අමාශාට මැලේසියාවේ දී වටිනා ජයක්!

190
Malaysian Open Athletic Championship 2025

ශ්‍රී ලංකා කෙටි දුර ධාවන ශූරී අමාශා ද සිල්වා විසින් ඊයේ (29) දිනයේ මැලේසියාවේ දී විශේෂ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

මැලේසියානු විවෘත මලල ක්‍රීඩා තරගාවලියේ කාන්තා මීටර් 100 ඉසව්ව නියෝජනය කළ අමාශා විසින් සිය ඉසව්වෙන් තත්පර 11.80ක කාලයක් වාර්තා කිරීමට සමත් වුනා.

එම ඉසව්ව නියෝජනය කළ මැලේසියානු ක්‍රීඩිකාවක් තත්පර 11.70ක කාලයක් සමඟ පළමු ස්ථානයට පත් වීමට සමත් වුනා. ඇයට පමණක් දෙවැනි වූ අමාශා විසින් දෙවැනි ස්ථානයට පත් වූ අතර, එහි තෙවැනි ස්ථානය ද තවත් මැලේසියානු ක්‍රීඩිකාවට හිමි වුනා.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර දක්ෂතා වඩාත් ඉහළින් කැපී පෙනෙන කාල වකවානුවක අමාශාගේ මෙම දක්ෂතාව ද එයට තවත් වටිනාකමක් එක් කරනු ඇති.

දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

<<තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න>>