකුණු 82කට ලබා ගත් කඩුලු 12 ඉදිරියෙන් තිබේ. ධර්මාශෝකය වෙනුවෙන් එය සටහන් වන්නේ ගයාන් සිරිසෝම 2001 දී ලකුණු 108කට ලබා ගත් කඩුලු 11 යි.
ශ්‍රී දේවානන්ද විද්‍යාලය

තරගාවලියේ ඔවුන්ගේ අපරාජිත බව ගිලිහෙන්නේ කටුනේරිය සාන්ත සෙබස්තියන් විද්‍යාලය වෙතින් ලත් පරාජය හේතුවෙනි. සෙසු තරග සියල්ල ජය පරාජයෙන් තොරව නිමා වූ තරග සේ සටහන් ව ඇත.

පිතිකරුවන් වර්ගීකරණය කිරීමේ දී සමිත් මධුශාන්ට ද හිමිව ඇත්තේ ප්‍රමුඛ ස්ථානයකි. දකුණතින් පන්දුවට පහර දෙන සමිත තරග 12කට සහභාගී වී අර්ධ ශතක 5ක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 566කි.
කණ්ඩායමේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයන් අතුරින් ප්‍රමුඛත්වය ලබා ගැනීමට කවිඳු රාජපක්ෂ සහ නිමේෂ් සත්සර අතර ඇත්තේ ප්‍රබල තරගයකි. දකුණතින් පන්දුවට පහර දෙන කවිඳු රාජපක්ෂ තරග 12කට සහභාගී වී අර්ධ ශතක දෙකක් සමඟින් ලබා ඇති ලකුණු සංඛ්‍යාව 341කි. කණ්ඩායමේ දකුණත් වේගපන්දු යවන්නා ද වන ඔහු මේ වෙද්දී කඩුලු 53ක් ලබා සිටී. දකුණතින් පන්දුවට පහර දෙන නිමේෂ් තරග 14කට සහභාගී වී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 396කි. ඒ අර්ධ ශතක දෙකක් සමඟිනි. එමෙන්ම ඔහු දකුණතින් පිට දඟපන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 54කි.
අනෙකුත් ක්‍රීඩකයන් අතරින් කණ්ඩායමේ සිටින අනෙක් ශතකලාභියා වනුයේ දසුන් දනංජය ය. ඔහු රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 399කි. දකුණතින් පා දඟපන්දු යවන ඔහුගේ ගිණුමේ කඩුලු 15ක් ඇත.
කණ්ඩායමේ විශ්වාසවන්ත වමත් පිතිකරු වී සිටින්නේ විකුම් උදාර ය. ලකුණු 353ක් රැස් කර ඇති ඔහු වමතින් දඟපන්දු යවමින් ලබා ඇති කඩුලු සංඛ්‍යාව 22කි. සසිඳු මධුශංක ලකුණු 211ක් සහ කඩුලු 11ක් ලබා ගනිමින් ද දක්ෂතා දක්වා ඇත. ඊට අමතරව දකුණතින් මඳ වේගපන්දු යවන සඳුන් දනංජය කඩුලු 24ක් ලබා ගනිමින් ද, බිවිඳු ජීවන්ක කඩුලු 17ක් ලබා ගනිමින් ද කණ්ඩායම වෙනුවෙන් සුනිල සංග්‍රාමයේ විශ්වාසවන්ත සෙබළුන් වී සිටි.
ශ්‍රී දේවානන්ද විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම
සචිඳු උද්දීපන (නායක), සොහාන් ද ලිවේරා (උප නායක), විකුම් උදාර, සමිත් මධුශාන්, කවිඳු රාජපක්ෂ, චමිඳු අනුශ්ක, ප්‍රවීන් අනුශ්ක, සඳුන් දනංජය, බිවිඳු ජීවන්ක, අංජන කෞෂාන්, නිමේෂ් සත්සර, බුද්ධි එරන්දක, සසිඳු මධුශංක, දසුන් දනංජය, හේෂාන් මිලක්ෂ, පසිඳු දනංජය, චමිඳු අනුශ්ක, කවීෂ කල්පන
නිලධාරීන්; එස්. සූරියාරච්චි(විදුහල්පති) රෝහණ චන්ද්‍රකාන්ත ද සිල්වා (ක්‍රිකට් භාර ආචාර්ය) සුරාජ් සංජීව (ප්‍රධාන පුහුණුකරු) සාගර දනංජය (සහාය පුහුණුකරු)
ධර්මාශෝක විද්‍යාලය


කණ්ඩායමේ අනෙක් විශ්වාසතම පිතිකරුවන් වී ඇත්තේ රවිඳු රසාන්ත සහ සචින් සංගීත් ය. ඔවුන් දෙදෙනා පිළිවෙළින් ලකුණු 494ක් සහ ලකුණු 433ක් ලබා සිටී. ඊට අමතරව පසුගිය වසරේ නායක උෂාන් ඉමන්ත තුන් ඉරියව් ක්‍රීඩකයන් ලෙසින් මෙවර තරග වාරයේ දී ලකුණු 272ක් ලබා ගනිමින් කඩුලු 10ක් ලබා ගනිමින් දක්ෂතා දක්වා ඇත. කවිඳු නදීශාන් ලකුණු 243ක් වාර්තා කරමින් කඩුලු 33ක් ද දවා ගනිමින් කණ්ඩායමේ අවධානය දිනා සිටී. පිතිකරුවෙක් ලෙසින් ලකුණු 295ක් ලබා ගනිමින් චමිඳු ඩිල්ශාන් කණ්ඩායමේ ප්‍රමුඛයන් අතරට ඇතුලත් ව ඇත.
ධර්මාශෝක විද්‍යාලයීය ක්‍රිකට් කණ්ඩායම
නිමේෂ් මෙන්ඩිස් (නායක), දිනුක ඩිල්ශාන් (උප නායක), උෂාන් ඉමන්ත, රවිඳු රසාංජන, කවිඳු නදීශාන්, ලොහාන් ද සොයිසා, සචින් සංගීත්, චංක කරුණාරත්න, අකිල මෙන්ඩිස්, හසිත රාජපක්ෂ, චමිඳු ඩිල්ශාන්, මල්ශික මෙන්ඩිස්, සසිඳු මල්ශාන්, නවීන් රසාංග, අකිල ඩිල්ශාන් සහ අභීත අමෝද
නිලධාරීන්; හසිත කේ. වෙත්තමුණි (විදුහල්පති), සනත් සේනාරත්න (නියෝජ්‍ය විදුහල්පති- ක්‍රීඩා), විරාජ චමින්ද (ක්‍රීඩා ලේකම්), ටී. එච්. ඩර්වින් ප්‍රියංක (ක්‍රිකට් භාර ආචාර්ය), ඉසුරු වික්‍රමසිංහ (ප්‍රධාන පුහුණුකරු), ඩබ්ලිව්. තිලාන් ( සහාය පුහුණුකරු )
සන්නද්ධ වන සුනිල සංග්‍රාම භූමිය
51 වැනි සුනිල සංග්‍රාම භූමියේ ප්‍රධාන හේවායෙක් වීමට දෙපිළේම ක්‍රීඩකයෝ තම තමන්ගේ කඳවුරු ශක්තිමත් කිරීමට බලා සිටිද්දී දෙවිදුහල් හී ප්‍රජාවන් එකි කඩුලු පන්දු ගැටුමේ සොඳුරු නිමේෂයන් දැක බලා ගැනීමට සූදානම්ව සිටී. ජය පරාජය කවුරුන් වූව ද අම්බලන්ගොඩ සුනිල සොහොයුරු සංග්‍රාමය දැඩි තරගකාරීත්වයක් උසුලනු ඇතැයි කාගෙත් විශ්වාසයයි. එකී විශ්වාසය සමඟින් තරග බිමට පිවිසෙන අම්බලන්ගොඩ සුනිල සංග්‍රාම සහෘදයන්ට ThePapare.com වෙතින් උණුසුම් සුබ පැතුම් ගෙන එමු.
අම්බලන්ගොඩ සිට කාත් කවුරුත් නැති ප්‍රදේශයකට පැමිණ දක්වන ඔවුන්ගේ දක්ෂතා ලොව පුරා විකාශය කිරීමට Dialog TV නාලිකා අංක 1 සහ My TV සූදානමින් සිටින්නේ ThePapare.com හී සුවිශේෂී දායකත්වයෙනි. ශ්‍රී ලංකා වෙබ් අවකාශයේ අංක එකේ ක්‍රීඩා වෙබ් අඩවිය සමඟ එක් වෙමින් මේ සොඳුරු අවස්ථාවන් ග්‍රහණය කර ගන්නා ලෙස ඔබට ආරාධනා කරමු.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















