2027 AFC ආසියානු කුසලාන පාපන්දු තරගාවලියට සුදුසුකම් ලබා ගැනීම වෙනුවෙන් පැවැත්වෙන තරග අතුරින් තවත් තරගයක් ඊයේ (14) ශ්රී ලංකාව සහ තුර්කිමෙනිස්තානය අතර ක්රියාත්මක වුනා.
දෙරට අතර පැවැත්වෙන දෙවැනි තරගය මෙය වූ අතර, පළමු තරගයෙන් ගෝල 1-0ක විශිෂ්ට ජයක් ලබා ගැනීමට ශ්රී ලංකාවට හැකියාව ලැබුණා. එම තරගය ශ්රී ලංකාවේ දී පැවැත්වුණු අතර, ඊයේ තරගය තුර්කිමෙනිස්තානයේ දී පැවැත්වුනා.
මෙම තරගයේ පළමු අර්ධය තුළ දෙපිළෙන් ම ගෝල වාර්තා නොවුනු අතර, දෙපිළම තම ජය වෙනුවෙන් උරෙන් උර ගැටෙමින් තරග වැදුණා.
- SAFF U20 තරගාවලිය සඳහා ශ්රී ලංකා පාපන්දු සංචිතය නම් කරයි
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
කෙසේ වෙතත් තරගයේ දෙවැනි අර්ධ ආරම්භ වීමත් සමඟ තරගයේ වැඩි වාසි තමන් සතු කර ගැනීමට තුර්කිමෙනිස්තානයට හැකි වුනා.
තරගයේ වාර්තා වූ පළමු ගෝලය ලෙස 52 මිනිත්තුවේ දී E. Tagaýew තුර්කිමෙනිස්තානය වෙනුවෙන් සාර්ථක වූ අතර, තරගයේ 57 වැනි මිනිත්තුවේ දී M. Saparow විසින් තම කණ්ඩායම වෙනුවෙන් දෙවැනි ගෝලයත් වාර්තා කළා.
කෙසේ වෙතත් ශ්රී ලංකා ක්රීඩකයින් නැවත තරගයට අවතීර්ණ වීමේ අභිප්රායෙන් තරග වැදුණු අතර, ඩිලෝන් ද සිල්වාගෙන් එල්ල වූ පීඩනය හමුවේ තුර්කිමෙනිස්තාන ක්රීඩක A. Guychmyrat විසින් Own Goal එකක් වාර්තා කරමින් තරගයේ ලකුණු තත්වය 2-1ක් බවට පත් කළා.
නමුත් ඉන් පසුව දෙපිළෙන් ම වෙනත් ගෝල වාර්තා නොවීම නිසා තරගය 2-1ක් මට්ටමින් ම අවසන් වුනා.
මේ අනුව මෙම තරග නිමාවත් සමඟ මෙම තරගාවලියේ D කාණ්ඩය යටතේ තරග වදින ශ්රී ලංකාව තරග 4ක් ක්රීඩා කරමින්, ජයග්රහණ දෙකක් සහ පරාජයන් දෙකක් සමඟ ලකුණු හයක් ලබමින් තෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා.
දිනෙන් දින උණුසුම් වන පාපන්දු පිටියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්රී ලංකාවේ අංක එකේ ක්රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න<<






















