Major Club සුපිරි 8 වටයේ තරග අද සිට

Major Club 03 Day League Tournament 2025

7
Major Clubs 3 Day Super 8 Tournament 2025/26

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග අද (6) සිට ආරම්භ වීමට නියමිතයි.

තරග කාලසටහන

මාර්තු මස 6 – 8

  • Police SC සහ BRC අතර තරගය කොළඹ CCC පිටියේ දී.
  • CCC සහ NCC අතර තරගය කොළඹ Colts පිටියේ දී.
  • Colts CC සහ Moors SC අතර තරගය මග්ගොන Surrey ක්‍රීඩාංගණයේ දී.
  • Bloomfield C & AC සහ ACE Capital CC අතර තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී.

මාර්තු මස 13 – 15

  • NCC සහ Police SC අතර තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • BRC සහ CCC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • ACE Capital CC සහ Colts CC අතර තරගය කොළඹ CCC පිටියේ දී.
  • Moors SC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ Colts පිටියේ දී.

මාර්තු මස 20 – 22

  • Police SC සහ Moors SC අතර තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.
  • CCC සහ ACE Capital CC අතර තරගය කොළඹ Colts පිටියේ දී.
  • Colts CC සහ BRC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී.
  • Bloomfield C & AC සහ NCC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

මාර්තු මස 27 – 29

මෙම වටය සඳහා පෙර පැවැති තරගාවලියේ පළමු වටයේ දී  A කාණ්ඩය නියෝජනය කරමින් Police SC, CCC, Colts CC සහ Bloomfield C & AC කණ්ඩායම් ද B කාණ්ඩය නියෝජනය කරමින් ACE Capital CC, Moors SC, NCC සහ BRC  කණ්ඩායම් සුදුසුකම් ලබා සිටිනවා.

මේ එක් එක් කණ්ඩායමක් මෙම වටයට එක් වෙන්නේ තරගාවලියේ පළමු වටයේ දී තම කාණ්ඩයෙන් සුපිරි 8 වටයට පිවිසි කණ්ඩායම් හා සමඟ පැවැති තරගවල ප්‍රසාද ලකුණු ද සමඟිනුයි.

ඒ අනුව සුසැදි ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානය Moors SC කණ්ඩායම සතු වෙන අතර මෙම තරග නිමාවේ දී වැඩිම ප්‍රසාද ලකුණු ලබා ගන්නා කණ්ඩායම තරගාවලියේ ශූරයන් බවට පත් වෙනවා.

සුපිරි 8 වටයට සූදානම් වන කණ්ඩායම්වල ප්‍රසාද ලකුණු පුවරුව

  Teams Mat Won Lost Tied Drown NR Points
1 Moors SC 3 1 0 0 2 0 31.75
2 ACE Capital CC 3 1 1 0 1 0 25.605
3 CCC 3 0 0 0 3 0 25.125
4 Bloomfield C & AC 3 1 0 0 2 0 23.605
5 NCC 3 0 0 0 3 0 20.405
6 BRC 3 0 1 0 2 0 19.44
7 Police SC 3 0 1 0 2 0 19.295
8 Colts CC 3 0 0 0 3 0 19.19

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<