Lemonade Sixes කුසලානය වේල්ස් කුමරුවන්ට

Elephant House Lemonade Sixes

3
cricket

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය 175 වැනි සංවත්සරයට සමගාමීව පැවැති Elephant House Lemonade කුසලාන සය සාමාජික ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට වේල්ස් කුමාර විද්‍යාලය සමත් වූවා.

පසුගියදා (05) ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයීය පිටියේ දී අවසන් වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ ප්‍රතිවාදීන් වෙමින් තරගාවලියේ අනුශූරතාවට හිමිකම් කීවේ කොළඹ රාජකීය විද්‍යාලයයි.

මෙම තරගාවලිය සඳහා දිවයිනේ පාසල් 16ක කණ්ඩායම් සහභාගී වුණා.

මේ අතර පැවැති Plate තරගාවලියේ ශූරතාව කොළඹ, සාන්ත ජෝසප් විද්‍යාලය පරාජය කළ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය සතු වූවා.

Cup කුසලාන, 1 වැනි Cup අර්ධ අවසන් පූර්ව තරගය

  • කොළඹ, රාජකීය විද්‍යාලය – කඩුලු 4ක් දැවී 66 (5.0) දුශේන් උඩුවෙල 31, මහිරු කොඩිතුවක්කු නොදැවී 10, බෙවින් ජයවර්ධන 2/09
  • ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලය – කඩුලු 5ක් දැවී 42 (3.3) බෙවින් ජයවර්ධන 15, හිරුන් මතීශ 2/07, තෙවිඳු වේවැල්වල 2/14

කොළඹ, රාජකීය විද්‍යාලයට ලකුණු 24ක ජයක්.

Cup කුසලාන, 2 වැනි Cup අර්ධ අවසන් පූර්ව තරගය

  • මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය – කඩුලු 3ක් දැවී 99 (5.0) මතීෂ අපෝන්සු 38, නෙතුල් අනුහස් නොදැවී 28, රශාන් විජේරත්න 2/14
  • කොළඹ, ආනන්ද විද්‍යාලය – කඩුලු 5ක් දැවී 32 (2.5) ඔවින් පෙරේරා 15, මතීෂ අපෝන්සු 2/07, ශෙහාන් අශේන් 2/11

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ලකුණු 67ක ජයක්.

Cup කුසලාන, 3 වැනි අර්ධ අවසන් පූර්ව තරගය

  • ගාල්ල, මහින්ද විද්‍යාලය – කඩුලු 2ක් දැවී 92 (5.0) දුල්සිත් දර්ශන නොදැවී 57, සෙහස් අශිංස 24, මිහිල ජයවීර 1/16
  • කොටහේන, සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කඩුල්ලක් දැවී 93 (4.0) ලිතික ජයසුන්දර නොදැවී 36, මාරියෝ ප්‍රනාන්දු නොදැවී 30, කවීෂ ගිත්මාල් 1/15

කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලයට කඩුලු 4ක ජයක්.

Cup කුසලාන, 4 වැනි අර්ධ අවසන් පූර්ව තරගය

  • කොළඹ, වෙස්ලි විද්‍යාලය – කඩුලු 4ක් දැවී 72 (5.0) ගයුක ප්‍රනාන්දු නොදැවී 24, චරණ මාලිම්බඩ නොදැවී 14, සනිතු ගුණතිලක 2/06
  • සාන්ත අන්තෝනි විද්‍යාලය – කිසිවෙක් නොදැවී 56 (5.0) කෞෂික කුමාරසිංහ නොදැවී 45, සිසල් හේමක නොදැවී 11

කොළඹ, වෙස්ලි විද්‍යාලයට ලකුණු 16ක ජයක්.

Cup කුසලාන, 1 වැනි අවසන් පූර්ව තරගය

  • කොටහේන සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – කඩුලු 3ක් දැවී 69 (5.0) ටෙහාන් බීටර් 37, හිමරු දේශාන් 1/03
  • කොළඹ රාජකීය විද්‍යාලය – කඩුලු 2ක් දැවී 70 (4.0) හිරුන් මතීෂ 24, රෙහාන් පීරිස් 20, විහඟ රත්නායක 1/17

කොළඹ රාජකීය විද්‍යාලයට කඩුලු 3ක ජයක්.

Cup කුසලාන, 2 වැනි අවසන් පූර්ව තරගය

  • මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය – කඩුල්ලක් දැවී 86 (5.0) පලිගු පෙරේරා නොදැවී 50, නෙතුල් අනුහස් නොදැවී 18, ලිත්ම පෙරේරා 1/17
  • කොළඹ වෙස්ලි විද්‍යාලය – කඩුලු 3ක් දැවී 86 (5.0) කවිඳු නිම්සර 39, සෙනුර ලක්ශාන් නොදැවී 29, ඔජස් ශන්කර් 1/06

තරගයේ විසඳුමක් නෑ.

සුපිරි පන්දු වාරය

  • කොළඹ වෙස්ලි විද්‍යාලය – කඩුල්ලක් දැවී 18 (1.0)
  • මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය – කිසිවෙක් නොදැවී 19 (0.4)

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට සුපිරි පන්දු වාරයේ ජය

 Cup කුසලාන, අවසන් මහා තරගය

  • මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය – කඩුල්ලක් දැවී 94 (5.0) මතීෂ අපෝන්සු නොදැවී 48, නෙතුල් අනුහස් නොදැවී 24, හිරුන් මතීෂ 1/09
  • කොළඹ, රාජකීය විද්‍යාලය – කිසිවෙක් නොදැවී 73 (5.0) රෙහාන් පීරිස් නොදැවී 51, හිරුන් මතීෂ 15

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයට ලකුණු 21ක් ජයක්.

Plate තරගාවලිය, 1 වැනි අවසන් පූර්ව තරගය

  • කොළඹ, සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුලු 3ක් දැවී 79 (5.0) අවීෂ සමාශ් 31, නුශාන් පෙරේරා නොදැවී 20, රසඳු සිල්වා 1/11
  • කොළඹ, නාලන්දා විද්‍යාලය – කඩුලු 4ක් දැවී 68 (5.0) නෙමිඳු අක්මීමන 32, රුසඳු සිල්වා නොදැවී 13, චේතන කාවින්ද 1/10

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලයට ලකුණු 11ක ජයක්.

Plate තරගාවලිය, 2 වැනි අවසන් පූර්ව තරගය

  • ගල්කිස්ස, සාන්ත තෝමස් විද්‍යාලය – කඩුලු 2ක් දැවී 83 (5.0) රෙශෝන් සොලමන්ස් නොදැවී 45, ස්ටෙවෝන් පීරිස් 14, ජේනේ අමරවීර 14, පිවනේස්වරන් කිශාන්ත් 2/14
  • යාපනය සාන්ත ජෝන්ස් විද්‍යාලය – කඩුලු 4ක් දැවී 68 (5.0) කිරුබාකරන් සන්ජුතන් නොදැවී 38, පිවනේස්වරන් කිසාන්ත් 20, ජේඩන් අමරවීර 2/06, ආරොන් ද සිල්වා 2/07

ගල්කිස්ස, සාන්ත තොමස් විද්‍යාලයට ලකුණු 15ක ජයක්.

 Plate තරගාවලිය, අවසන් මහා තරගය

  • කොළඹ, සාන්ත ජෝසප් විද්‍යාලය – කඩුල්ලක් දැවී 81 (5.0) යෙනුල නොදැවී 49, අවීෂ සමාශ් 22, ජේඩන් අමරවීර 1/13
  • ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය – කිසිවෙක් නොදැවී 82 (4.4) රෙශෝන් සොලමන්ස් නොදැවී 69, ජේසන් අමරවීර නොදැවී 13

ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලයට කඩුලු 5ක ජයක්.

 දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<