දිමන්ත සහ ශාරද දක්ෂතා දක්වයි

U19 School Cricket 2026

2

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (5) පැවැති අතර එහි දී ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක්වීමට දිමන්ත මහවිතානගේ සමත් වූ අතර පන්දු යැවීමේ දී ශාරද ජයරත්න දිනයේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.  

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය නියෝජනය කළ දිමන්ත මහවිතාන දිනයේ කැපී පෙණෙන පිතිකරු බවට පත් වුණා. ඔහු කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයට එරෙහි ව පන්දු 144කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 114ක් ලබා ගන්නවා.  

ඔහුට අමතර ව කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයේ සිත්රු ගුණරත්න (නොදැවී 82) සහ ශනාල් බිනුක්ශ (නොදැවී 52), කොළඹ මහානාම විද්‍යාලයේ සිනෙත් වීරරත්න (59), සාන්ත ජෝශප් විද්‍යාලයේ අවීශ සමාශ් (නොදැවී 53)දුල්නිත් සිගේරා (74) සහ එශාන් විතානගේ (නොදැවී 71) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.  

මේ අතර කොළඹ ආනන්ද විද්‍යාලයේ ශාරද ජයරත්න ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහි ව ලකුණු 66කට කඩුලු 6ක් දවා ගනිමින් දිනයේ හොඳම පන්දු යැවිම වාර්තා කළා.  

ඔහුට අමතර ව මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන කනිල්ක ඇන්තනී (5/73) සහ මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයේ වමතින් දඟ පන්දු යවන නෙතුල් අනුහස් (5/122) පන්දු යවන්නන් අතර කැපී පෙණන පිතිකරු බවට පත් වුණා.  

මේ අතර අද (20) අවසන් වූ තරගවල දි කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර අනෙක් සෑම තරගයක් ම අද පළමු දිනයට නිමා වූවා.   

අද (20) නිමා වූ තරගය 

කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර තරගය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලයීය පිටියේ දී. (Traditional) 

කාසියේ වාසිය – ඩී. එස්. සේනානායක විද්‍යාලය 

  • ඩී. එස්. සේනානායකවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 214 (58.5) මයුර බණ්ඩාර 22, චනුල් අතලේ 43, ශෙවාන් වෙල්ගම 27, හමීඩ් අෆ්ඩාල් නොදැවී 35, චනිරු සේනාරත්න 3/70, කනිල්ක ඇන්තනී 3,67, දිනාල් ප්‍රනාන්දු 2/15 
  • ත්‍රිත්වවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 209 (50.4) දිමන්ත මහවිතාන 114, මහේන්ද්‍ර අබේසිංහ 22, ආදම් හිල්මි 27, චිතුම් බද්දගේ 2/25, බාසුරු ජයසේන 2/42 
  • ඩී. එස්. සේනානායක විද්‍යාලය- දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 206 (55.0) සිත්රු ගුණරත්න නොදැවී 82, මියුරු බණ්ඩාර 48, ශනාල් බිනුක්ශ නොදැවී 52, කනිල්ක ඇන්තනී 5/73 

තරගයේ විසඳුමක් නෑ. 

අද (20) ආරම්භ වූ තරගවල කෙටි ලකුණු සටහන් 

මොරටුව වේල්ස් කුමාර විද්‍යාලය සහ කොළඹ මහානාම විද්‍යාලය අතර තරගය මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේ දි. (Tier A) 

කාසියේ වාසිය – මහානාම විද්‍යාලය 

  • මහානාමවිද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 350 (77.0) සිනෙත් වීරරත්න 59, දුල්නිත් සිගේරා 74, වෙනුර කවීත්‍ර 26, චාමික හීනටිගල 36, එශාන් විතානගේ නොදැවී 71, තවිරු පෙරේරා 28, නෙතුල් අනුහස් 5/122, මතීෂ අපෝන්සු 2/54 

මරදාන සාන්ත ජෝශප් විද්‍යාලය සහ කොළඹ වෙස්ලි විද්‍යාලය අතර තරගය මරදාන සාන්ත ජෝශප් විද්‍යාලයීය පිටියේ දී. (Traditional) 

කාසියේ වාසිය – වෙස්ලි විද්‍යාලය 

  • වෙස්ලිවිද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 161 (44.4) ශම්මා ප්‍රනාන්දු 22, රශීඩ් නායන් 39, සෙහඳු අතාවුද 20, රශ්මික අමරරත්න 24, නුශාන් පෙරේරා 4/21, මිනොෂ් ද සිල්වා 2/28, විග්නේශ්වරන් ආකාශ් 3/36 
  • සාන්ත ජෝශප් විද්‍යාලය – පළමු ඉනිම කිසිවෙක්නොදැවී 74 (12.1) අවීශ සමාශ් නොදැවී 53 

සාන්ත ජෝශප් විද්‍යාලය ලකුණු 87ක් පිටුපසින්. 

කොළඹ ආනන්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර තරගය කොළඹ ආනන්ද විද්‍යාලයීය පිටියේ දී. (Traditional) 

කාසියේ වාසිය – රිච්මන්ඩ් විද්‍යාලය 

  • රිච්මන්ඩ්විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවී 168 (56.0) රිසිනු රූපසිංහ 40, සෙනුක් දුල්නෙත් 38, දහම් මෙන්ඩිස් 24, මිනග ආරියදාස නොදැවී 24, ශාරද ජයරත්න 6/66, කිත්ම විතානපතිරණ 4/44 
  • ආනන්දවිද්‍යාලය – පළමු ඉනිම කඩුලු 3ක් දැවී 37 (8.4) හිමිර කුඩාගම 22, විහඟ මිහිරංග 2/19 

ආනන්ද විද්‍යාලය ලකුණු 131ක් පිටුපසින්.  

අද ආරම්භ වූ මෙම තරග හෙට (21) 2 වැනි සහ අවසන් දිනයටත් ක්‍රියාත්මකයි.  

අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<