2026 Diamond League මලල ක්‍රීඩා තරගාවලියේ මොරොක්කෝවේ Rabat හි පැවැත්වුණු තරග අදියරේ දී ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සිය මංගල Diamond League තරග අත්දැකීම ලැබීමට අද (01) අලුයම සමත් වුනා.
මෙම තරගය මෙවර තරගාවලියේ තෙවැනි තරග අදියර ලෙස සටහන් වූ අතර, මෙහි දී පැවැත්වුණු පිරිමි හෙල්ල විසි කිරීම ඉසව්ව සඳහා සහභාගී වූ ලෝ පතල සුපිරි තරු ලෙස Anderson Peters, Thomas Rohler, Keshorn Walcott, Julius Yego, Jakub Vadlejch හඳුන්වා දිය හැකි. ඒ අතරට එක් වූ රුමේෂ් තරංග විසින් අද දිනයේ දී කැපී පෙනෙන දක්ෂතා දැක්වීමට සමත් වීම සුවිශේෂී කරුණක්.
රුමේෂ් විසින් සිය පළමු උත්සාහයෙන් ම මීටර් 85.97ක දුරක් හෙල්ල විසි කිරීමට සමත් වූ අතර, ඉන් අනතුරුව ඔහු විසින් පිළිවලින් මීටර් 81.22, 82.44, 82.33ක් ලෙස දක්ෂතා දැක්වීමට සමත් වුනා.
ඉසව්වේ සිව්වැනි වටය ආරම්භ වන තෙක් ම රුමේෂ් තරගයේ පළමු ස්ථානයේ රැඳී සිටි නමුත්, සිව්වැනි තරග වටයේ දී ග්‍රෙනේඩාවේ Anderson Peters විසින් මීටර් 86.08ක දුරක් හෙල්ලය විසි කිරීමට සමත් වීමත් සමඟ රුමේෂ් දෙවැනි ස්ථානය දක්වා ඇද වැටුණා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්‍රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්‍රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
කෙසේ වෙතත් තරගයේ අවසන් සහ හය වැනි තරග වටය වෙනුවෙන් රුමේෂ්, Peters සහ ට්‍රිනිඩැඩ් සහ ටොබෑගෝ දේශයේ Keshron Walcott තිදෙනා සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.
මේ අතුරින් Peters දෙවරක් හෙල්ල විසි කිරීම ඉසව්වේ ලෝක ශූරයා වීමට සමත් වී ඇති අතර, Walcott ඔලිම්පික් රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වුනා.
ඉසව්වේ අවසන් අවස්ථාවේ දී රුමේෂ් විසින් මීටර් 83.69ක දක්ෂතාවක් දැක්වීමට සමත් වූ අතර, එම අවස්ථාව ලද ක්‍රීඩකයින් තිදෙනා අතරින් එය හොඳම දක්ෂතාව ලෙස ද සටහන් වුනා. කෙසේ වෙතත් Anderson Peters විසින් පෙර දැක් වූ මීටර් 86.08ක දක්ෂතාව නිසා ඔහුට ඉසව්වේ ජය හිමි වුනා. රුමේෂ් Peters ගේ දක්ෂතාවට වඩා සෙන්ටි මීටර 11ක් පිටුපසින් සිටිමින් දෙවැනි ස්ථානය හිමි කර ගැනීමට සමත් වුනා.
මීළඟ Diamond League තරග අදියර එළඹෙන බ්‍රහස්පතින්දා (04) රෝමයේ දී පැවැත්වීමට නියමිත අතර, මෙහි දී නැවතත් රුමේෂ් තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා. එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 10.40ට ආරම්භ වීමට නියමිතයි.
එම තරග ඉසව්ව පිළිබව ද සවිස්තරාත්මක තතු විත්ති ඔබ හමුවේ තැබීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<





















